මොරටුව මහනගර සභාවේ නිල කාලය බ‍්‍රහස්පතින්දා මැදියම් රැයේ අවසන් බව බවට ලැබුණු තොරතුරු අනුව තම පෞද්ගලික රූපවාහිනියත්,සාකච්ඡා මේසයත් බ‍්‍රහස්පතින්දා ඉවත්කර ගත් බව පුරපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා කියයි.
ඒ අතර තම පෞද්ගලික මුදලින් එහි තැන්පත් කළ බුදු පිළිමයද ගෙදර ගෙන ගිය බව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පවසයි.
දෙදෙනාම කියනුයේ තම නිල වාහනද භාරදුන් බවයි.එසේ භාරදී පෞද්ගලික දේ එක්රැස් කරගත් බවයි.
එහෙත් අද උදැෑසන දෙදෙනාම කියා සිටියේ නගරසභාවේ ආයු කාලය දික්වනවාද නැද්ද යන්න ගැන නොදන්නා බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු පිළිමයත් අරගෙන ගියාද? ඒක තියලා ගියා නම් නේද හොඳ මහත්තයෝ? (නි)
නගර සභා, හෝ ප්‍රාදේශීය සභා වලට මහජන නියෝජිතයින් පත්කරගනු ලබන්නේ තම ප්‍රදේශයට සේවය කිරීම සඳහා විනා සභා ගැබේ තම ජවයන් පෙන්වීමට නොවේ. එදාමෙන් නොව දැන් මොවුන්ට මහජන මුදලින් නොයෙකුත් පහසුකම් සළසා ඇති බැවින් මහජන සේවයට ඉදිරිපත්වන්නන් වගකීමෙන් කටයුතු කළයුතුය (නි)
ඔබ තුමන්ලා ගැන කනගාටුයි.. මහින්ද මහත්තයා වෙනුවෙන් බිම් මට්ටමෙන් හඩ නැගු ඔබ තුමන්ලා එතුමාට වුනු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිමින් කල මෙහෙවර අපට අමතක නැහැ. ඔබලාට ඇති විසදුම සහ විකල්පය අපට පිළිගත හැකි මහින්ද මහතාගේ ආශිර්වාදය ඇති විකල්ප බලවේගයක් ගොඩ නැංවීම පමණයි. (ර)
ගෙදර දී වඳින්න ගෙනියන්න ඇති (රේ)