
(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)
යූ ටියුබ් එකේ දර්ශණ නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව , තල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලිසිය කීය.
සැකකරු කලක් මත්කුඩු පානයට ඇබ්බැහිව සිට පුනරුත්ථාපනය වී පැමිණ සිටීන පුද්ගලයකු බවද සදහන් වේ.
ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදුයකඩ කොටස්, ස්ප්‍රීන් , යකඩ සහ ඇලුමිනියම් බට ගිනි අවිය නිපදවීම සදහා උපයෝගී කරගෙන ඇති බවත් ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා දුර දක්නයක්ද සවිකර තිබූ බවද පොලිසිය පවසයි .
ගිනි අවිය සදහා කුඩා යකඩ බෝල උපයෝගී කරගෙන බළලුන්,සුනකයින් සහ ඉගිලෙන කුරුල්ලන්ට වෙඩිතබා ඇති බවත්, වෙඩි ප්‍රහාර වලට ලක්වූ සතුන් එම ස්ථාන වලම ඇදවැටී මරණයට පත්ව ඇති බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.
යකඩ බෝලවලට වඩා වැඩි බලයක් ලබාගැනීම සදහා වෙනත් අත්හදා බැලීමකට කොටස්වලට ගලවා තිබියදී ගිනි අවිය සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගත්බවද පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
COMMENTS
පලායන වෑන් එක වෙනුවට බස් එකක් ඉලක්ක කරන පොලිසියේ අය එක්ක බලද්දී මේ නම් වැඩ කාරයෙක්...
නියම වැඩ්ඩෙක්... මේ අය හරි විදිහට පාවිච්චි කළොත් රටම ගොඩ...!
වැඩ කාරයෙක්. දැන් ඉතින් මෝඩයෝ ටික ඒකතුවෙලා ඔහුව හිරේ දමයි.
කාලයක් මත්කුඩු ගත්තාට පුනරුත්ථාපනය කළානම් පෙර කළ වැරැදි කියලා වැඩක් නැහැනේ..? මෙයාට ණයක් දීලා වගේ දිගටම කරගෙන යන්න දුන්නා නම් පිටරට යවලා ආදායමක් හොයාගන්නත් තිබුණා.
මොන වැරැද්දකට පොලිස්සියට ගෙනාවත් එක්කෝ ඒ මිනිහ ගාව කුඩු තිබුනා, නැතිනම් අත්බෝම්බයක් තිබුනා, නැතිනම් මිනිහා මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච කෙනෙක්. පොලිසියේ චෝදනා අධිකරණයත් බොහොම ඉහලින් පිලිගන්නවා. මෙහෙව් රටක මිනිස්සු රටහරයාම පුදුම නැහැ. අපි මෙරටට සතපහක් එවන්නේ නැත.
මොන වැඩ්ඩෙක් උනත් මුලු රටම බන්කොලොත් කරපු වැඩ්ඩන්ට නම් ගහන්න බැහැ.
එයා රයිෆල් ගිනි අවි කියල අත්අඩංගුවට ගන්න පොලිස් මෝඩයොයි යු ටියුබ් බලල පොඩි එකෙට වුනත් හදන්න පුලුවන් එකක් හදපුවම මාර වැඩ්ඩෙක් කියල කමෙන්ට් දාන මෝඩයොයි බලද්දි මේ රට බංකොලොත් වුනේ ඇයි කියල හිතා ගන්න පුලුවන්.
ඇත්තටම මේ පාලක හැතිකරේට මුත්‍රාපිටවෙන වැඩක් දෙන්නම ඕනෙ.. කැටපෝල හරි කමක් නෑ.. හදපල්ලා..
ලංකාව මොන තරම් බූරුවො ඉන්න රටක්ද කියල හිතාගන්න බෑ. මේ මනුස්සයා අන්තර්ජාලය බලලා අලූත් නිෂ්පාදනයක් කරලා තියෙන්නේ. මම ඉන්න කැනඩාවේ මිනිහෙක් ඔය වගේ වැඩක් කරොත් ඒ මිනිහට පදක්කං සම්මාන ලබා දීලා ඒ වගේ පර්යේෂණ කිරීම සඳහා යොමු කරනවා. ඔහුගේ හැකියාව මිලදී ගන්න හැම ආයතනයක්ම උනන්දු වෙනවා. අපේ රටේ කිසිම අලුත් දෙයක් හදන්න හැකියාවක් නැත්තේ වගේ හරක් වැඩ නිසා. අලුත් ගෙයක් හැදුවොත් ඒ යකාව හිරේ දාන්නෙ කොහොමද කියල තමා බලන්නේ.. ලංකාවට කවදා හරි යයිද ? මහේස්ත්‍රාත්තුමා ට මොළයක් තිබ්බොත් අඩුම ගණනේ පොලිස් කාරයාට දඩයක් වත් ගහයි.
මේ තමයි අපෙ රටට බිහිවෙන සුපිරි මොල. වැඩ ගන්න එකා රටෙ පාලකයන්ට බරයි. අවාසනාවකට අපෙ ඇය ඝෙන ඩන්නවනෙ. =මෙ පලවෙනි වාව නෙවේ නෙ?