අන්තර්ජාලයෙන් වන සතුන් විකුණන බව කියන පුද්ගලයෙකු කිරුළ පනදී අත්අඩංගුවට ගත් බව වන ජීවී නිලධරයෝ කියති.
ඔහු අද ගංගොඩවිල උසාවියට ඉදිරපත් කළේය.
නයි පැටවෙකු, බෝදිලිමෙකු, පිඹුරෙකු ඇතුළු ආරක්ෂිත සතුන් විකුනන බව අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇත.
නයි පැටවෙකු රුපියල් දස දහසකටත්, බෝදිලිමෙකු රුපියල් දාහත්දහසකටත් විකුනන බව සදහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොහොමද ඔය සත්තු යවන්නෙ.(ස)
පුදුම මනුස්සයෙක්නේ! (නි)
ඕස්ට්‍රේලියාවට යන අය බොර්ටුවෙන් යවනවා. අනිත් තැන වලට යන අය පාර්සල් කරලා යවනව. ඊ මේල් තියන අයට සම්බන්ධ කරලත් එවනවා. ජනකට නයෙක්ව ඊ මේල් කරලා එවන්නද? (ස)
සත්තු යවන්නෙත් අන්තර්ජලයෙන්මයි ජනක. ඔයා ඕකවත් දන්නේ නැද්ද? දැන් තාක්ෂණය කොච්චර දියුණුද. හැබැයි ඉතින් දැන් ලෝකය විශ්ව ගම්මානයක් වෙලා නම් ඔය සර්පයෝ ලංකාවේ හිටියම මොකද? ලෝකයේ වෙන තැනක හිටියම මොකද? මං අහන්නේ විශ්ව ගම්මානය ඇතුලේ මෙයාලව එහෙට මෙහෙට ප්‍රවාහනය කරලා ගානක් හොයාගත්තම මොනවා වෙනවද? මේක පැහැදිලි ඉරිසියාව. (නි)
රටේ නීතී රීතී ලිහිල් නිසා මිනිස්සු එළිපිට වැඩ. මෙයාගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න. (නි)
ඔය සත්තු කොහෙත් ඉන්නවා. ඒ මනුස්සයා මරන්න විකුණනවා නෙමෙයි . රටේ තත්වය අනුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි (නි)
ඕස්ට්‍රේලියාවෙන් ටින් කරපු මස් ආනයනය කරන්න යනවාද? (නි)
ඕවද වනජීවී නිලධාරීන්ට තියෙන වැඩ ...මෙහෙ මිනිස්සු අලි ගහල මැරෙනවා. අලි වෙඩිල්ලක් ගන්න, අලියෙක් එලව ගන්න, අලියෙකුට බෙහෙතක් දෙන්න මොන වන ජීවි නිලධාරියෙක්වත් නෑ. මෙයාල මේ නයි පැටව් අල්ලාගෙන දගලනවා. සත්තු නෙවෙයි මිනිස්සුනේ ඉස්සරවෙලා මිනිස්සු ගැන හිතන්න, සත්තු ඉදල වැඩක් තියේවිය මිනිස්සු නැතිව.(ස)
නයි පැටවෙකු, බෝදිලිමෙකු, පිඹුරෙකු යන තුන් දෙනාම අත්අඩංගුවට ගෙන නැවත කැලයට නිදහස් කරන්න (නි)
ඒ අකුර ගිලෙනකල් ඉඳලා පිඹුරව මේල් කරනවා. එහෙමයි ඊ-මේල් කරන්නේ. (නි)
නයයි බෝදිලිමයි , පිබුරයි , තුන් දෙනාවම අත්අඩංගුවට අරන්, ඔය මිනිහව කැළයට නිදහස් කරලා යවන්න,....? (දී)
ආරොන් කොහොමද ඊ මේල් තිබෙන අයට පිඹුරව සම්බන්ධ කරලා යවන්නේ? නයි පැටියයි, බෝදිලියයි නම් පොඩියිනේ (නි)
ෂා මාර බිස්නස් අදහසක් නිකමට මට නොහිතුනු හැටි. අපේ ගේ පිටිපස්සේ කැලේ ඕන තරම් සත්තු ඉන්නවා. පටන් ගන්න ඔනේ බිස්නස් එකක්. (දී)
නයයි, බෝදිලිමායි , පිඹුරයි තුන් දෙනාවම අත්අඩංගුවට අරන්, ඔය මොහොමඩ්වයි, රූපවතියි කැළයට නිදහස් කරලා යවන්න (නි)
ෆර්සන් වල් ඌරො එහෙම නැද්ද ඔය කැලේ? (ස)