වසර ගණනාවක් තිස්සේ තරග නොපැවැත්වූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ නැවතත් කි‍්‍රකට් තරග පැවැත්වීම සම්න්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයෝ පිරිසක් ඉකුත්දා ඉනාමළුවේ ශ්‍රී සුමංගල මල්වතු මහ විහාරයේ රංගිරි දඹුල්ල පාර්ශ්වයේ මහ නායක හිමියන් හමුවූහ.
මාතලේ කි‍්‍රකට් සංගමයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් යන මහත්වරුන් සහ මාතලේ කි‍්‍රකට් සංගමයේ සභාපති, ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද ඇතුළු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡුාවට සහභාගි වූහ.
දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණය නිරීක්‍ෂණය කිරීමෙන් පසුව නියෝජිත පිරිස ශ්‍රී සුමංගල මහ නාහිමියන් සමඟ සාකච්ඡුා කළ අතර එහිදී නිශාන්ත රණතුංග මහතා පැවසුවේ පසුගිය කාලයේ පැවති මූල්‍ය අර්බුදය නිසා කී‍්‍රඩාංගණයට විදුලිය ලබා ගැනීමේ අපහසුතා ඇති වූ බවයි. නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියා සිටියේ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණය නොමැතිව මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ පැවැත්මක් ගැන සිතිය නොහැකි බවයි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉනාමළුවේ සුමංගල මහා නාහිමියන් පැවසුවේ කී‍්‍රඩාංගණය ප‍්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් තමන්ට ප‍්‍රශ්නයක් පැන නැගී තිබෙන බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර කී‍්‍රකට් තරග රංගිරිදඹුල්ල කී‍්‍රඩාංගණයේ නැවතත් පැවැත්වීමේ හැකියාව පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා නාහිමියන්ට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර් ජාතික කි‍්‍රකට් තරග යළි දඹුල්ලට ?
ෂාහිම් Thursday, 30 May 2013 07:53 PM
දඹුල්ල කී‍්‍රඩාංගණය යනු ජාතික සම්පතකි. එය විනාශ වෙන්නට ඉඩ දෙන්න එපා.(නදී)
chanaka Thursday, 30 May 2013 09:07 PM
ජාතික සම්පත් විනාස නොකර ඉන්න එක තමි හොදම
චානක Thursday, 30 May 2013 09:07 PM
ජාතික සම්පත් විනාශ නොකර ඉන්න එක තමයි හොදම. (නි)
පාලින්ද Thursday, 30 May 2013 04:54 PM
අහන්නත් සතුටුයි (දී)