වැඩි හිටි නිවාසයක සිටි අසූපස් හැවිරිදි ධනවත් කතකගේ රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි සැකපිට කේ.දිනෙල්කා එම්.ප‍්‍රනාන්දු හා ඇගේ සැමියා වන එච්.ඒ. මහේෂ් පෙරේරා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. මේ දෙදෙනා ළඟදී විවාහ වූ බව ද උසාවියේ දී කියැවිණි. කොල්ලූපිටියේ ශීලා ලෝරන්ස් සෙනෙවිරත්න නම් වූ මේ කත වැඩිහිටි නිවසින් ඉවත් කැර ගත් සැකකරුවන් ඇගේ මුදලින් ගෙයක් කුලියට ගත් බවත් ඇගේ ස්ථිර තැන්පතු 39ක් හා බැංකු ගිණුම් පොත් ආරක්ෂාව සඳහා ඔවුන් ළඟ තබා ඇත. ඇගේ මුදලින් ලක්ෂ 25කට අතුරුගිරියේ ඉඩමක් ද, රුපියල් ලක්ෂ තිස්හයහමාරකට හයිබි‍්‍රඞ් කාරයක් ද මිලට ගෙන ඇති බවත් මහේෂ් පෙරේරාගේ බැංකු පොතේ රුපියල් තිස් ලක්ෂයක් ද දිනෙල්කාගේ බැංකු පොතේ රුපියල් විසි ලක්ෂයක් ද, තැන්පත් කැර ඇති බවත් උසාවියේ සඳහන්විණි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd