අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබා දී ඇත්තේ ඔවුන්ගේ ප්‍රචාරක කටයුත්තකට බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි.
එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියනුයේ රටේ ප්‍රබල චරිතයක් තම රෝහලෙන් ප්‍රතිකාර ගත් බව පවසමින් ප්‍රචාරණ කටයුතු කරගෙන යෑමට සෝභිත හිමියන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළුකරගෙන ඇති බවයි.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ඥාතියතු හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගේ මැදිහත්වීම මත සෝභිත හිමියන් එම රෝහලට ඇතුළත් කර ඇතැයි ද වීරසේකර පවසයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී සෝභිත හිමියන් අධීක්ෂණය කළ වෛද්‍යවරුන් කවුරුන්ද යන්න සහ ඒ හිමියන්ට දුන් ප්‍රතිකාර මොනවාද යන්න සෞඛ්‍ය ඇමැති සහ ගැමුණු විජේරත්න මහතා පිළිතුරු දිය යුතු යැයි ද අන්තරය කියයි.
මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කීවේ සෝභිත හිමියන් තම රෝහලට පැමිණියේ තමාගේ ආරාධනයෙන් බවයි.
වෛද්‍ය ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.
‘මාදුළුවාවේ සෝභිත හිමියන් අප රෝහලට පැමිණ ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති බව සමහරුන් කියනවා. මම වසර තිහක කාලයක පටන් සෝභිත හිමියන් දැන හඳුනනවා. අවස්ථා ගණනාවක දි සෝභිත හිමියන් අප රෝහලට පැමිණ ප‍්‍රතිකාර ගෙන තිබෙනවා. විශේෂයෙන් උන්වහන්සේ පැමිණෙන්නේ උන්වහන්සේගේ කායික වෛද්‍යවරයා සේවය කරන්නේ අප රෝහලේ නිසායි. සෝභිත හිමියන්ට කොළඹ සෙන්ට‍්‍රල් රෝහලේ දී සැත්කම සිදු කර දින කීපයක් එහි ගත කර පන්සල වෙත යාමට සිටියදී මම උන්වහන්සේට ආරාධනා කළා ටික දිනක් අප රෝහලේ සිට විවේක ගන්නට කියා. ඒ අනුව උන්වහන්සේ රෝහලට වැඩම කර නේවාසිකව සිටියා.
අප කළේ සැත්කම සිදුකළ රෝහලේ වෛද්‍යවරුන් නියම කර අකාරයට අවශ්‍ය බෙහෙත් ලබා දීම පමණයි. උන්වහන්සේ අප රෝහලට ඇතුලත් වනවිට බර තිබුණේ කිලෝ ග‍්‍රෑම් හැත්තෑ නවයයි . රෝහලෙන් පිට වනවිටත් බර තිබුණේ කිලෝ ග‍්‍රෑම් හත්තෑනවයි. යම් රෝගි තත්වයක් උන්වහන්සේට සෑදි තිබුණා නම් බර ප‍්‍රමාණය වෙනස් වෙනවා. එවැනි දෙයක් ඇති වුයේ නැහැ. අපට දන්වා තිබු දිනයට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමට අප රෝහලේ ගිලන් රථයකින් සැත්කම සිදු කළ රෝහලට රැගෙන ගියා. පසුව එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන මේ මස තුන්වැනිදා උන්වහන්සේව සිංගප්පුරුවට රැගෙන ගියා. අප රෝහලේ දි සෝභිත හිමියන්ට කිසිදු ආකාරයට නිවුමෝනියා තත්යක් අති වී තිබුණේ නැහැ. ඒ වාගේම අප රෝහල තුල විෂ බීජයක් ශරීර ගත වීමට හැකියාවක් නැහැ .
මාගේ ආරාධනයෙන් අප රෝහලේ නේවාසිකව සිටි සෝභිත හිමියන්ගෙන් කිසිදු මුදලක් අය කළේ නැහැ. ඇත්තටම මේ කරන්නට යන්නේ සෝභිත හිමියන් ඉස්සරහට දමාගෙන රෝහල් රෝහල් තරගකාරි තත්වය සමග අප රෝහලේ කීර්ති නාමය විනාශ කර දැමීමේ කටයුත්තක් පමණයි.‘‘
සෝභිත හිමියනට ප්‍රතිකාර කළ උන්වහන්සේගේ කායික වෛද්‍යවරයාගේ නම සහ සුදුසුකම් මොනවාදැයි මාධ්‍්‍යෙව්දීන් දිගින් දිගටම එම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රශ්න කළත් පිළිතුරු නොලැබිණි.
(ඡායාරූප හා වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප එම් හිරිපිටිය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා. (ර)
මේ ළමයින්ට ඉගෙනගන්න වෙලාවක් තිබෙනවද දන්නෙ නැහැ (නි)
ඇත්තටම අන්තරේ ළමයි 'ලෙක්චර්ස්' එහෙම යන්නෙම නැද්ද? අපේ බදු වලින් මහපොළ ලබමින් මාධ්‍ය සංදර්ශන කරන්න මේ ළමයින්ට වෙලාවක් තිබෙන එක පුදුමයි. (නි)
මෙයාලට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? (නි)
ඉගෙන ගන්න තියෙන වෙලාවේ පෙළපාලි ගියාම හරි යනවාද ? (ම)
ඒ ගොල්ල ඉතින් පොටවල් අල්ලන්න දක්ෂයිනේ. (ර)
මම හිතන්නේ හොඳම ප්‍රචාරය ලබාදෙන්නේ මේ ළමයි වෙන්න ඇති. මේ අන්තරේ ළමයින්ටත් වෙන වැඩක් නැද්ද මන්දා. වැරදිමයි පෙනෙන්නේ. මේ හැමදේම නිදහස් අධ්‍යාපනය නිසානේ. මේ ළමයින්ගේ දෙමවුපියන් මුදල් වලින් මෙයාලට ඉගැන්නුවා නම් මේ ළමයි පූස් පැටවූ වගේ ඉගෙනගෙන යයි (නි)
මොකක්හරි කොනක් අල්ලාගන්න තමයි මෙයාලටත් ඕනෑ. තේරෙන්නේ නැද්ද මේ නාස්ති කරන්නේ මොවුන්ගේ හොඳම කාලය කියලා. (නි)
ලංකාවේ පෞද්ගලික රෝහල් ගැන මට නම් කිසිම විශ්වාසයක් තියන්න බැහැ. (නි)
සෝම හාමුදුරුවෝ අපවත් වුණ වෙලාවෙත් මේ වගේම මතයක් රටේ ඇතිවුණා. නමුත් සොයා ගත් දෙයක් නැහැ. මේකත් ඒ වගේම තමයි (ම)
මේ ගොල්ලන්ට වෙන වැඩ නැද්ද.? (ර)
ඔය අන්තරයට බැනල තියන හැම දෙනාම පුද්ගලික විශ්ව විද්‍යාල වල යන අය හොදට හිතල බලන්ඩ හොයල බලන්ඩ ඒයාලා අධ්‍යාපන මට්ටම . සුවර් එකට කැම්පස් යන්ඩ බැරි වුණ අය තමයි අන්තරේට බනින්නේ . (ම)
අපරාදේ අන්තරේ අයටම කියල ඔපරේෂන් එක කරවන්න තිබුන කලින් දන්නවනම්..මේ හදන්නේ මාලබේ කැම්පස් එකට වෙලාව ආපු වෙලාවේ කොහොම හරි මේක කරකවන්න.සෝභිත හාමදුරුවන්ව විකුණලා හරි..අපි නොදන්නා අන්තරේ.....(බ)
මෙයාලත් හැම එකකටම බොරුවට කෑගහනවා (නි)
දැන් කෑගහලා වැඩක් නෑ සෝභිත හාමුදුරුවෝ අපවත්වෙලා ඉවරයිනේ ? (බ)
මේක නම් මම හිතන්නේ පුරුදු විදිහටම මඩ ගහන්න කරන වැඩක්. ඉගෙනගන්න එක පැත්තක තියලා එක එක්කෙනාට කඩේ යනවා. අනේ අපේ බදු සල්ලි! (නි)
රජයේ විශ්ව විද්‍යාල වල ළමුන්ට සැප වැඩිවීමයි මේකට හේතුව. මේ හැම ප්‍රශ්නයක් තුළින්ම අපි නැතිකරන්නේ මාලඹේ ඉගෙනගන්න ළමයි. ඔවුන් නිවැරදි ලෙස ඉගෙනගන්නවා නම්, අවශ්‍ය සුදුසුකම් සපුරා තිබේ නම් ඉක්මනින් සායනික පුහුණුව ලබාදීම රජයේ වගකීමක්. (නි)
අන්තරේ ඉන්න අයට මොනවා වෙලාද කියලා තේරෙන්නේ නැහැ (නි)
මේ ළමයි කියන විදියට මෙහි යම් සැකමුසු තැන් තිබෙනවා. මමත් පත්තරෙන් දැක්ක උන් වහන්සේ සුව වී රෝහලෙන් පිටවූ බව. අපි අදනේ දන්නේ තවත් රෝහලකටයි උන් වහන්සේ අරන් ගිහින් තියෙන්නේ කියලා. (ර)
පරීක්ෂණයක් කරන්න. මීට සම්බන්ධ සියළුම රෝහල් පරීක්ෂා කරන්න. (නි)
මේ අන්තරේ ළමයින්ට පිස්සුද මන්දා? (නි)
නිවැරදි පරීක්ෂණයක් කළොත්, වරදක් කොතනදී හරි වුණා නම්, හොයාගන්න අද ඕනෑතරම් දියුණු තාක්ෂණයක් තිබෙනවා. නමුත් මේවා මොනවා තිබුනත් ලංකාවේ උදවියගේ තාක්ෂණය ඊටවඩා දියුණු නිසා මේ මොන පරීක්ෂණ කළත් වැඩක් වෙන්නේ නැහැ. (නි)
අපේ රටේ මිනිස්සු හඳ පෙන්නුවාම බලන්නේ ඇඟිල්ල දිහා.. මේක කියන්නේ අන්තරේද කවුද කියන එක වැදගත් නෑ. මෙයාල කියන කාරණේ ඇත්ත නේද? වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අනිසි විපාක තමයි මේ. එද්දිත් හැත්තෑ නවයයි යද්දිත් හැත්තෑ නවයයි නිසා රෝහලේ වගකීමක් නෑ. මේ වගේ කතා ගොඩක් අපිට අනාගතයේ ඇහෙන්න ලැබෙයි.(ම)
මේක පුදුම ඊර්ෂ්‍යාවක්නේ. හැමදාම කොහෙන්හරි කතාවක් හොයාගන්නවා. (නි)
අන්තරේ අන්න කියලා හඳ පෙන්නද්දී මෝඩ මිනිස්සු ඇඟිල්ල දිහා බලනවා. මම නම් හිතන්නේ අන්තරේ නැත්නම් අපේ රටේ නිදහස් අධ්‍යාපනය ඉවරයි කියායි (නි)
දැන් මේ ප්‍රශ්නය කෙසේ විසඳෙයිද බලමු (නි)
මම නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හෝ වාමාංශික දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි. අන්තරේ කාට කඩේ ගියත් මට කමක් නැහැ. ඒත් එයාලා කියන කතාව ඇත්ත නේද? (නි)
විපුල , අපේ රටට අඩු නායකයෝ නෙමෙයි.. හොද නිර්මාණාත්මක තරුණ ව්‍යවසායකයන් පිරිසක්..(බ)
අනේ මන්දා මෙයාලත් මොකක්හරි ප්‍රශ්නයක් ඇදගන්නමයි බලන්නේ (නි)
අර කාටදෝ ඇති වැඩකුත් නැහැ.හෙමින් ගමනකුත් නැහැ කියනවනේ (බ)
මීට කලින් මාලඹේ රෝහලේදී මහරගම දරුවෙක් මිය ගියා. ඒ දරුවගෙ වාර්තා බලපු හැම ඩොක්ටර් කෙනෙක්ම කිව්වේ මොළේ උණට බෙහෙත් කරන්නේ කොහොමද කියලා ළමයින්ට උගන්වන්න ඩෙංගු හැදිච්ච දරුවා පාවිච්චි කරපු නිසා එයා මිය ගියා කියලා. හාමුදුරුවන්ට බෙහෙත් කරපු එක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා මුලින් කිව්වේ අන්තරේ නෙවෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා. එයා නෙවිල් ප්‍රනාන්දුගෙ වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දෙන්න සෑහෙන්න මහන්සි ගත්ත කෙනෙක්. (බ)
ඇතුල් වෙනකොටත් හැත්තෑ නවයයි පිටවෙනකොටත් හැත්තෑ නවයයි නම් මරණයට රෝහලේ වගකීමක් නෑ... වෛද්‍ය වරයෙක් නේද මේ කතාව කියන්නේ...? අධ්‍යාපනය පුද්ගලීකරණය කළොත් වෙන්නේ ඕක තමා...(බ)
බදු සල්ලි ගැන දුක් වෙන කට්ටිය ගැන නම් ඇත්තටම පවු. එයාලා ඇත්තටම එයාලා ආණ්ඩුවට ගෙවන බදු මුදල් ගැන කරදර වෙනවා නම් අන්තරේට කලින් මාධ්‍ය සාකච්ඡා තියන්න, පිකට් කරන්න ඕන එයාලා.(ම)
මේ වගේ සංවේදී විෂයයන් අනිවාර්යෙන්ම රජයේ අධීක්ෂණය යටතේ තිබිය යුතුමයි තව ටිකකාලයක් හෝ. (ර)
හරේන් නිකන් මෝඩ කතා කියන එපා. අනික කිසිම මුදල් අපේක්ෂාවෙන් වත් ප්‍රසිද්දියක් මතවත් නෙමෙයි මේක කරලා තියෙන්නේ. අන්තරේ අය කාගෙ හරි මතයකට කඩේ යනවා. (අ)
ඔබගේ උත්සාහය අපි අගය කරනවා. ඉදිරියටම යන්න (නි)
මගේ අදහස නම් මේකයි. මහ රෝහලේ දක්ෂ දොස්තර මහත්වරුන් ඉන්නවා. අවශ්‍ය පහසුකම් තිබෙනවා. රජයේ වගකීම තිබෙනවා. පුද්ගලික රෝහල්වල යමක් වුණාම ඔන්න ඔය වගේ පිළිතුරු තමයි ලැබෙන්නේ. අහිමිවුණ ජීවිතය ලැබෙන්නේ නැහැ. (නි)
මට මතක විදිහට නම් කිසිම පත්තරයක හෝ රූපවාහිනී නාලිකාවක සෝභිත හාමුදුරුවන්ට සැත්කම කළේ කුමන රෝහලෙන්ද කියලා කිවුවේ නැහැ. කිව්වේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා කියලා විතරයි. (නි)
විපුල, අපි ඇත්ත ඒ විදිහට දකින්න ඕනෑ, කුහකකම පැත්තක තියලා. (නි)
මෙම රෝහල් දෙකම පරීක්ෂාවට ලක් කළයුතු බව මගේ අදහසයි (නි)
රජයේ හෝ පෞද්ගලික රෝහලකින් නොමිලේ ප්‍රතිකාර ලබන්න ආරාධනයක් ලබන්න තියෙනවා නම් කොච්චර එකක්ද මේවාගේ බාරදුර අවස්ථාවකදී.අනික හිතවත් කමට කවුරු වුණත් කැමතියි නොමිලේ දෙන දෙමළ පත්තරය වුණත් කියවන්න.ඉතින් මේ ළමයින්ගේ ප්‍රශ්නවලට මෙවැනි දෑ ඈදා ගැනීම කාලෝචිත නැතිබවයි මගෙනම් වැටහීම.(ම)
මේ විශ්ව විද්‍යාලය කියල කියාගන්න තැනට උසස් පෙළවත් හරියට පාස් වෙච්ච නැති අයව සල්ලි වලට බඳවගන්නවා කියල ඔයාල දන්නවද? එහෙම කෙනෙක් ඔයාලට බේත් කරන්න ආවොත්? ඒකට කැමතිනම් මාලබේ ඕන කියල අපි හැමෝම පෙළිපාළි යමු..(බ)
රොෂාන් හරි. මෙයාල කාගේහරි කීමකට කඩේ යනවා තමයි. අන්තරේ එදා කළෙත් ඕක. අද කරන්නෙත් ඕක. හෙට කරන්නෙත් ඕකම තමා.මෙයාලව යොදවන බළල් අත තමයි හොයාගන්න ඕනෑ. (නි)
ඕක පැහැදිලිවම ඊර්ෂ්‍යාව කියලයි අපි නම් දකින්නේ (නි)
.." මාරයාගේ නවාතැන නොහොත් යක්ෂයාගේ ඉස්පිරිතාලය .." ගැනයි මේ උද්ගෝෂණය...(රේ)
මෙතන ප්‍රශ්නය රෝහල නෙවෙයි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය. අර මුලින් කවුද කිව්වා වගේ, විශ්ව විද්‍යාල අධාපනයට මුදලක් අයකළ යුතුයි. ලෝකයේ අනිත් දියුණු හෝ දියුණුවෙමින් පවතින රටවල තියෙන්නේ ඒකයි. (නි)
උපාලි ඔබ පවසන පරිදි ඉක්මනින් සායනික පුහුණුව ලබාදීම රජයේ වගකීමක් නොව, එය අදාල පෞද්ගලික ආයතනය සතු කාර්යයකි. සිසුන් ඒ සඳහා නියමිත පරිදි මුදල් ගෙවා ඇත්නම් ඔව්න්ගේ සුදුසුකම් කෙසේ වෙතත් පුහුණුව ලබා දීම එම පෞද්ගලික ආයතනයේ වගකීමකි. (ර)
මේ ගොඩක් අන්තරේට බනින අය පොඩ්ඩක් හිතන්න සමාජයේ කසුකුසු වක් තියනවා, අපේ හාමුදුරුවන්ට වුණ දේ ගැන, නමුත් කව්රුවත් කතාකරන්නේ නැ. අනික අපේ හාමුදුරුවන්ට මහේම දෙයක් වුණේ ප්‍රතිකාර වල සිදු වුණ වරදකින් කියල ගොඩ දෙනෙක් විස්වාස කරනවා, ඉතින් එකට හඬක් නගුවම මොකද වෙන්නේ, අමතක කරන්න එපා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ රටේ ජවය. එතනින තමයි රටට අවශ්‍ය නායකත්වය බිහිවෙන්න ඕන, අපේ හුඟ දෙනෙක් හිතන් ඉන්නේ ඉගන ගන්න එක විතරයි ශිෂ්‍යයා ගේ කර්යය කියල, (ම)