IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අන්තරේ දෙන්නා පාරෙ මළ හැටි සොයන්නලු

වසර තුනකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මිය ගියැයි කී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනාගේ මරණය සැක සහිත බැවින් යළි පරීක්ෂණ අරඹන්නැයි එම සංගමය අද රහස් පොලිසියට පැමිණිලි කළේය.

සංගමය වෙනුවෙන් එහි කැඳැවුම්කරු නජිත් ඉන්දික ඇතුළු පිරිසක් ද, නීතීඥ නුවන් බෝපගේ මහතා ද රහස් පොලිසියට පැමිණ සිටියහ.

කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍යයකු වූ සිසිත ප්‍රියංකර 2012 සැප්තැම්බර 27 වැනි දා මරුමුවට පත්වූහ.

මෙය මිනී මරුමක් බවට සැක කරන බවත්, මීට පෙර ආරක්ෂක අංශයේයැයි කියා ගන්නා පිරිසගෙන් තර්ජන තිබුණු බවත්, සිද්ධිය සිදුවූ දින රාත්‍රී තමන් නැවතී සිටි ගම්පහ නිවස අවට සැක කටයටුතු සැරි සැරූ බවත්, ශිෂ්‍යයන් පිටුපස ලුහු බැඳ තිබුණු බවත් අන්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කළ පැමිණිල්ලේ සඳහන්ය.

අන්තරේ සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි තැන සිට අනතුර සිදුවූ තැනට  යෑමට වැඩි වේලාවක් ගත නොවන බවත්, නමුත් මරණය සිදුවූවායැයි පොලිසිය පවසන වේලාව හා සිසුන් නවාතැනෙන් පිටවූ වේලාව අතර පරස්පරතාවක් ඇති බවත් අන්තරය සඳහන් කරයි.

මේ ගැන ලංකාදීප වෙබ් අඩවියේ මීට පෙර පළ වූ ලිපියක්  - http://www.lankadeepa.lk/index.php/articles/339820



අදහස් (0)

අන්තරේ දෙන්නා පාරෙ මළ හැටි සොයන්නලු

ගෞරියෙල් Monday, 24 August 2015 05:59 PM

බල්ලෝ බළල්ලු වගේ මෙහෙමත් මිනිස්සු මරන රටක් තවත් ලෝකයේ ඇද්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 24 August 2015 07:15 PM

දරුවෙක් ලොකුමහත් කරලා හොඳට උගන්වලා විශ්ව විද්‍යාලයට ඇතුළත් කරලා ඒ දරුවන්ට තමන්ගේ දෙමාපියන්ට සළකන්න ඉඩ නැතිකිරීම මොනතරම් සහගහන අපරාධයක්ද? අන්තිමට මේ විදිහට ඝාතනය වුණා කියලා විතරක් නිකන් ඉන්න ඉඩ තියන්න එපා.මෙවැනි අපරාධ මින්මතුවට නොකරන්න දැඩි දඬුවම් කරන්න. තරාතිරම නොබලා දඬුවම් කරන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 24 August 2015 07:19 PM

මේ මරණය ගැන සියලු විස්තර හෙළිකිරීම,සියලු සාක්ෂි හෙළිදරව් කිරීම යුතුකමක් සහ වගකීමක්. (නි)

:       0       0

අතුල Monday, 24 August 2015 08:34 PM

එහෙම කළා නම් මේවා සහගහන අපරාධ. මේවා යටගහන්න එහෙම සූදානම් වෙන්න එපා. (නි)

:       0       0

කැනඩා - දිසා Monday, 24 August 2015 10:27 PM

අනිවාර්යයෙන් මෙය හොයන්නම ඕනෑ (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 25 August 2015 12:17 AM

ඩුබායි තිලක්ගේ ඔලුව තදින් පොළොවේ වැදිලා කියලා නම් අපිට එදා ඉඳලා පෙනුනා.මොළය හෙළවිලා තිබෙන තැන වෙනස් වුණාම එක එක දේවල් හිතෙනවා.ඔය අනතුරු වෙලා මැරිච්ච හැමෝගෙම මිනීවළවල් ටික අපි හාරලා ගොඩගමු.දැන්ම නෙමෙයි.ඊළඟ ඡන්දෙ ළංවුණාම. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 25 August 2015 12:32 AM

මේක සාධාරණ ඉල්ලීමක්. (නි)

:       0       0

ජයන්ත Tuesday, 25 August 2015 02:01 AM

මරණය සැක නම් පරීක්ෂණයක් තිබ්බට කමක් නැහැ. හැබැයි අන්තරේ අයගෙ වැඩකට නැති උද්ඝෝෂණ නිසා වෙලාවට රෝහලට ගෙනයන්න බැරුව පාරෙ මියගිය අසරණ ලෙඩ්ඩු ගැන කවුද හොයන්නෙ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 25 August 2015 03:05 AM

මේ අසරණ තරුණයන් දෙන්න ජීවිතය පූජා කලේ රටේ අසරණ දරුවන් වෙනුවෙන්.ඒ රටේ සමස්ත අදායමේන් 6%ක් රටේ අධ්‍යාපනයට වෙන් කරන්න කියන උදාර පරමාර්ථය වෙනුවෙන්. (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 25 August 2015 03:23 AM

පිවිතුරු යහපාල.ඉදිරියට තව තව මිනීමැරුම්,දුෂිත ගනුදෙනු,සොරකම්,කප්පන් සොයනවා. බලයට,මල්වට්ටියට යට වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. ටිකක් ඉවසගෙන බලාගෙන ඉන්න. (නදී)

:       0       0

වෙදගේ Tuesday, 25 August 2015 03:33 AM

පිවිතුරු මොකද බයවෙලා මොකද සම්බන්දයක් තියෙනවද ? (නදී)

:       0       0

සඳා Tuesday, 25 August 2015 03:38 AM

ඩුබායි තිලක්ගේ ඔලුව තදින් පොළොවේ වැදිලා කියලා නම් අපිට පේනවා. මේක තාම සැකයක් විතරයි. පරීක්ෂණ කරලා කියයි මොකද උනේ කියල (නදී)

:       0       0

සරණපාල Monday, 24 August 2015 12:28 PM

ඔව් ඔව් මේ වගේ අපරාධ කරන අය නීතියේ රැහැනට අසුකර ගන්න. .(හේ)

:       0       0

දිලිප් Tuesday, 25 August 2015 04:54 AM

තාජුදින්ගේ දෙවන කොටසක් වගේ. මව් පියෙක්ගේ දරු දෙන්නෙක් . යුක්තිය ඔවුනට ඇති එකම සවිය.එය උරුමකර දෙන්න. (බ)

:       0       0

සමන්ත Monday, 24 August 2015 02:03 PM

මේ අසරණයින් දෙදෙනාගේ මරණය පිළිබඳව අපටත් සැකයක් තිබ්බා.(හේ)

:       0       0

මොහොමඩ් Tuesday, 25 August 2015 05:23 AM

සහ ගහන අපරාද මේවා මිනී මැරුමක් නම් තරා තිරමක් නොබලා දඩුවම් දෙන් ඕනෑ (ම)

:       0       0

කරුණාරත්න Monday, 24 August 2015 02:07 PM

මේ ගැනත් වහාම විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන්න.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 24 August 2015 03:20 PM

යතුරු පැදියකින් ගියා කියලා මැරෙනවනම් මමත් මැරිලා ගොඩක් කල්.මගේ 250 යතුරු පැදියේ 120 ක වේගයෙන් ගිහිල්ලත්,මගේ ඔලුව දෙපාරක් තාර පොලවේ හප්පිලත් සුළු සිරීම් ලබලා මම බේරුනා.අතක් පයක් හෝ කඩුනානම් මට එන්න ලැබෙන්නෙත් නැහැ.කන බොන දේවල් වල මිල ගණන් අනුව ලංකාවේ ජිවත් වෙන්නත් බැහැ.මෙම මරණ ගැන අපිටත් විසාල සැකයක් තිබෙනවා.කරුණ කරලා සදාරණයක් කරන්න.(හේ)

:       0       0

අජිත් කිර්ති Monday, 24 August 2015 03:25 PM

මට තේරෙන විදියට මේ හැම ඝාතනයක්ම වුණේ කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඕන කමට කියලා. සහ ගහන අපරාද මේවා. බලය තියෙන කොට තමන් කරනා අපරාද කවදාක හරි හෙලි වෙනවා කියලා හිතන්න බැරි මෝඩකමට කරපුවා මේවා. (හේ)

:       0       0

දිනෙත් Monday, 24 August 2015 04:33 PM

අපිට මේ ගැන සාධාරණ පිළිතුරක් ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site