අද මැදියම් රැයේ සිට ලබන 25 වන තුරු අධිවේගී මාර්ග බස් ගාස්තු සියයට 30කින් පමණ අඩු කිරීමට යයි. මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් අනුව මේ පියවරගෙන ඇත. මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ගොඩගම දැනට පවත්නා රුපියල් 550 ගාස්තුව රුපියන් 350ක් වනු ඇත. කොට්ටාව පින්නදූව දැනට පවත්නා රුපියල් 400 රුපියල් 300කි. කොළඹ කටුනායක මාර්ගයේ පෑලියගොඩ කටුනායක ගාස්තුව රුපියල් 200කි. පෑලියගොඩ ජාඇළ ගාස්තුව රුපියල් 150 කොට්ටාව කඩුවෙල ගාස්තුව රුපියල් 100කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා සැරේ නම් අවුරුදු සරු පාටයි (නි)
අපේ ජනාධිපතිතුමාට ජය වේවා! (නි)
මේපාර නම් ඡන්දෙන් දීපු පණිවිඩේ නම් චුට්ටක් තේරිලා වගේ! ඊළඟ පාරත් ඔය වගේ පණිවිඩයක් දුන්නොත් තවත් ගාස්තු, බදු එහෙම අඩු වේවි. (අ)
මෙදා අවුරුද්දට සහන ගොඩයි නේද? (නි)
බස් ගාස්තු අඩුවීම ගැන නම් ඇත්තටම සතුටුයි (නි)
අපේ ජනාධිපතිතුමාට බොහොමත්ම ස්තූතියි! දැන් අපිට නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවෙලයි තිබෙන්නේ (නි)
මේ ලැබෙන සහන වලට විපක්ෂයට ඡන්දය දුන් සහ ඡන්දය වර්ජනය කළ බස්නාහිර දකුණ ජනතාවට මගේ ප්‍රණාමය! (නි)