කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගයන් හි පැය දොළහක මොහයුමකින් රථ වාහන වැරැදි කැර රියදුරන් 48ක් සොයා ගත් බවත් බන් 28 දෙනකුම අධික වේගයෙන් රථ ධාවනය කැර ඇති බවත් ඇතැමුන්ට රියදුරු බල පත් හා ආදායම් බල පත් නොතිබු බවත් අධිවේගී මාර්ග පොලීසිය කියයි.
කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගයන් හි පැය දොළහක මොහයුමකින් රථ වාහන වැරැදි කැර රියදුරන් 48ක් සොයා ගත් බවත් බන් 28 දෙනකුම අධික වේගයෙන් රථ ධාවනය කැර ඇති බවත් ඇතැමුන්ට රියදුරු බල පත් හා ආදායම් බල පත් නොතිබු බවත් අධිවේගී මාර්ග පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු වේගයෙන් යන්න බැරිඉන්දියන් කාර් වලින් වේගෙන් ගිහින් මැරුණට පස්සේ තමයි වේග සීමා දාලා තියෙන්නේ. එතකොටත් මිනිස්සු බනිනවනෙ. කොහොමත් පාරත් හරි නැ තමයි. පරිස්සමෙන් යන එක හොඳා. ඒත් කොටන්න නම් එපා අදිවේගයේ. (නදී)
බර වාහන 100 ට සහ මෝටර් කාර් 120 ටවත් තිබුනා නම් හොදයි (නි)
අනේ මෙහෙමත් රටක්? සල්ලි ගෙවලා ගිහින් දඩත් කනවා. ලංකාවේ මිනිසුන්ට හොද පාඩම්. (නි)
කිමි 120 සීමාව හොඳ සීමාවක්' (ස)
අධි වේගේ උණ පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ. (ස)
මේ හැම දෙනාටම ගෙවන්න අමාරු විදිහේ දඬුවම් තමා දෙන්න ඕනේ. අධිවේගේ මඟට වෙනම මාර්/ නීති සහ දැඩි දඩුවම් දෙන්න ඕනේ. (ස)
සමන්, අධිවේගේ තමා. එහෙත් වේග සිමා තියනවා (නි)
දැන් මේ පාරෙනුත් ගසා කනවද? හයි වේ කියන්නේ වේගෙන් යන්න තියෙන පාරවල් තමා. දැන් ඒකෙත් වේගෙන් යන්න බේරීද?? අනේ අපොයි. (ස)
දක්ෂිණ අධිවේගයේ හා කටුනායක අධිවේගයේ 120 ට යන්න අවසර දෙන්න. මම හිතන්නේ ඒක තමයි නියම වේග සිමාව. නැතිනම් 100 ට යනකොට යන්නේ නැහැ වගේ .අනික , කටුනායක අධිවේගයේ මැද හිටවලා තියෙන ලයිට් කණු ටික හරි පිළිවෙලට කෙලින් කරන්න. සමහර තැන් වල අපිට පේනවා එකක් දකුණට අනික වමට බරවෙලා. බලධාරීන්ගේ අවදානය පිණිසයි. (ස)
අයියෝ සමන් ඔයා නම් මාරයි.පැයට කිලෝ මීටර් 250 විතර ගිහිල්ලා මැරෙන්නද කියන්නෙ. වේග සීමා තියෙනවා මොන පාරක උනත්. (ස)
හයිවේ කිව්වට ඕන ඕන වේග වලින් යන්න බෑ. වේග සීමාවන් පණවලා තියෙනවා. ඒ වේග සීමාව ඇතුලේ වුණත් ආරක්ෂාකාරී විදියටයි රිය පදවන්න ඕන. වහින වෙලාවට, වංගු ගන්න විට, වාහන තදබදයකදී ඒ වේගය වුණත් අඩු කරන්න වෙනවා. නැත්තම් අනතුරු වෙනවා. ආරක්ෂාව ගැන පළමුව සිතන්න. (ස)
අධි වේග කියන නමේ වැරද්දද මන්දා. කට්ටිය පටලවා ගන්නේ. එකෙත් වේග සීමාවල් නීති තියෙනවා සමන් මහත්තයෝ . දඩබ්බර විදයට ගිහිල්ල අනාගන්න මනේ අපේ කට්ටිය කැමති. අදහස් දාන අයත් ලියන්නේ අල්ලපු පොලිසිය වරදියි වගේ. ලංකාවේ අපේ අයගේ ආකල්ප වෙනස් උන දවසක මේ හොරකම්, දුෂණ රිය අනතුරු අඩු වේවි. කොච්චර නම් රිය අනතුරු සාධාරණීය කරණය කරලා මිනිස්සු ලියන වද දකිද්දී හරි දුකයි. (ස)
අධිවේගී පාරවල් වල නොගිය අයත්, අධි වේගී පාරවල් ගෙන කතා කරනවා, අධි වේගී නීති ගෙන දොඩවනවා,,, රටට ගීය කල (දිල්)
මට දැන් බනියි කට්ටිය කමක් නැහැ ...ලංකාවේ හැටියට පාරවල් මසුරන් .එත් ගොඩක් දුර්වල කම් තියෙනවා ..එක සාමාන්‍ය දෙයක්(දිල්)
මේ ලංකාවේ තියෙන්නේ අධිවේග දෙකයිනේ (නි)
උපරිම වේගය 120 කරා නම් හොඳයි කියල මාත් හිතනවා. (ස)
යසවතීට කෙලින්ම යන පාරක් ඕන වෙලා වගේ.(නදී)
ගොඩක් අය හිතන්නේ මහජන දේපල අයිති තමන්ට විතරයි අනුන්ට නොවෙයි කියලා. පාරක් හරි වෙනත් දෙයක් හරි නිර්මාණය කරනකොට ඉංජිනේරුවෝ නොයෙක් කරුණු සළකා බලලා ඒ අනුව නිර්මාණය කරන්නේ. පාර 100 යන්න හැදුවා නම් 150 ට යන්න බැහැ. මොකද විශේෂයෙන් වංගුවල පිටපැත්ත ඇතුළු පැත්තට වැඩිය උසින් හදන්න ඕනෑ වාහන පෙරලීම නවත්වන්න. වාහන හැරෙනකොට පිට පැත්තට පෙරළෙන්න බලනවා. මේ නිසා පහන් කණු හා අනකුත් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ යම්කිසි හේතුවක් නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර දේවල් ගමන් මගේ ඒකාකාරි බව අඩු කරන්න හෝ ශබ්දය අඩු කරන්න වෙන්න පුළුවන් (නි)
කොහොම ගියත් කොට්ටාවේ සිට කුරුඳුගහ වෙනකම් පාර හරි නෑ. ලෙවල් එකට තියෙන්නේ කුරුඳු ගහ සිට පින්නදුවට. (ස)
අධිවේගේ ඉබි ගමනක් කරලා ආදායම අඩු කරන්න නෙමෙයි නේද හදන්නේ? (නි)
ගමගේ, ගයාන්, ඔබ සමග 100% ක් එකඟයි. සමහරු හිතන්නේ අධිවේගී කිව්වම පුළුවන් තරම් වේගයෙන් යාම තමයි කළයුතු දේ කියලා. වේග සීමා, කාලගුණික තත්වයන් කියලා දෙයක් ගැන ඔවුන් අහලා නැතුව ඇති. 120 ට යන්න කතා කරන උදවියට හිතන්නේ නැද්ද මේ අල්ලපු රියදුරන් වගේ බලපත්‍රයක්වත් නැති නුපුහුණු රියදුරන්ට 120 නෙමෙයි 50 ට වත් යන්න දෙන්න හොඳ නැහැ කියලා? පුහුණු රියදුරනුත් මාරක අනතුරු සිදුකරනකොට මේ කට්ටිය මොනවා නොකරයිද? (නි)