කරුණු කිහිපයක් මුලික කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කිරිබත්ගොඩ දී සත්‍යග්‍රහයක් ඇරඹූ බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර කියයි. රුහුණු හා වයඹ විශ්ව විද්‍යාලය බදාදා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලය බ්‍රහස්පතින්දා ද සබරගමුව විශ්ව විද්‍යාලය සිකුරදා ද සත්‍යග්‍රහය සිදු කරන බව ඔහු පවසයි.
මාලඹේ සයිටම් ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙස ද කරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන වැඩි කරන ලෙසද පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කිරිම නතර කරන ලෙස ද රජයට බල කරමින් සත්‍යග්‍රහය කරන බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දිලා හරි ඉගෙන ගන්න දෙන්න අපිට මහන්සිවෙලා (ම)
අජන්ත, ජයශ්‍රී මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. ඔය අන්තරේ දැන් ඉන්න ළමයි හැම එකටම උද්ගෝෂණ අනේ මන්දා ළමයෝ. (ර)
මේ ළමයින්ට උද්ඝෝෂණ කරනවා ඇරෙන්න වෙන දෙයක් නැද්ද? (නි)
අන්තරේ ළමයි සත්‍යග්‍රහ කර කර පාරවල් වලට වෙලා ඉන්න. අනිත් ළමයි සහ පුද්ගලික විශ්වවිද්‍යාලවල ළමයි හොඳට ඉගෙනගෙන ඉස්සරහට යන්න. මේ නොදන්නකමටයි අහන්නේ.... කලින් අන්තරේට නායකත්වය දුන්න ළමයි කවුරුහරි ඉන්නවද හොඳ රස්සාවක් නොකර? (ර)
පෞද්ගලික විශ්ව විද්‍යාලවල ළමයි සමඟ අන්තරේ ළමයින්ට තරඟ කර රැකියා ලබා ගන්න බෑ කියලා බයයි වගේ. තමන්ගේ කුසලතා දියුණු කර ගෙන ඉදිරියට යන්න, අනෙක් ඉගෙන ගන්න පිරිසකට වල කපන්නේ නැතුව. අනෙක මේ සමාජ සේවය විශ්ව විද්‍යාල ඇතුලේ ඉගෙන ගනිද්දී විතරයි. උපාධිය ලබා ගත්තට පස්සේ මේ දේවල් කලාද කියලාවත් මතක නෑ.(ම)