දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල නවතා තිබූ බසයක තවත් බසයක් හැපීමෙන් හත් දෙනෙක් තුවාල ලදහ. ඒ අතර කාන්තාවෝ සිව් දෙනෙක් වෙති. එක් බසයකට අධිවේගී මගේ මගීන් ප්‍රවාහනයට බලපත්‍ර නැති බව පෙනේ යැයි පොලිසිය කියයි. මගීන්ගෙන් රුපියල් 500 බැගින් ලබගෙන පින්නදූව දක්වා මගීන් රැගෙන එන වාහන තවත් ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයේ යන ඔය බස් රථයක ඇවිත් බලන්න. - වැඩි මුදලක් අය කරනවා. - ආසන ගණන මෙන් දෙගුණයක් මගින් පටවනවා. - අධිවේගයේ ධාවනයේදී මගීන් හිටගෙන ගමන් කරවනවා. - පිවිසුම් ස්ථාන වලදී මෙම මගීන්ව අන් මගීන්ගේ ආසනවල, ඇදිවල, ඔඩොක්කුවේ, සහ බිම හිදුවනවා. -අපරික්ෂාකාරීව, අනාරක්ෂිතව, මානසික පිඩනයට ලක්කොට, මගීන් ප්‍රවාහනය වෙනවා. ඇවිත් ම බලන්න.. (අ)
චමත්, මාලිට පොඩි අතපසුවීමක් වෙලා (නි)
අපේ පොලිසිය සෑහෙන වගකීමෙන් කතා කරන්නේ. (නි)
වහාම නීති පරිදි ක්‍රියා කරන්න (නි)
බලපත්‍ර මොකටද දේශපාලකයින්ගේ බස්වලට. (අ)
අද වෙන්නැති දන්නේ බලපත්‍ර නැතිව බස් දුවන බව. (අ)
අංක තහඩුව නියනවද බලන්න? (අ)
අංක තහඩුව හොර ඒවා ද බලන්න එහෙම නම් ඒවා දේශපාලුවන්ගෙ බස් අත තියන්න එපා ගෙදරයන්නයි වෙන්නෙ (අ)
තව ටික කලකින් ලංකාව අර සිම්බාබ්වේ රටේ වගේ සියලුම බස් රථ ඉඩම්කඩම් ඇතුළු වටින කියන සියලුම දේවල් වල අයතිය දේසපාලුවන්ගේ අතේ (දී)
මාලි,ගෙදර යවලා හිටියොත් ඇති ...ඊට පස්සේ ගුටිත් කාලා ගෙවලුත් ගිනි තියලා .... අවුරුදු 20 කට කලින් වෙච්ච මොකක් හරි වැරැද්දක් හොයලා නඩුත් දායි,,එහෙම නොවුනොත් තමයි පුදුමේ ...(අ)
අධිවේගී මග ආරම්භ කරලත් දැන් සැහෙන කලක් වෙනවා. දැන්ද මෙයාල දන්නේ බලපත් නැතිවත් වාහන දුවනවා කියලා. (ස)
සඳුනි ,ඔබ නියම පිළිතුරක් දීලා තියනවා , ඔතන ඉන්නේ මෝඩයෝ ටිකක්. (ස)
දේශපාලකයන් ගැන මෙහි තියෙන අදහස් දැක්කම ,දේශපාලන නායකයන්ට රෙදි ඇඳගෙන සිටිය හැකිද? අනේ රටකට ගිය කල.දෙවියනි ඔබ මර නින්දේද? (ස)