මෝදර පස් මහල් නිවසක විසූ වැන්දඹුවක බඳින බවට මගුල් යෝජනා දැන්වීමකට පිළිතුරු දී ඇය සමග හාද වී, එම කතට සිහි නැතිවෙන දියරයක් පොවා රුපියල් ලක්ෂ හය හමාරක භාණ්ඩ පැහැරගත් තිදරු පියකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇගෙන් පැහැරගෙන ගිය සියලු භාණ්ඩ ද සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න මේ අරාබි රටවලත් ඔය වගේ අය ඉන්නවා. මාසයක් දෙකක් ආශ්‍රය කරලා මොකක් හරි බොරුවක් කියලා සමහර පිරිමි සල්ලි ඉල්ලනවා. සල්ලි ගත් ගමන් අර මිනිස්සු ගිය තැනක් හොයාගන්නත් නැහැ. (නි)
අනේ ඇත්තටම දැන් කාලේ කෙල්ලන්ට NOWEI මගුල් විසේ නාකි ගැහැනුන්ට, එකනේ හැමදාම මරල දන්නේ බල්ලෝ මරනවා වගේ, මේ මනුස්සය එහෙම කරලා නැ, ටිකක් හොද වගේ, අපේ ගැහැණුන්ගේ වරද තම, (ස)
ලංකාවත් ළඟදීම ඔය අප්‍රිකානු රටක් වගේ වෙනවා. හොරකම, අනුන්ගේ දුක නොදන්නා ,මවු මරා හරි සල්ලි හොයන්න පුරුදු ජාතියක් වෙනවා. (නි)
උපාලි, ඔයාගේ තර්කය 35% ක් විතර මම පිළිගන්නවා. මේ වංචනිකයා නොවේ වැරදි, රැවටුණු කාන්තාව තමා වැරදි. මොකද මේක ලංකාවේ සිදුවුණ මුල්ම සිදුවීම නොවේ. කියමනක් තියෙන්නේ රෑ වැටුණු වළේ දවල් වැටෙන්නේ නැහැ කියලා. එහෙමත් කෙනෙක් මෙයාව කසාද බඳින්න ඉදිරිපත් වුණා නම් මුලින්ම ඒ මනුස්සයා ගැන පවුලේ අයගේ මාර්ගයෙන් හොයලා බලන්න ඕනෑ. විවාහය කියන්නේ අපේ ජීවිතයේ ස්ත්‍රී/පුරුෂ අපි දෙගොල්ලොම ඉතා හොදින් කල්පනාකර ගතයුතු තීරණයක්. පුවත්පත් කියවන අපිටත් ඒ වගේම රටේ හැමෝටමත් අද කාලයේ හැටියට හැම දෙයක් ගැනම සෝදිසියෙන් සිටීමයි වැදගත්. වංචනිකයින්, මංකොල්ලකරුවන් මොන වෙස්වලාගෙන අපි අතරට එයිද කියලා අපි දන්නේ නැහැ. (නි)
මෝඩ ගැහැණු, මුලින්ම මේ කාන්තාව දාන්න මාස හයක් ඇතුලට හැදිලා එන්න කියලා. අපේ ගැහැණු ඇත්තටම ඇය මේ තරම් මෝඩ? මෙවැනි සිදුවීම් අනන්ත අප්‍රමාන සිදුවෙලත් මෙයාලා පරෙස්සම් නොවෙන එක තමා පුදුමේ? (නදී)
සමහරු මේ කාන්තාවට දොස් කියන්නේ ඒ මනුස්සයා මහා අපරාධයක් කළ කෙනෙක් හැටියට හිතලා බව පේනවා. වැන්දඹුවක් නැවත විවාහ වීමට උත්සාහ කිරීම අරුමයක්ද? ඒ සඳහා දැන්වීමක් පළකිරීම අරුමයක්ද? එයට ප්‍රතිචාර දැක්වූ කෙනෙකු ඇසුරු කිරීම අරුමයක්ද?දක්ෂ වංචනියෙකුට මේ කාන්තාව නෙමෙයි ඕනෑම බුද්ධිමතෙක් අහුවෙන්න පුළුවන්. ඕනෑ තරම් නිදසුන් තියෙනවා. වැඩිය එපා ගෝල්ඩන් කී නඩුවේ තැන්පත්කරුවන්ගේ නාම ලේඛනය කියවලා බලන්න. හොඳයි, මෙතන ඉන්නවද කවදාවත් කිසිකෙනෙකුට මොනමදේකටවත් රැවටිලා නැති කෙනෙක්? මහත්වරුනි, වරද තියෙන්නේ 'රැවටුණු' කාන්තාවගේද? මේ වැඩේ කළ වංචනිකයාගේද? (නි)
දඩු කදේ ගහලා අවුරුද්දක් තියන්න.(නදී)
දැන් ලංකාවේ හැම දෙයක්ම වෙන්නේ නාට්‍යානුසාරයෙන්. තිර රචකයෝ, දෙබස් ලියන්නෝ, අධ්‍යක්ෂකලා, නිෂ්පාදකලා රජයේම ඉහළම තැන සිට පහළ දක්වා ඉන්න අය. නළුවන් හා නිළියන් අතර නිතරම වගේ හමුදාවල ඉන්න අය සහ පැනලා ගිය අයත් ඉන්නවා. හැබැයි මැරුම් කන්නෙත්, භීෂණයට ගොදුරු වන්නේත් මේ නරිනාටක බල බලා ඉන්න ප්‍රේක්ෂකයෝමයි. වෙනත් වචනවලින් කිව්වොත් ඡන්ද දායකයෝයි. (නි)
උපාලි, ඉතාම බුද්ධිමත් කතාවක්. අද සමාජයේ වැඩිපුර ඉන්නේ පටු විදියට සිතන අය. (නදී)
ලොකු ලොකු අය ගහගෙන කනවා. පොඩි පොඩි අය මරාගෙන කනවා (නි)
ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට දැන් සල්ලි නහැනේ ඒකයි ඕවා කොරන්නේ. ඔන්න බලන්න මේ පාර අය වැය නිසා ඕවා තවත් වැඩි වෙනවා. (නදී)
මේ මනුස්සයා වැන්දඹු වෙන්න ඇත්තෙත් ඔවැනි මෝඩ වැඩක් නිසාත් වෙන්න පුළුවන්. කාන්තාව දඬුකඳේ තියලා අනංගයා කකුල් දෙකෙන් එල්ලලා තියන්න පාර අයිනේ. (නදී)
උපාලි, ඔබගේ අදහස් දැක්වීම 100% ක් අනුමත කරනවා. ෆස්රුල් ගෆූර් - කටාර්, ඔබ කිසි දිනක කිසිවෙකුට රැවටී නැද්ද? (නි)
විස්තර ඔක්කොම නොදැම්මට සිහියත් නැති වුනානම් මිනිහ ෂුවර් එකටම තව මොනවා හරි කරන්න ඇති (ස)
ඇතිනැති පරතරයක මහතා පේනවා නේද ? බල්ලෝ හරි මරල තමන්ගේ ගොඩ වැඩි කරගන්න දඟලන සමාජයක් මේක (අ)
අද ලංකාවේ වැන්දඹුවන්ගෙන් නම් අඩුවක් නැහැ. පවුල් කැඩී බිදී ගිහින්. පිරිමි පක්ෂය තමන්ගේ යුතුකම් ඉටු කරන්නේ නැහැ. එහි ප්‍රති විපාක තමයි මේ. අද සමාජය හැඩ ගැහිලා තියෙන හැටියට මෙවැනි අයට නිසි මග කියා දෙන්නවත් කවුරුත් නැහැ. ඒ නිසා මෙවැන්නන් කබලෙන් ලිපට වැටෙනවා.(නදී)
ඔන්න මාරු කතාවක්...අහගනිල්ල..අත කැඩුණු .අන්දරේ ගෙන්ම...ගෑනු පිරිමි ඔය අනංගයා ඇන ගන්නේ (අ)