කොළඹ මැයි රැලි වලට සෙනඟ රැගත් ලංගම බස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අද උදේ පෙළ ගස්වා තිබිණී.
ලංකා වතු සේවා සංගමයේ මැයි රැලිය මාතර වෙරළ පාරින් අරඹා දුම්රිය පොළ සමුකාර මන්දිරය අසලට ගොස් රැලියක් පැවැත්වීය.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී ලෙනින් පක්ෂය වව්නියාව මහජන ක්‍රිඩාංගණයේදී මැයි රැළියක් පැවැත්වීය.
(රොමේෂ් මධුෂංක)
ලෝක කම්කරු දිනයේදීත් දඹුල්ලේ මෙම කාන්තාව සිය ජීවන මග සලසා ගැනීම සදහා තෙල් හලකදී ශ්‍රමය පිදුවාය.
(කාංචන කුමාර ආරියදාස)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයෙන් ලංගම බස් 400 කින් විතර සෙනග ගෙනාවේ ආණ්ඩුවෙන් මිසක් වෙන පක්ෂ වලින් නෙවෙයි ආනන්ද .(නදී)
සති අන්ත, අවුරුදු උත්සව සහ වෙනත් විශේෂ දිනවලදී නම් අධිවේගී ආදායම ඉතා සරුයි. නමුත් අනෙකුත් සාමාන්‍ය දිනවලදී නම් මෙම මාර්ග වලින් ලැබෙන ආදායම එදිනෙදා නඩත්තු පිරිවැය ආවරණය කර ගැනීමටවත් ප්‍රමාණවත්දැයි සැකයි (නි)
මෙහෙම ගියොත් අධිවේගයත් ඉවරයි. (නි)
මෙම අධිවේගී මාර්ගය සාදන විට විවේචනය කරපු දොස් නගපු අය බොහෝ දෙනෙක් අද එයින් බොහෝ ප්‍රයෝජන ගන්නවා. එහෙත් තවමත් විවේචනය කරනවා. (ස)
ඔව්. අධිවේගී මාර්ග වලට සද්දේ දාපු කට්ටියත්, අද ඒ පාර භාවිතා කරන විට ..අප සතුටු විය යුතු කාරණක් ..ඒත් ඒ පාරවල් වලට කරන ලද වියදම අධික බව නම් අප පිළිගත යුතු වන අතරම තවමත් එහි ආදායම අප රටට ලැබෙන්නෙ නෑ නේද? (ස)
අධිවේගී මාර්ගය සාදපු එක හොඳයි. කරපු කට්ටිය වියදම වැඩි කරලා. (ස)