IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ- )

සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක  ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහනපොලිසිය කියයි.

තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහා රෝහල වෙත ඇතුළත් කරඇත. එයින් 56 හැවිරිදි  කාන්තාවගේ තත්ත්වය  තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

ඊයේ (12) රාත්‍රී 11.45 ට පමණ මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.

වැලිපැන්න පන්විල ප්‍රදේශයේ කුඩා දරුවන් ඇතුළු 12 කුගෙන් පිරිසක් අනුරාධපුර වන්දනාවේ ගොස් යළිත් අධිවේගී මාර්ගය ඔස්සේ නිවස කරා පැමිණෙමින් සිටියදී    සංචාරකයන් පිරිසක් ගැනීම සඳහා ගාල්ල ප්‍රදේශය කරා යමින් සිටි මෝටර් රථය වෑන් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ

Nihal Dharmatileke Sunday, 13 April 2025 12:39 PM

බොහෝ රියදුරන් එළවන්නේ නිදිමතින්, වතුර බොමින්, ඔලුව අතගාමින්, රේඩියෝ එක හයියෙන් දමමින්, වේගයෙන් අඩුවැඩි කිරීම නිදිමත රියදුරෙකුගේ පෙරනිමිතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site