සිව් වසරේ සම සෞඛ්‍ය උපාධිය වසර තුනක් දක්වා අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන විරෝධතාවක් නිසා කුරුඳුවත්ත සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.
උද්ඝෝෂකයන් කුරුඳුවත්ත පොලිසිය දෙස සිට කොල්ලුපිටියට යමින් සිටින බවත්, ඔවුන් එක් මන්තීරුවක යද්දී අනෙක් මන් තීරුවේ වාහන ගමන් කරන බවත් පොලිසිය පවසයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 17 දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අඟහරුවාදා (7) නියෝග කෙළ් කොල්ලුපිටිය, කුරුඳුවත්ත හා කොම්පඤ්ඤවීදිය පොලිස්වසම්වල පෙළපාළි හෝ උද්ඝෝෂණ නොපවත්වන ලෙසයි.
ඩීන්ස් පාර, ලිප්ටන් වටරවුම, ද සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කොල්ලූපිටිය හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, මල් පාර, ග්‍රීන් පාත්, මාකස් ප්‍රනාන්දු මාවත, ඇල්බට් ක්‍රෙසන්ට්, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මාවත, වෝඩ් පෙදෙස, බෞද්ධාලෝක මාවත, කිංසි පාර, ජේම්ස් පීරිස් මාවත, උත්තරානන්ද මාවත, ආර් ඩී මෙල් මාවත, ගාලූ පාර, ඩුප්ලිකේෂන් පාර යන මාර්ගවලට මහේස්ත්‍රාත් විසින් උද්ඝෝෂණ තහනම් කැරුණු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේ සටනට අපේ උත්තම ආචාරය.(නදී)
දේශපාලනිකරණය වූ බවක් තමයි අපිට නම් පෙන්නේ (දී)
සාධාරණයක් ලැබෙනා තුරු අන්තරේ සටන් කරනවා ජයවේවා (දී)
සම සෞඛ්‍ය සිසුන්ගේ අරගලයට අපගේ විප්ලවීය ආචාරය!!!!!(දිල්)
කලන, ඔබට බන්දුල පෙරේරා දී ඇත්තේ කදිම පිළිතුරක්. ඔබ මෙන්ම විශ්වවිද්‍යාල බොහෝ සිසුන් යන්නේ වැරදි මාවතක බව වටහා ගන්න. (දී)
උද්ඝෝෂණ යුතුයි. නමුත් නීතියත් රැකගෙන වැඩ කළොත් කාලෝචිතයි. (ස)
අපේ කොල්ලො කෙල්ලො නිකන් මහන්සි වෙනවද මන්දා. මොකද ඉතින් මේවා ගැන බලන්න කවුරුත නැනෙ.(ස)
මේ උද්ඝෝෂණය ඉතාම සාධාරණයි. මේවට විසදුම් ඉක්මනින් ලබා දිය යුතුයි. (ස)
උසාවි නියෝග නියෝග ගණන් ගන්නේ නැහැ කියන්නේ නීතියට අපහස කළා වැනිය (දී)
රටේ පවතින නීතියට අවනත වෙන්න බැරි නම් මෙයාලට උපරිම දඩුවම දෙන්න ඕනෙ. (ස)
මේ ගොල්ලෝ උද්ඝෝෂණ කර කර අවුරුදු 7-8ක් ඉන්නවා. උතුරේ කිසිම උද්ඝෝෂණයක් නැහැ. අවුරුදු 4-5න් කැම්පස් එකෙන් එළියේ. අනිත් එක මේ උද්ඝෝෂණ කරන අයව පුද්ගලික ආයතන වලට ගන්න කැමතිත් නැහැ. ඒගොල්ලොන්ට නැතුව උතුරේ දෙමළ තරුණයින්ට රස්සා දෙන්න හුඟක් අය කැමතියි. මොකද ඒ ගොල්ලෝ උද්ඝෝෂණ නැතුව වැඩේ හරියට කරන නිසා. තරුණයන්ව අනාථ කරවන අය මේවට වගකියන්න ඕනෑ. (නි)
නීතිය ගණන් ගන්නේ නැහැ කියන්නේ ? ප්‍රේමදාස මහත්තයා නැති පාඩුව තමයි. (නි)
තරුණයෝ තම ප්‍රශ්න වලට මහ පාරේ. ඒත් තවත් පැත්තක තරුණ සමුලු? (නි)
නිර්භීත සිසුන් පිරිසක්! (නි)
විරෝධතාව සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට අපගේ උපහාරය!!! අනාගත සිසුන්ට නිදහස් අධ්‍යාපනය උරුම කරදීමට අපි ඔබ සමඟයි. (නි)
අධ්‍යාපනය සුරකින්න තමන්ගේ අධ්‍යාපනය කැපකළ පිරිසක් තමයි අන්තරේ ඉන්නේ (දී)
ඉන්දික කියන දේ හරි.. තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ඉගෙන ගන්න එක කරන්න ඕනේ.. ‘‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා..“ කවියෙන් කියනවා වගේ දුක් විඳලා ජීවිතය ජයගන්න ඕනේ.. එවිට තමයි ජීවිතයේ නියම අරුත වැටහෙන්නේ.. ඔය උද්ඝෝෂණ කරන අය කවමදාවත් සෑහීමකට පත් වෙන්නෙ නැහැ.. අන්තිමට බලද්දි වයස ගිහිල්ලා විතරයි.. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න දේට කාලය වැය කළයුතුයි.. වෛරය කියන දෙයින් බුද්ධිය කියන දේ වහලා තියෙන්නේ.. (දී)
උසාවි නියෝග කඩකිරීම භයානක අනාගතයක පෙරනිමිති වේ. (දී)
උද්ඝෝෂණ මෙහෙයවන අය කරන්නේ ජීවත්වෙන්න රස්සාවක්. උද්ඝෝෂණ ඇති කළේ නැත්තම් ජීවත් වෙන්න මුදල් නැහැ. ඒකට තමයි පන්ති පවත්වලා මොළ හෝදලා මෝඩයෝ රැලක් බිහි කරන්නේ. ඒවා තේරෙනකොට වයසට ගිහිල්ලා ඉවරයි. (නි)
නීතිය රකින්න නීතියක් තියෙනවා කියන හැගීම ජනතාවට තියෙන්න ඕනනේ.(නදී)
බන්දුල පෙරේරා බංකොලොත් චරිත පොලිෂ් කරන්න බාරගත්ත කෙනෙක්නෙ . අපි එයා ගැන දන්නවා.(නදී)
සිසු උද්ඝෝෂණයට ජයවේවා.! (නදී)
ඔය කරන්නේ නෙහොම හරි හිරේ යන්න වැඩක්. එළියට එන්න පුලුවන්නේ වීරයෝ වගේ. අම්මලා තාත්තලගේ බලාපොරොත්තු ගැන හිතලා මෝඩ වැඩ කරන්න එපා.(නදී)
කලන මල්ලි,වෙලක් පැත්තට ගිහිල්ලා මඩේ ළඟින මී හරකෙකුට කනට කරලා ඕක කියන්න.කන හරහා ලැබේවි මී හරකගෙනුත්. අන්තරේ ඉන්නේ බංකොළොත් දේශපාලුවන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරන්න ඒ දේශපාලනයෙන් සියලු විය හියදම් දරමින් නඩත්තු කරවන පිරිසක්.දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන්ම අහලා බලන්න. (නි)
බන්දුල බොහොම දේවල් දන්නවා වගෙයි. සිසු සටනට ජය වේවා! (නි)
අන්තරේ නිසා හෙට අනිද්දා ටික දෙනෙක් අනතුරේ (නි)
මේ දරුවන්ගේ පැන නැඟී ඇති ගැටලුවට රජය අනිවාර්යයෙන්ම අර්ථවත් විසඳුමක් කරා යායුතුමය. මේ මුවාවෙන් පළාත් සභා ඡන්දයෙන් උදම් වී ඉන්න නඩය මේ කැසකවන්නේ 88 - 89 වගේ උදා නොවූ බල පෙරළියකට නැවත වරක් පෙර සුබ නිමිති සුත්‍රය ජප කරන්න සුදානමක්ද කියා කියන්නට දන්නේ නැත. (නි)