දක්ෂිණ අධිවේගී පොලිසිය හා මාර්ග මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධරයෝ අද දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස්රථ පින්නදුව පිවිසුම අසළදී විශේෂ පරික්ෂාවකට ලක් කළහ.
එම බස්රථ වල මාර්ග බලපත් පරීක්ෂාව හා වැඩිපුර මගීන් පටවාගෙන යන්නේදැයි පිරික්සීම මෙහිදී සිදුවිය.
පොලිසිය සමග එක්ව මෙළෙස බස්රථ පරීක්ෂා කළ ප‍්‍රථම අවස්ථාව මෙය බව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පැවසුවේය.
අඩුපාඩු හඳුනාගත් බස්රථ වල හිමිකරුවන්ට පොලිසිය සමග එක්ව නඩු පවරන බවද ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. හැබැයි මේක නිතර කලයුතුයි. (ර)
සති අන්තයට ,විශේෂයෙන් සිකුරාදා හෝ සදුදා නිවාඩු නම් මහරගම ඉදල අමුතු බුස් දුවනවා මේවා හොයන්නේ නැද්ද ,කොට්ටාවෙන් ඇතුල් කරන බස් ගැන හොයන්න එතකොට අල්ලගන්න පුළුවන්. (ර)
මොනවා කරලා හරි කමක් නැහැ සල්ලි තමයි හොයාගන්න ඕනෑ. නැත්නම් රට ගොඩගන්න අමාරුයි වගේ (නි)
බොහොම හොඳයි (නි)
ඕක කරන්න ඕනෑ පින්නදුවේ නෙමෙයි ගොඩගමදී. මොකද මාතරට පානදුරේ ඉඳලා එන සීටීබී බස් වැඩිපුර දාගෙන එනවා මම දවස් දෙකක් දැක්කා (නි)
මීගමුව කොළඹ බස් පරීක්ෂා කළා නම් හොඳයි. මගීන් වැඩිපුර ගෙනයාම, සීට් ළඟින් සවිකර තිබීම, එන්ජිම උඩ පවා මගීන් රැගෙන යාම නිතරම සිදු වේ (නි)
පොලිසිය නොයොදා කිසිදෙයක් කරන්න බැරි හැඩයි. (නි)
වායු සමීකරණ නැද්ද? මොකටද විදුලි පංකා? (නි)
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)
අධිවේගෙයේදී එහෙම වුණාට, මෙහෙනම් ඇල්ලුවා... මොනවහරි කිව්වා... ගානක් ගත්තා. නැත්නම් නඩු. (නි)
බොහොම කාලෝචිත වැඩක් (නි)
මේවා කියනවා විතරයි. අද මහරගමින් මාතරටත් නැවත මහරගමටත් ආවා. බස් දෙකේම ඉතා අධික ශබ්දයෙන් සිංදු අසන්නට සළස්වනවා. මහා පීඩාකාරි තත්වයක්. (නි)
බස් පරික්ශා කරන එක නම් හොද දෙයක්. හැබැයි නොර්මල් පාරේ වගේ මිනිස්සුන්ගේ කාලේ කන්න එපා. (ර)
මොනවද මේ සීට් වල තිබෙන ඉටි කවර? ලෝකයේ කිසිම රටක කරන්නේ නැති විකාර. ඕවටත් එක්ක තමයි මිනිස්සු ගෙවන්නේ. බස් රථ වල ඇතුළ සහ පිට මාසයකට වරක්වත් පිරිසිදු කරන්න නීති පනවන්න. සමහර බස් වල ගඳට වමනේ යනවා. (නි)