විශ්ව විද්‍යාලවල පවතින සිසු පුරප්පාඩු වහා සම්පූර්ණ කරන ලෙසත්, පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (25) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පාගමනින් පැමිණියේය.
පැය දෙක හමාරකට ආසන්න කාලයක් කොමිසම ඉදිරිපිට රැස්වී උද්ඝෝෂණයේ යෙදුණු සිසුහු පසුව අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු සමග සාකච්ඡාවක් පැවැත්වූහ.
ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගන්නා බවට රාජ්‍ය ඇමැතිවරයා සිසුනට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කැරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් උගත් ළමයි රංචුවක්ද? මේ වැඩි පහසු කම් ඉල්ලන්නේ තමන් ගේම අම්මගෙන් තාත්තාගෙන් නේද? මොකද ගුරුගේ ටියුසන් සල්ලිවලින් මේවා කොරයිද? (අ)
පවු තෙමි තෙමී කඩේ යනව. පිටරටවල නං අමාරුවෙන් පාර්ට් ටයිම් ජොබ් කර කර ඉගෙනගන්නෙ. අපේ රටේ නොමෙිලේ උගන්වල, ඉගෙනගන්නවටත් සල්ලි දීල. තවත් බංකොලොත් දේශපාලන කණ්ඩායම් වලට කඩේ යනව (අ)
නැන්දේ ,මාමේ ඔය ගොල්ලො හරිම තරහයි (බ)
සිසුනි මහපාරේ රස්තියාදු නොවී, උසස් අධ්‍යාපන ඇමතිගේ ඡන්ද පදනම විනාශ කරන්න උත්සාහ ගන්න. ඉල්ලන කොයිකත් ඉක්මනට ලැබෙයි එතකොට.(හේ)
ඇත්තෙන්ම මේ ඉන්නේ උගත්තුද? ශබ්ද නඟා නලා පාවිච්චි කරන්න එපා කියලා පුවරු ගහලා තියෙනවා. ඒත් ස්පීකර් ගහගෙන කෑගහනවා. (නි)
වෙනත් රටවල් වල සිසුන් පහසුකම් ඉල්ලන්නේ ඒවට මුදල් ගෙවන නිසා. ඒ වුණත් මෙහෙ, අපේ බදුමුදල් වලින් තමයි වැඩි පහසුකම් ඉල්ලන්නේ. දැන් ඔය තිබෙන විදියට ඉගෙනගන්න කැමති අයට අවස්ථාවක් දුන්නොත් නරකද? (නි)
මේ ළමයින් අපේ රටේ ඉදිරි අනාගතය.මේ නිසාවත් මේ දරුවන් දෙස බලන්න.(හේ)
මේගොල්ලෝ ඉගෙන ගන්නවට වඩා, පසුපසින් සිටින බංකොලොත් දේශපාලකයන්ට කඩේ යෑමක් කරන්නේ. අනේ දුප්පත් දෙමව්පියන්ගේ දහඩිය මහන්සිය සහ බලාපොරොත්තු? (නි)
අද දවසෙවත් මෙහෙම නාගන්නකෝ (නි)
ලංකාවේ පින තමයි. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි තමයි උගන්වන්න වියදම් කරන්නේ. මොවුන්ට තියෙන්නේ ඉගෙනගන්න ගියා නම් ඉගෙනගන්න. තව කෙනෙක්ගේ අවස්ථාව නැතිවෙනවා කල්යවන එකෙන්. පෙළපාලි යන්න රට හදන්න කලින් ඉගෙනගෙන ඉන්න. මෙහෙම විකාර තියෙන්නේ ලංකාවේ විතරයි. (නි)
මේ රබර් සෙරෙප්පු හමුදාවට විශ්ව විද්‍යාලය ඇතුළේ මොකටද පහසුකම්? හැමදාමත් ඉන්නේ මහ පාරෙනේ. (නි)
අනේ මල්ලි, නංගි, මේ වගේ දේවල් කරලා ඔයාලගේ කාලය කා දමන්න එපා. ඉක්මනින් උපාධිය අරගෙන පිටවෙලා රටට වැඩක් කරන්න. බොරුවට දේශපාලනය කරලා වළේ වැටෙන්න එපා. ඔය සටන් පාඨ කියපු හැමෝම දැන් ලොකු ලොක්කෝ. ඒගොල්ලන්ට දැන් ඒවා මතක නැහැ. මමත් ඔය බොරු වැඩ වලට අහුවෙලා තාමත් දුක් විඳිනවා (නි)
පහසුකම් හිතාගන්න පුළුවන් වේවි මේගොල්ලන්ට දියුණු රටවල ළමයින් අර්ධකාලීන කම්කරු රැකියා කර සල්ලි සොයන ගමන් ඉගෙනගන්න හැටි දැක්කා නම්. රස්සාව පරස්තාව ඉඳලා ඔක්කොම දේවල් වලට අනෙක් මිනිස්සු කරගහන්න ඕනෑ (නි)
මේ දුප්පත් රටේ අඩුපාඩු නැත්තේ කාටද මල්ලි? උපාධිය ගැටගහගෙන රැකියාවක් හොයාගන්න (නි)
ඕනෑම විරෝධතාවයක් කරන්න, හැබැයි අනුන්ට කරදරයක් නොවෙන විදියට. (නි)
මේ අයගෙන් කී දෙනාද උනන්දු වෙන්නේ නව දැනුම ලබාගෙන දැනුමෙන් සන්නද්ද වෙන්න? කොරියන් භාෂාව ඉගෙනගෙන අද කොරියාවට යන උපාධි නොලත් තරුණයින් සමඟ මේ අයට තරඟකළ හැකිද? විශ්ව විද්‍යාල පාලකයින්ගෙන් ඔන්න ඕවා ඉල්ලලයි උද්ඝෝෂණය කරන්න ඕනෑ. (නි)
දුක තමයි ළමයිනේ.(හේ)
උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන්න නොතේරුන එක දරුවෙකුගේ හෝ දෙමාපියකු මෙතන කොමේන්ට්ස් කරලා නැහැ. (ර)
උඩ ඉන්න නැන්දලා මාමල හිතන්නෙ ඉගෙන ගැනීම අමාරුවෙන් කරන්න ඕන දෙයක් රස්සාවක් හම්බවුනොත් කරන්න ඕන දෙයක් කියලා.. නැන්දෙ මාමෙ ඉගෙන ගැනීම අයිතියක්. රැකියාව අයිතියක්..ඔයාලට නොතේරුනාට පීඩිත වාටියෙ ඉන්න මිනිසුන්ට එම වහල් පීඩිතභාවයෙන් මිදෙන්න තමයි නිදහස් අධ්‍යාපනය තියෙන්නෙ..(බ)
හොයාගත් රත්‍රන් අශ්වයෝ විකුණලා ඉල්ලීම් දෙන්න කියමු (නි)
නිදහස් අධ්‍යාපනයේ අගය දන්නේ නැතුව මේ ගොල්ලෝ පිස්සු නටනවා. කවදාවත් ඉවර වෙන්නේ නැති ඉල්ලීම් මේගොල්ලන්ට තියෙන්නේ. අරගලයක් ඇත්තෙම නැත්නම්ද මේගොල්ලෝ දේශන වලට යන්නේ? ලෝකයේ කිසිම රටක තියෙනවද සියලුම පුරප්පාඩු සම්පුර්ණ කළ විශ්ව විද්‍යාල? (නි)
මේ අය හැමදාම පාරට බැහැලා උද්ගෝෂණ කරනවා ඉල්ලීම් වලට. ඒ උනත් කවදාවත් ඔය ඉල්ලීම කරන ඒවා ඉවර වෙන්නෙත් නැහැ, ඔය විකාර හින්ද මහජනතාවට යහතින් පාරේ යන්න, මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙවල් වලට යන්න ඉඩ තියන්නෙත් නැහැ. ඔයගොල්ලන්ගේ ඉල්ලීම් කවදාවත් ඉෂ්ටවෙන්නේ නැහැ මිනිස්සුන්ට කරදර වෙන විදියට පාරවල් අහුරන් ඔය වැඩේ කරනකන්. කරුණාකරලා ඉගෙනීමේ වැඩ හරියට කරලා රටට වැඩදායි පුරවැසියන් වෙන්න. පුද්ගලික අංශයේ, කම්කරු පන්තියේ, මද්යම පන්තියේ මිනිස්සුන්ට මීට වඩා ප්‍රශ්න තියෙනවා. ඒවා යටකරගෙන දෙයියනේ කියලා ඒ මිනිස්සු ජීවතේ ගෙනියන්නේ. ඔය විකාර නවත්තලා ඉගෙනගන්න. (ර)