
(අංජුල මහික වීරරත්න)
රජය ගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දීමට කැමති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවේ පැවැසූහ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සහාය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා දීමට සූදානම් බව ද ආසියා සංවර්ධන බැංකුව දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍යවරිය සහ ආසියා සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර හමුව අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී උසස් පෙළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ විෂයමාලාව සැකසීම, අධ්‍යාපනික ක්ෂේත්රයේ ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම මෙන්ම අධ්‍යාපන අංශ කළමනාකරණ සැලැස්ම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd