සමාජවාදී නායකයකු වූ පීටර් කෙනමන් මහතාගේ 98 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ එල්ෆිල්ස්ටන් රඟහල ඉදිරිපිට ඇති ඒ මහතාගේ පිළිරුව අසලදී පැවැත් වු නමුත් ඒ මහතාගේ පිළිරුව කාක් වසුරුවලින් පිරී තිබියදීම මල් මාලා දමා උපහාර දැක්විණි. . ගුණ සමරුවට පෙර එම පිළිරුව පිරිසිදු කළා නම් ඔහුට කළ සැබෑ උපහාරය බව අවට සිටි පිරිස් පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දැන්ම කියලා තියෙන්නේ, මට නම් පිළිම එපා කියලා (නි)
මල් මාලාව දැම්මට පස්සේ කපුටා ඔය කැත වැඩේ කළාද දන්නෙත් නැහැනේ. එහෙම නැත්නම් මේක හරි අපහාසයක්නේ !! (නි)
සමීර, ඔබට සිංහලයන් සතු හාස්‍ය රසය ඉතා හොඳින් තිබෙනවා. විදේශයක සිටින අපට ඔබේ ප්‍රතිචාරය ගැන හරි හිනා! (නි)
කොළඹ කාක්කෝ ඔහොම තමයි (නි)
ඇයි මේ පිළිරුව පිරිසිදු කරන්න නොසිතුවේ? (නි)
ඇයි මේ පිළිරුව පිරිසිදු නොකළේ? ඔන්න අපේ මිනිසුන්ගේ හැටි. මල්මලේ දාපු කෙනා හිතන්න ඇති කාක් වසුරු පිළිරුව ලස්සන කරන්න දාපු එකක් කියලා. (නි)
ජනතා නියෝජිතයින්ගේ තරම පිළිරුවෙන් පෙනේ. පිළිරුව පිරිසිදු කරන්න වෙලාවක් එයාලට නැත. (නි)
මෙතන කොමෙන්ට් දාන අයට මෙතරම් කැක්කුමක් තියනවානම් එකතු වෙලා රූපේ පිරිසිදු කරන්න බැරිද.? (ර)
කාලය මැවූ වෙනසක අරුමේ. (ර)
ඇත්තටම කාටවත් හිතුනේ නැද්ද පිළිරුව පිරිසිදු කර මල් මාලය පළදවන්න...? (ර)
ඇයි මේ පිළිරුව පිරිසිදු නොකළේ. (ර)
දැන් එතිරි වෙලා ඉන්න කොමුනිස්ට්ට ඒ ගුණ ධර්ම වලින් වැඩක් නැත. (ර)
මේ මල් මාලාවත් දාන්න ඇත්තේ ඔය වයසටම ආසන්න උන කෙනෙක් වෙන්න ඕන. මොකද දැන් ඉන්න අයට මෙතුමාලා රටට කල සේවය මතක නැහැ. (ර)
අපේ රටේ මාත් ඇතුළුව කාගේත් හැටි ඔහොම තමා. කරන්ඩ ඕනා නිසා කරනවා. (ර)
මට හිතෙනවා දැන්ම ඔතෙන්ට ඇවිල්ලා පිළිරුව පිරිසිදු කරන්න. අපරාදේ දාපු මල් මාලේටත් වටිනාකමක් නැතුවගියා වගෙයි. (ර)
ඉතුරු හරිය හිතා ගත්තහැකි (බ)
මල් මාලේ දාපු කාක්කා කව්ද ??? (බ)
ලංකාදීපයට ගොඩක් ස්තූතියි මෙය පෙන්වා දුන්නාට (නි)
දැන් ඉන්න අයට මේවට වෙලාව නැහැනේ (නි)
සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ දෙකම දැන් මැරිලා. කෙනමන් මහත්තයා ස්වර්ගයට ගිහිල්ලත් ගොඩක් කල්. ජීවිතේ කාත් ඔහෙම තමා. (බ)
සමහර විට මල් මාලේ දැම්මාට පස්සේ අපිරිසිදු වෙන්න ඇති (ම)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)
සදාචාරාත්මක ආකල්ප දහවල් කාලයේ කිසිඳු බියක් සැකයක් නැතිව බිඳ දමන මිනිස්සු රාත්‍රී අඳුරත් සමඟ සිත බියෙන් පිරෙන බව දන්නවා. ලංකාදීප පුවත්පත එවැනි මිනිසුන්ට ඔවුන්ගේ හිස් ආත්මය දැකගන්න සැලැස්වීම ඉතාම හොඳ මාධ්‍යය කලාවක්.(ම)
දැන් ඉන්න කොමිනිස්ට් පක්ෂ නායකයින්ට ඕවට කොහෙද වෙලාව තියෙන්නේ? (නි)
ලංකාවේ කොමියුනිස්ට් සහ සමාජවාදී අදහස් වලට ගිය කල පෙන්නුම් කරන නියම පින්තූරයක්. (නි)
දැන් කොමියුනිස්ට් පක්ෂය එහි නායකකාරකාදීන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ. පසුගිය මැතිවරණයේදී එය හොඳින්ම දකින්න ඇති. කෙනමන් සහෝදරයා වැනි නායකයන් විසින් කැපකළ කාලය, ශ්‍රමය, ධනය සහ ඔවුන්ගේ ජීවිතය ගැන දැනෙන්නේ විශාල කණගාටුවක් (නි)