වසර තුනකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මිය ගියැයි කී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනාගේ මරණය සැක සහිත බැවින් යළි පරීක්ෂණ අරඹන්නැයි එම සංගමය අද රහස් පොලිසියට පැමිණිලි කළේය.
සංගමය වෙනුවෙන් එහි කැඳැවුම්කරු නජිත් ඉන්දික ඇතුළු පිරිසක් ද, නීතීඥ නුවන් බෝපගේ මහතා ද රහස් පොලිසියට පැමිණ සිටියහ.
කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍යයකු වූ සිසිත ප්‍රියංකර 2012 සැප්තැම්බර 27 වැනි දා මරුමුවට පත්වූහ.
මෙය මිනී මරුමක් බවට සැක කරන බවත්, මීට පෙර ආරක්ෂක අංශයේයැයි කියා ගන්නා පිරිසගෙන් තර්ජන තිබුණු බවත්, සිද්ධිය සිදුවූ දින රාත්‍රී තමන් නැවතී සිටි ගම්පහ නිවස අවට සැක කටයටුතු සැරි සැරූ බවත්, ශිෂ්‍යයන් පිටුපස ලුහු බැඳ තිබුණු බවත් අන්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කළ පැමිණිල්ලේ සඳහන්ය.
අන්තරේ සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි තැන සිට අනතුර සිදුවූ තැනට යෑමට වැඩි වේලාවක් ගත නොවන බවත්, නමුත් මරණය සිදුවූවායැයි පොලිසිය පවසන වේලාව හා සිසුන් නවාතැනෙන් පිටවූ වේලාව අතර පරස්පරතාවක් ඇති බවත් අන්තරය සඳහන් කරයි.
මේ ගැන ලංකාදීප වෙබ් අඩවියේ මීට පෙර පළ වූ ලිපියක් - http://www.lankadeepa.lk/index.php/articles/339820

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ බළල්ලු වගේ මෙහෙමත් මිනිස්සු මරන රටක් තවත් ලෝකයේ ඇද්ද? (නි)
දරුවෙක් ලොකුමහත් කරලා හොඳට උගන්වලා විශ්ව විද්‍යාලයට ඇතුළත් කරලා ඒ දරුවන්ට තමන්ගේ දෙමාපියන්ට සළකන්න ඉඩ නැතිකිරීම මොනතරම් සහගහන අපරාධයක්ද? අන්තිමට මේ විදිහට ඝාතනය වුණා කියලා විතරක් නිකන් ඉන්න ඉඩ තියන්න එපා.මෙවැනි අපරාධ මින්මතුවට නොකරන්න දැඩි දඬුවම් කරන්න. තරාතිරම නොබලා දඬුවම් කරන්න. (නි)
මේ මරණය ගැන සියලු විස්තර හෙළිකිරීම,සියලු සාක්ෂි හෙළිදරව් කිරීම යුතුකමක් සහ වගකීමක්. (නි)
එහෙම කළා නම් මේවා සහගහන අපරාධ. මේවා යටගහන්න එහෙම සූදානම් වෙන්න එපා. (නි)
අනිවාර්යයෙන් මෙය හොයන්නම ඕනෑ (නි)
ඩුබායි තිලක්ගේ ඔලුව තදින් පොළොවේ වැදිලා කියලා නම් අපිට එදා ඉඳලා පෙනුනා.මොළය හෙළවිලා තිබෙන තැන වෙනස් වුණාම එක එක දේවල් හිතෙනවා.ඔය අනතුරු වෙලා මැරිච්ච හැමෝගෙම මිනීවළවල් ටික අපි හාරලා ගොඩගමු.දැන්ම නෙමෙයි.ඊළඟ ඡන්දෙ ළංවුණාම. (නි)
මේක සාධාරණ ඉල්ලීමක්. (නි)
මරණය සැක නම් පරීක්ෂණයක් තිබ්බට කමක් නැහැ. හැබැයි අන්තරේ අයගෙ වැඩකට නැති උද්ඝෝෂණ නිසා වෙලාවට රෝහලට ගෙනයන්න බැරුව පාරෙ මියගිය අසරණ ලෙඩ්ඩු ගැන කවුද හොයන්නෙ (නි)
මේ අසරණ තරුණයන් දෙන්න ජීවිතය පූජා කලේ රටේ අසරණ දරුවන් වෙනුවෙන්.ඒ රටේ සමස්ත අදායමේන් 6%ක් රටේ අධ්‍යාපනයට වෙන් කරන්න කියන උදාර පරමාර්ථය වෙනුවෙන්. (ම)
පිවිතුරු යහපාල.ඉදිරියට තව තව මිනීමැරුම්,දුෂිත ගනුදෙනු,සොරකම්,කප්පන් සොයනවා. බලයට,මල්වට්ටියට යට වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. ටිකක් ඉවසගෙන බලාගෙන ඉන්න. (නදී)
පිවිතුරු මොකද බයවෙලා මොකද සම්බන්දයක් තියෙනවද ? (නදී)
ඩුබායි තිලක්ගේ ඔලුව තදින් පොළොවේ වැදිලා කියලා නම් අපිට පේනවා. මේක තාම සැකයක් විතරයි. පරීක්ෂණ කරලා කියයි මොකද උනේ කියල (නදී)
ඔව් ඔව් මේ වගේ අපරාධ කරන අය නීතියේ රැහැනට අසුකර ගන්න. .(හේ)
තාජුදින්ගේ දෙවන කොටසක් වගේ. මව් පියෙක්ගේ දරු දෙන්නෙක් . යුක්තිය ඔවුනට ඇති එකම සවිය.එය උරුමකර දෙන්න. (බ)
මේ අසරණයින් දෙදෙනාගේ මරණය පිළිබඳව අපටත් සැකයක් තිබ්බා.(හේ)
සහ ගහන අපරාද මේවා මිනී මැරුමක් නම් තරා තිරමක් නොබලා දඩුවම් දෙන් ඕනෑ (ම)
මේ ගැනත් වහාම විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන්න.(හේ)
යතුරු පැදියකින් ගියා කියලා මැරෙනවනම් මමත් මැරිලා ගොඩක් කල්.මගේ 250 යතුරු පැදියේ 120 ක වේගයෙන් ගිහිල්ලත්,මගේ ඔලුව දෙපාරක් තාර පොලවේ හප්පිලත් සුළු සිරීම් ලබලා මම බේරුනා.අතක් පයක් හෝ කඩුනානම් මට එන්න ලැබෙන්නෙත් නැහැ.කන බොන දේවල් වල මිල ගණන් අනුව ලංකාවේ ජිවත් වෙන්නත් බැහැ.මෙම මරණ ගැන අපිටත් විසාල සැකයක් තිබෙනවා.කරුණ කරලා සදාරණයක් කරන්න.(හේ)
මට තේරෙන විදියට මේ හැම ඝාතනයක්ම වුණේ කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඕන කමට කියලා. සහ ගහන අපරාද මේවා. බලය තියෙන කොට තමන් කරනා අපරාද කවදාක හරි හෙලි වෙනවා කියලා හිතන්න බැරි මෝඩකමට කරපුවා මේවා. (හේ)
අපිට මේ ගැන සාධාරණ පිළිතුරක් ඕනෑ (නි)