දොඩංගොඩ බෝඹුවල දී වෙඩි ප්‍රහාරයකින් බේරුණු බව කියන පොලිස් කොස්තාපල් සුමන්දි සමන් අද රෝහලෙන් නික්ම ගියේය.

සිකුරාදා රාත්‍රී ඔහුගේ නැනෝ රිය පසුපස ලුහුබැඳ ගිය බව කියන වාහනයක තොරතුරු මෙතෙක් පොලිසියට ලැබී නැතැයි දැනගන්නට ඇත.

එහෙත් ඔහුගේ කාරය ගිනි තබා ඇත.

බෝඹුවල අක්කර විස්ස පාරේ අධික වේගයෙන් එවැනි ලුහුබැඳීමක් කළ හැකි ද යන්න පොලිසිය මුහුණපාන තවත් ප්‍රශ්නයකි. එසේ ලුහු බැඳ ගියේ නම් එම වාහනයේ ටයර් සලකුණු සොයා ගැනීම පොලිසියේ මීළඟ උත්සාහයයි.

වාහනයක් පිටුපස තවත් වාහනයක් ලුහුබඳින බව දැනගන්නා පුද්ගලයකු එය පාළු පෙදෙසකට හරවනුයේ කුමන හේතුවක් නිසා ද යන ප්‍රශ්නයට ද උත්තර සොයා ගැනීම පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මුහුණපාන තවත් බරපතල ප්‍රශ්නයකි.