දින හතරක් තිස්සසේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලකුණක් අද දහවල් වන පෙනෙන්නට නොතිබිණී.
රෝහලට විසි හතර පැයේම පොලිස් ආරක්ෂාව දී ඇත.
රෝගියකුට ප්‍රතිකාර නොකළැයි කියන සිද්ධියක් හා රෝගියකුගේ සමීප නෑයකුට පොලීසියෙන් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පාමින් වෛද්‍යවරු පස්දෙනාත් සේවකයෝ 54 දෙනාත් කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයට වාර්තා කරති.
රෝහල වසා දැමීම නිසා බදුරලියේ වැසියනට මතුගම,පිඹූර හා නාගොඩ රෝහල්වලට යාමට සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින හතරක් තිස්සේ රෝහල වසා තැබීමෙන් පෙනී යන්නේ බදුරලියට රෝහලක් අනවශ්‍ය බවයි. (නදී)
දෙවිවරු වගේ වෙදවරු දුටුවා පසුදා. අද වෙන විටදී කොහොමද වෙනසක් මෙලෙසා. අයිතිය නොමැති නම් ලෙඩෙකුට බෙහෙතක් ගන්ටා. අයියෝ අපේ රට හෙට කොයිබද මන්දා.(නදී)
මී ගහතැන්න ඊට හපන්. දොස්තර ඉන්දැද්දි ටිකට් ලියන්න ඉන්න ඇටන්ඩන්ට් කියනවා දොස්තර නැහැ කියලා.(නදී)
වැසිකිලි පද්ධතියක් වුනත් වීවෘත කරන්න පැනලා ඉදිරිපත් වන දේශපාලන බලධරයෝ මේ දුප්පත් අහිංසක ඡන්දදායකයින්ගේ රෝහල විවෘත කරවලා දෙන්න ඉදිරිපත් නොවන්නේ තමන්ට මෙයින් ලබන්න පුළුවන් ප්‍රතිලාභයක් එහෙම නැහැයි කියල හිතෙන නිසාවත්ද? කියන්නට නම් දන්නේ නැත. (නදී)
කලින් අහලවත් තිබුන දේවල් ද මේ. මේකද දියුණුව කියන්නේ ? (නදී)
මේ රෝහල පුද්ගලික අංශයට දීල වැඩ වරපු ඔක්කොම ගෙදර යවන්න (දිල්)