සිකුරාදා රාත්‍රියේ සිට දක්ෂින අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයේ වේගය ඉක්මවන රියදුරන්ට දඩ ගැසීමට යයි.
මෙම නීතිය දැඩි කිරීමට ආසන්න හේතුව වූයේ මාතර ඇලවේල්ලේ සහෝදරයෙකු හා සහෝදරියක පැයට කිලෝමීටර් 140 වේගයෙන් යාම නිසා සිදුවු අනතුරෙන් මරණයට පත් වීමයි.
සියයේ වේගය ඉක්මවන රියදුරනට රුපියල් දහසක දඩයක් නියම කෙරේ.
දැනට අධිවේගී මාර්ගයේ අදි වේගයෙන් ගමන් කිරීම නිසා අනතුරු අටකදී එකොලොස් දෙනෙක් මිය ගිය බව අධිවේගී මාර්ග පාලකයෝ කියති.
නියමිත වේගය ඉක්මවූ 50 දෙනෙකුට පමණ මීට කලින් නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඕකට අධිවේග මාර්ගය කියන්නෙ ? අනතුරු වෙන්නෙ මාර්ගයට "අධිවේගි" නම දාල තිබුනට අධිවෙගයෙන් යන්න සුදුසු තත්වයක නැති හින්දයි.(ස)
දිගින් දිගටම වෙන අනතුරු වලට හොද පිලියමක් (දී)
ලංකාවේ මාර්ගවල වේගසිම පාලනය කරන්න අධිවේගී මාර්ගයෙන් පටන්ගනිමු , පළමුවෙන්ම ස්වයාක්‍රීය කැමරා අධිවේගී මාර්ගයේ සවිකර නිවසටම දඩ කොලේ එන්න ක්‍රමය අධිවේගී මාර්ගයෙන් පටන්ගමු , පස්සේ අනිත් මාර්ගවලට ව්‍යාප්ත කරමු , පොලිසිය මගින් රියදුරු බලපත්‍රය තබාගෙන දඩ ගැසීමේ ක්‍රමය නිසා පගාව මගින් විශාල බදු මුදලක් රජයට අහිමි වන අතර රියදුරන් අතරමග රස්තියාදු වීම අඩුකර ගත හැක (අ)
තමන් හොදට රිය පැදෙව්වත් අනිත් රියදුරන්දෙගේ වරදින් රිය අනතුරු විය හැකිය.
ඔය වේගය වැඩි නිසා සිදුවෙන ගොඩක් අනතුරු වලට රටේ සමහර දේශ පාලකයෝත් වගකියන්න ඕනේ... මම දැක්ක රූපවාහිනී පුවත් වල කෙනෙක් කියනවා මමත් ඔකේ 100 පැනල ගියා ඔයාලත් ගිහින් බලන්න කියලා.... (ස)
අධිවේගී මාර්ගයක 100 කියන්නේ සාමාන්‍ය වේගයයි! ගොඩක් රටවල අධිවේගී මාර්ගවල වේගය 120යි! අනතුරුවලට මාර්ගවල ප්‍රමිතියත් රියදුරන්ගේ විනයත්, වාහනයේ තත්ත්වයත් බලපානවා! මහිදී මුණසිංහගේ අදහසත් යම්තාක් දුරට බලපානවා! (අ)
වේග සිමාවනම් හොද දෙයක් (දී)
ඒක ඇත්ත මගෙ යාලුවෙක් මීට දවස් දෙකකට කලින් අනතුරක් වෙලා මිනිහගෙ කිසිම් වැරද්දක් නෑ. අයිනෙන් ගිය එක්කාව හප්පගෙන ගිහින් වෑන් කාරයෙක්. (අ)
අපේ ගොයියලා හිතන්නේ අධිවේගී එක රේස් ට්‍රැක් එකක් කියලා. කට්ටිය තර්ක කරයි පිට රට වල් වල නං අච්චරයි වේගය මෙච්චරයි කියලා. හැබැයි කමල් සහෝදරයා කිව්වා වගේ ඒ ඇත්න්ගේ විනයගරුක බව අපේ ඇත්තන්ට වඩා ඉහලයි. රේල් ගේට්ටුවටත් වෙට්ටු දාන අපේ සම-හරක් අධිවේගත් නොයනවා වෙන්න බෑ නෙ. (අ)
ප්‍රමිතියකට නැතිව පර හදලා , ආදී වේගීමාර්ගය මද වේගි වෙලා (අ)
කලින් තවත් අය කිව්වා ටිකක වේගෙන් ගියාට කමක් නැහැ කියල. (අ)
මේකේ නියම සිමාව 120 වේ. හැමදාම ලංකාවේ පාලකයෝ අතීසාරයට අබුඩ ගැහුවා. (අ)
මෙතන ප්‍රශ්නයකට තිබෙන්නේ අධිවේගී මාර්ගයේ පළල නෙවෙයි , ලංකාවේ රියදුරන්ගේ සහ වාහන වල ප්‍රමිතිය පිලිබඳව ප්‍රශ්නයක් , ලංකාවට වාහන සහ අමතරකොටස් ආනයනයේදී අයකරන විශාල බදු මුදල නිසා ලංකාවේ මිනිස්සු පෙළඹිලා පරණ ප්‍රමිතියකට නැති වාහන භාවිත කරන්න , ලංකාවේ රියදුරු පාසල් වලින් පුහුණුව ලබා පිටවන රියදුරන්ගෙන් 90% විතර පාරේ වාහන හරියට පදවන්න බැහැ. එමනිසා මිනිස් ජිවිත අනතුරේ මේ තත්වයට බළධාරීන් වගකිව යුතුයි (අ)
වාහනේ හැටියට තවම පාරේ යන්න ඔනෙ. 140ට ඇල්ටෝ එකේ යනවා කියනේ මොලේ නැති එකෙක් (අ)
පැ. කි. 100 කියන්නේ මහ ලොකු වේගයක් නෙමෙයි. ඔකේ යන සමහර අය කිසිම විනයක් නෑ. ඒකයි ප්‍රධානම හේතුව. (අ)
මරුටි වගේ වාහන 120 වගේ වේගයකට කොහොමත් යන එක බයානකයි, බහුතරයක් ජපන් වාහන වල එහෙම ප්‍රශ්නයක් නෑ, මුණසිංහ කිව්වා හරි, කොහොමත් 120 ට වඩා අඩුවෙන් යනවනම් තමයි හොද, එක්කෝ ඉන්දියන් ටකරන් මේකේ යන්න දෙන්න හොද නෑ.(ස)
අපේ රටේ හැටියට මේ වගේ පාරක් දකින එකත් සම්පතක්. අපිට මේ මාර්ගය මන්තීරු 04 කින්වත් හදාගන්න තිබුනානම් හොදයි. එත් ඒ වියදම අපිට දරන්න බැරි නිසා ප්‍රවේසමෙන් මේක පරිහරණය කරන්න ඕනේ. ඩුබායි වගේ රටවල මන්තීරු 6ක් තියෙනවා නිදහසේ වටපිට බල බල උනත් යන්න පුළුවන් එත් ඔයාල අපේ අදිවේගී මාර්ගයේ යනවනම් මන්තේරු දෙක නිසා නිතරම ඇස්දෙක අවදානය පාරටම යොමු කරන්න මොකද යන්තමින් හරි ආරක්ෂක වැටේ වහනය වැදුනොත් පාලනයෙන් සම්පුර්ණයෙන්ම ගිලිහෙනවා. මියගිය අයට නිවන්සුව ලැබේවා! වාහන පදවන ඔබ සැම සියලුම දෙනාටම කතරගම කදසුරිදු පිහිට ලැබේවා ! වේගයෙන් පදවන එක ලොකු කමක් නෙමේ. වඩා වටින්නේ ආරක්ෂවයි. (ස)
අදි වේගී මාර්ගයක් වෙන්න නම් මන් තීරු 4ක් වත් තිබිය යුතුයි. (ස)
අධිවේගයේ නෙමේ සාමාන්‍ය පාරෙත් 90 ට 80 ට යන එකේ මම හිතන්නේ මේකේ 100 ට යන එක මදි කියලා. හේතුව මේකේ වැරැද්ද මේකේ නම වත් පාරේ අවුලක් නෙමේ. වැස්ස වෙලාවටත් 100 ටත් වැඩියෙන් යන්න හදන ප්‍රමිතියෙන් අඩු වාහනවල මේ වගේ 140 ට යන සහ බොහෝ දුරට නිදි මතෙන් සහ පල පුරුදු අඩු කම. දැන් බලන්න වෙනද ගාල්ල කොළඹ සාමාන්‍ය පාරේ අන්තුඅරක් අහන්නේ බොහොම කලාතුරකින් ඉස්සර එහෙමද ...සැලකිල්ලෙන් යන කෙනා කොහොම ගියත් හොඳට යනවා ...නොසැලකිලිමත් කෙනා තමා මෙහෙම කරගන්නේ. අනික මරුටියක ගියපු කෙනෙක් දන්නවා එකේ 140 ට යන්න බෑ මේ වගේ පාරක කියලා. මොකද පොඩ්ඩක් වාහනේ පැද්දුනොත් අනිවාර්යෙන් ඒක දෙපැත්තේ බැමිවල වදිනවා. එකෙක් මෝඩ කමක් කලා කියලා 100ක් කරනවට වඩා 110 හෝ 120 කලා නම හොඳ නැද්ද ...නැත්නම් ආයෙත් ගාලු පාරේ අනතුරු වැඩි වෙයි. එහෙන් යන්න ගිහින්. (ස)
හැම රියදුෙරක්ම තමාට මෙන්ම වාහනයටද ආදරය කළ යුතයි. ඉවසීමෙන් මාර්ග නීතිවලට ගරුකළ යුතුමයි. මත්පැන්, අදිකෙවිගය, දුරකථන බාවිතය,බොහෝ වේලාවක් දිගටම රිය පැදවිම, එකිෙනකා අතර තරග නොකළ යුතුය. රියදුරු බලපත් රහිතව රිය පදවන අයටත් නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතුය. (ස)
ඔය දක්ෂිණ අදිවේගය නමට විතරයි එකේ කිසිම ප්‍රමිතියක් නැහැ.මන් තීරු දෙකයි ඒ දෙකේත් තියෙන්න ඕන ප්‍රමාණයට පළල මදි. අනික ආදී වේගේ කියන්නේ හෙමිහිට යන එක නෙවෙයිනේ හැබැයි 140 නම් වැඩි තමයි. ගැලනිගම සිට දකුණට යන්න පටන් ගත්තම පාර රැලි සහිතයි.ඔවා පගාවට සහ ජරාවට හදපු පාරවල්. කාට හරි ඕන නම් සාක්ෂි ඇතුව දෙන්න පුළුවන්.(අ)
ඉක්මන් කොටි (අ)
අධිවේගී මාර්ගයේ අනතුරු වෑඩි වශයෙන් සිදුවෙලා තියෙන්නේ කිලෝ මිටර 50 ක් පමණ ගියාම .ඒකට ප්‍රධාන හේතුව ගමනේ එකාකාරී ස්වභාවය නිසා නින්ද යාමයි .AC දමාගෙන විදුරු වගහෙන යනකොට ඔක්සිජන් අඩුවිමත් එක හෙතුවක් .නිදිමත ආ විට වාහනය නැවත්විය හැකි තැනක නවතා ටිකක් නිදාගෙන සිට එලවිම සුදුසු බව අධිවෙගි මර්ගයේ සේවය කරන පොලිස් නිලධාරියෙක් මට වරක් උපදෙස් දුන්නා (අ)
පොලිසිය කියන දේවල් අපි කොහොමද විශ්වාස කරන්නේ? (නි)
මම නම් හිතන්නේ එක පැත්තකින් පොඩි ජෝලියකුත් තියනවනේ අධි වේගයෙන් යනකොට පට්ට ෆන් නේ හිය්යෙන් යනකොට මම නම් මගේ වාහනයේ 200 විතර යන්නේ සුපිරිනේ (අ)
මේක ඇත්තටම අදි වේගී එකක් නවෙයි. කවුද කිව්වා වගේ මමත් 100 ට ගිය ඔයාලත් ගිහින් බලන්න කියල මරුටි සහ ඇල්ටෝ වලින් 100 ට යන්න බැහැ එකත් ඇත්ත.මන් තීරු 2 මදි එකත් ඇත්ත.පාර ගැස්සෙනවා එකත් ඇත්ත.දෙයියනේ මොකද කරන්නේ. මේකේ ආදායම අපිට එන්නෙත් නැහැ ඒකත් කොරියාවට නේද? ඒකත් ඇත්ත. හැබැයි මහත්තයෝ 100 නම් මදි 120 වත් කලොත් තමයි හොඳ..(අ)
100 දැන් උපරීම වේගය කර තිබේ, මින් පසුවත් වාහන අනතුරු නොකඩවා සිදුඋවහොත් 80 ට බස්සවය්ද මන්දා..., සාමාන්යෙන් ලෝකයේ ඕනෑම අධිවේගී මාර්ගයක උපරීම වේගය 120, බර වාහන 100.මේක ප්‍රමිතියක් නැති අධිවේගේ.(අ)
අධිවේගී මාර්ග කීවම කොහොමත් පැයට කි.මී. 100 වඩා වැඩි වෙන්න ඕන. ඒත් ලංකාවේ අධිවේගී මාවතේ තියෙන ප්‍රමිතියේ මදි කම නිසා අනතුරු වීමට ඉඩකඩ වැඩියි. (ස)
මේකේ තියෙන්නේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. වාහනය එලවන කෙනාගේ මොලේ ප්‍රශ්නයක් සහ එලවන වාහනේ තත්වය පිළිබද ප්‍රශ්නයක්. ඇල්ටෝ මරුටි වගේ ඉන්දීයන් වාහන 140 ට නෙමෙයි 40 ට යන්න වත් බැහැ හරි නම්. එවැනි සැහැල්ලු වාහන වලට තමයි සීමාවක් පනවන්න ඕන. (ස)
දේශාන්,අධිවේගී මාර්ගයක් වෙන්න නම් මං තීරු 4ක් වත් තිබිය යුතුයි.කට කට.ලංකාවේ එන්න අයට එක මං තීරුවක පාරක් පෙන්වලා කිව්වොත් මේක අධිවේගී කියලා හිස මුදුනින් පිළිඅරගෙන වැද නමස්කාර කරනවා. (නි)
මේක ඇත්තක්ද ? බොරු නේද?(නදී)
දේශාන්,හැබැයි වියදම නම් මංතීරු 6 ක් දා ගන්නත් ඇති. (නි)
අධිවේගී මාර්ග කියන්නේ නියම ප්‍රමිතියකට හදන පාරවල් මිසක් පස් ගොඩ කරලා තාර ටිකක් ගෙන ගිය පාරවල් නම් නෙමෙයි.අර ප්‍රමිතියකට නැහැ කියලා නඩු දාපු කෙනා තවම ඉන්නවද? (නි)
පැයට 80-100 ට යන්න අධිවේගී මාර්ග ඕනෑද?හරියට කෝටි ගානක් වියදම් කරලා පාලමක් හදලා දෙපැත්තේම බෝඩ් ගහලා තියෙනවා වගේ "මෙහි ගමන් කළ හැක්කේ පාපැදි වලට පමණකි" කියලා. (නි)
100 නෙමෙයි ඊයේ පෙරේදා කාන්තාවක් 200 ට ගිහින් මාට්ටු වුනේ. මෙතන තියෙන්නේ වාහන එලවීමට නොදන්නා කම හා අදිවේගි මාර්ගයක ධාවනය කිරීමට නුසුදුසු වාහන ගමන් කිරීමට ඉඩ දීමත්ය. අප අසා ඇති කාරණාවක්නම් ජපානයේ වැනි රටවල ඔවුන් ඩීමෝ බට්ටා වර්ගයේ කුඩා ප්‍රමානයේ ලොරි රථද මරෑටි වර්ගයේ කුඩා ප්‍රමානයේ මෝටර් රථද පාවිච්චි කරන්නේ කෙටි දුර මගී හා භාන්ඩ ප්‍රවහනය කිරීමටත් පමනක් වන අතර මෙම කුඩා ප්‍රමාණයේ රථ අධිවේගී මාර්ග වල ගමන් කිරීමටද තහනම්ය. නමුත් අවාසනාවකට ලංකාවේ රථ වල රෝද 4 කැරකෙනවානම් ඕනේ මාර්ගයක යෑමට ඉඩ ඇත. (ස)
පාරට නීති දාන්නේ කාගේත් ප්‍රවෙසමට, අපේ රටේ හැටියට තමයි පාර හැදුවේ, මිනිස්සු ඉඩම් දෙන්නේ නැත්නම් මන්තීරු 5-6 ක් දාන්න බෑ. අනික දේපල විනාස වෙනවට මිනිස්සු කැමතිත් නෑ. කවුරු හරි අධිවේගී පාරට අකමැති නම් පරණ පාරේ ගියාට අපේ අකමැත්තක් නෑ. මට මතකයි කාන්තාවක් ඔය පාරේ ගිය 200 කට. ඒවා එයාලගේ හැකියාව අපේ රටේ අයගේ නොහැකියාවට පාර හදපු අයට දොස් කියන එක වැරදියි. (ස)
කාටවත් තේරෙන්නේ නැහැනේ.නිකමට බලන්න අද වාහන වලට වැඩියෙන් එන්නේ ට්‍රාෆික් පොලීසියෙන්.මොකටද? (නි)
ඇයි හත්තිලව්වේ මෙච්චර දවස් මක් කෙරුවද දඩ ගහන්නේ නැතිව.(නදී)
අසරණ මිනිසුන්ගෙන් ගසා කන්න විදියක් හොයනවාද කොහෙද? (නි)
මෙතන තියෙන ප්‍රශ්නේ මාර්ගය අධි වේගද නැද්ද හොයනවට වඩා අධිවේගයක් නම් අඩුම ගානෙ මෙච්චරවත් වේගෙන් යන්න දෙන්න ඕන නැතනම් කොහොමද මේක අධිවේගී මාර්ගයක් වෙන්නෙ කියන බොලඳ කතා කියන්නෙ නැතුව නීතියක් පනවා ඇතිනම් එම නීතියට අවනතව මාර්ගයේ වාහනය ධාවනය කිරීමයි. ලංකාව වැනි වැනි රටකට කිලෝමීටර් 97 ක් 100 ක් යන්න ඔය වේගය හොඳටම ඇති. නූගත් මෝඩයන්ට මාර්ගයේ ඉගිල්ලෙන්න ඕන වුනාට සාපේක්ෂව ඔවැනි කෙටි දුරක් යන්න පැ.කි.මී.100 කියන්නෙ හොඳටම ප්‍රමාණවත්. 120 ට ගියා කියල සාපේක්ෂව සැලකිය යුතු කාලයක් ඉතිරි නොවන අතර අතර එය තවත් අනතුරකට අතවැනීමක් වෙන්න පුලුවන්. මාර්ගයේ ධාවන තිරු දෙකක් පමණක් ඇති නිසාත්, ප්‍රමිතිය ගැන සැලකීමේදීත් පැ.කි.මී. 100 වේගයෙන් යාම ප්‍රමණවත් බවයි මගේ හැඟීම.(නදී)
මේක හැදුවේ මොකටද? (නි)
ඇත්තටම අධිවේගේ යන්න හොද වාහන තියෙන්න ඕනෑ. ඒවා හොදට හදන්න ඕනෑ. වෙලාවට ඒවගේ ටයර් මාරු කරන්න ඕනෑ. ලංකාවේ අය ටයර් මාරු කරන්නේ කට්ට නැති වුනාම. වාහනයක ටයර් ගැන හොදට හොයලා බලන්න ඕනෑ අධිවේගේ යනවා නම්. අනිත් දේවලුත් හොදට හදන්න ඕනෑ. මමත් ඔය පාරේ 160 ගිහින් තියෙනවා. නමුත් හොදට පෙනෙන දුරක් තියෙන තියෙන තැන්වල විතරක් එහෙම යනවා නම් තමන් හොද කල්පනාවෙන් එලවන්න ඕනෑ (නි)
අම්මප ඇත්තමයි මම නම් මේ බලන්නේ තාම කාටවත් අධිවේගී මාර්ගය හරස් කරලා උද්ගෝෂණයක් කරන්න කල්පනා නොවෙච්ච එක ගැන. (නි)
පොලිසියේ මහත්තුරුන්ට හොදට වාසි වෙයි වගේ (නි)
අවමය 120 වියයුතුයි (අ)
මන් තීරු අඩු කමක් තියෙන්න බෑ. කැනඩාවේ 401 අදිවේගී මාර්ගයේ කිමි 400 ක මන් තීරු දෙකයි එක පැත්තට තියෙන්නේ. අවම වේගය පැයට කිමි 100. උපරිම 120. එක දිනකට යන වාහන ගණන ලංකාවේ අදිවේගී මාර්ගයේ මාස තුනකට යන වාහන ගණනට වැඩියි. රිය අනතුරු සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. මේවට හේතු ගොඩක් තියෙනවා. (නදී)
වෙනත් රටවල අධිවෙගී මාර්ග වල මේයට වඩා වේගයෙන් යනවා, හැබයි එම රියදුරන් බොහෝ දෙනෙකුට විනයක්, මොලයක් තිබෙනවා මාර්ග සංඥා සහ මාර්ග නීති වලට අනුව කටයුතු කරනවා අප මෙහෙ උපරිම වේගය ලෙස සලකන්නේ පැයට කිලෝ මීටර් 120 අප සාමානයෙන් පැයට කිලෝ මිටර් 120 වාහන පදවනවා නමුත් මේ ආකාරයට අනතුරු වෙන්නේ නැ එකට හේතු තියනවා උපරිම වේගය පාලනය කිරීමට රේඩාර් යන්තර බාවිතා කරනවා යම් කෙනෙක් මේ වේගය එක්මවා ධවනය කලොත් රේඩාර් මගින් එය සටහන් වෙනවා එසැනින්ම එම අයගේ ජංගම දුරකටනයට කෙටි පණිවිඩයක් ලැබෙනවා ඔහු විසි ගෙවිය යුතු දඩ මුදල සදහන්ව එම දඩ මුදල නොගෙවා ඔහුට රියදුරු බලපත රථයේ බලපත් හා රටින් පිටවීමට වීස ලේබෙන්නේ නේ නැ යම් අයෙක් පොලිසිය මගෙන් අත් අඩංගුවට ගතහොත් ඔහුට පැය 24 අනිවාර්ය සිරදඩුවමක් හා රුපියල් 32000/= දඩයක් නියම වෙනවා මෙහිදී මුණසිංහගේ අදහසත් යම්තාක් දුරට බලපානවා අනෙක් දේ තමයි අපේ රටේ භාවිතා කරන වාහන බරින් අඩු වීම මන්ද ඉන්දන වියදම වැඩි නිසා අඩු බර වාහන බාවිතය වැඩිවෙලා තියනවා බරින් අඩු වාහන මේ ආකාරයේ අධික වේගයෙන් ධාවනය කරන විට පොලව සමග තියන සම්බන්දටව අඩු වීමෙන් තිරිංග යෙදුවත් රථයේ වේගය අඩු වන්නේ නේ නැ අප රටට ගැලපෙන වේග සීමාව පැයට කිලෝ මීටර් 80 තමා උපරිම විය යුත්තේ මේ රූපවල පෙන්වන ආකාරයට පොලිසිය මග රැක සිටිය යුතු නැ මාර්ගයේ කිලෝ මීටර් 10 හෝ 15 කැමරා සවි කිරීම මගින් රථය මාර්ගයෙන් පිටවන ස්ථානයෙන් දඩ මුදල අයකරගත හැකි ආකාරයට නවීකරණය කල හැකි (අ)
අර ඇමති කෙනෙක් කිවුවේ 160 ගිය කියල (අ)
කිලෝමීටර 97, 100 ට ගියොත් විනාඩි 58 කින් යා හැක. එම කිලෝමීටර 97 ම 120 ගියහොත් විනාඩි 49 කින් ගැලනිගමට හෝ ඉන් මෙහා තැනකදී පරලොවට යා හැක. (නි)
දේශපාලකයෝ සාමාන්‍ය වෙලාවටත් පාරවල් වල යන්නේ 120ට, තුන්වන මං තීරු ඉබේම ඇති කරගෙන (නි)
100 පනින්නත් බැරි නම් ඒක අධිවේගයක්ද? (නි)
ශාන, අදහස හොඳයි. අහුවුණු කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හරි, අර ඇමතියෝ කට්ටියට ආවඩන කෙනෙක් හරි වුනොත් පොලිසියට සොරිම තමා. කැමරාවල් වලටත් දෙවි පිහිටයි ආරක්ෂාවයි. ප්‍රාදේශීය සභාකාරයන්ගේ කෙරුවාවල් මෙන්න. (නි)
හැම වාහනයකටම එකම වේග සීමාව සුදුසු නැහැ. බි එම් ඩබ්ලිව් , මොන්ටෙරො , බෙන්ස් වගේ බර වැඩි විසි නොවෙන ඒවගෙ ගානට මරුටි , බට්ටා වගේ පපඩම් වෙන ඒව යන්න දුන්නොත් විසි වෙලා ගිහින් මැරෙනවම තමයි (නි)
අධිවේගයට ස්ටීර කැමරා සවි කළානම් අපිට විශ්වාසයි. පොලිසියෙන් කියන වේගවල් වලට අපි ගියා කියලා කොහොමද විශ්වාස කරන්නේ. වැඩි වේගෙන් ගිහින් තියනවා නම් පිටවන තැනදීම දැනුන් දෙන්න ඕනෑ. කොතැනදීද වරද වුණේ කියලා පොටෝ එක්කම. අපි කැමැතියි එතනම දඩේ ගෙවන්න. යන්න පුළුවන් උපරිම වේගෙයි අවම වෙගෙයි ලොකු බෝඩ් වල ප්‍රදර්ශනය කලා නම් තමා හොඳ. වහින වෙලාවට වේගෙ අඩු කළාට කමක් නැහැ. ඊළඟට හදන අධිවේගවල ප්‍රමිතිය අපි මිට වඩා හොඳට බලාපොරොත්තු වෙනවා. (නි)
අදිවේගයේ භාවිතා කරන හයි ස්පීඩ් මීටරයෙන් පොලිසියට හොර කරන්න නොහැකියි. හේතුව රේඩාර් බාවිතා කරලා වාහනේ අංකය රියදුරාගේ පොටෝ එක සහ වේගය පිටවන තැන් වල සටහන් වෙනවා. දඩේ ගෙවන්න පෙර පිටවන තැන් වල පරිගණකයෙන් බලන්න පුළුවන් කියලා රථවාහන පොලිසියේ ලොක්කෙක් රැස්වීමකදී කිව්වා.(නදී)
මුලින්ම ලංකාවේ රියදුරු පුහුණුව යාවත්කාලීන කළ යුතුයි. නව නීති රීති වගේම පුහුණුව විදිමත් කරන්න ඕනෑ. රියදුරන්ට වගේම මුළු රටටම විනයක් පුහුණු කළ යුතු කාලයක් මේක. (නි)
අතේ තියන් වේග මනින මීටර් ලංකාවේ තහනම් නේද? (දී)
අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුල්වීමේදී නිකුත්කරන ප්‍රවේශ පත්‍රයේ වාහනයේ අංකය සහ ඇතුළුවූ වෙලාව සටහන් කරනවානම් ඔය රාජකාරිය පහසු වෙනවා. දැනට එහෙම වෙන්නේ නැහැ.(නදී)
මෙච්චර වේගයෙන් යනකම් පිරිමි 3 දෙනෙක් එදලත් මුකුත් කීවේ නැද්ද, මිනිස්සු නැති වෙන්නෙම තමුන්ගේම වරදින් තමා, ඇගිල්ලේ තරමට ඉදිමෙන්න.(ස)
මම නම් හිතන විදියට අදිවේගයේ දෙතුන් පාරක්වත් ගියපු අය මෙතරම් අදික වේගයෙන් යන්නේ නැහැ. කලාතුරකින් යන අය ඉබ්බා දියේ දාපු සතුටට වගේ යන්න පුළුවන් උපරිමයෙන්ම යන්න බලනවා. ඒක මෝඩ වැඩක් නේද? (ස)
වෙනත් රටවල අධිවෙගී මාර්ග වල මේයට වඩා වේගයෙන් යනවා, හැබයි එම රියදුරන් බොහෝ දෙනෙකුට විනයක්, මොලයක් තිබෙනවා මාර්ග සංඥා සහ මාර්ග නීති වලට අනුව කටයුතු කරනවා. අපේ රටේ අධිවේගී මාර්ගයේ නොව සාමාන්‍ය මාර්ග භාවිතා කරන සමහරක්ට කිසිම විනයක් හෝ මොලයක් නැහැ. මාර්ග විනය දඩ මුදල් ඉහල දැමීම මගින් හෝ ඇති කල කාලය එළඹ ඇති බවයි පෙනෙන්නේ. (ස)