කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව කඩුවෙල අධිවේගී මාර්ගය අදත් හෙටත් නොමිලේ ඇතුළු වී පාගමනින් ගොස් නැරැඹීම සඳහා මහජනයාට අවස්ථාව සලසා දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් සිසුහු දහසකට ආදී සිසුහු එහි ආහ.
තූර්ය වාදක කණ්ඩායම් කොතලාවල පිවිසුමේ සිට අතුරුගිරිය පෝරේ දක්වා ගමන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේම වැරදි මේ විදියට අනවශ්‍ය ලෙස මහජන මුදල් සහ ශ්‍රමය විනාශ කරන දේශපාලකයන් පත්කර ගත්තේ අපි විසිනි. ලබන ඡන්දයේදී එම වැරැද්ද හදා ගන්න බලමු.(නදී)
අපේ අයටත් ඕන නැති මගුලක් නැහැ.(නදී)
ඡන්දෙටත් පිවිසුමක්ද? (නදී)
මාර්ගවල තදබදය අඩු කිරීම සදහා මේ වැනි අධි වේගී මාර්ග , ගුවන් පාලම් ඉදිකිරිම අවශ්‍යවේ. නමුත් කිලෝමීටර 10 පමණ මාර්ග කොටසක් විවෘර්ත කිරීමට පාසල් සිසුන් දහස් ගණනක්, ගුරුවරු , ආරක්ෂා නිලධාරීන් සිය ගනනක් සහ වෙනත් රැකියා කරන්නන් දහස් ගනනක් දිනයක ශ්‍රමය අපතේ යවමින් සැරසිලි ආහාරපාන වැනි දේවලට ලක්ෂ ගණනක මුදල් අපෙතේ යවමින් මෙවැනි පෙළපාලි යාම අනුමත කල නොහැක . මේ විනාශ කරන්නේ නයට ගත් මුදල්ය. මේවට පොලිය සමග නය ආපසු ගෙවන්න වෙන්නේ මෙහි ගිනි අවුවේ ගාටන අපගේ බාල පරම්පරාවටය . ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු ජෙ ජර්මනිය , එංගලන්තය , ජපානය වැනි රටවල පවා මාර්ග විවෘර්ත කිරීමට මෙවැනි නිෂ්පල වියදම් දරමින් රටේ ශ්‍රම බලකායන් රස්තියාදු කරනු නොලැබේ.(නදී) .
මීට අවුරුදු පනහකට පමණ පෙර පාසල් සිසුවෙකු ලෙස මෙවන් දේට මා සහබාගී වී තිබෙනවා. අදත් පාසල් සිසුන් මේවාට සහබාගී කර ගන්නවා. තව අවුරුදු පනහක් ගියත් අපේ රට දුවන්නේ ඔය වට්ටෝරුවේම තමයි. එය වෙනස් කරන්නට යුඑන්පී ශ්‍රීලංකා ජේවීපී දේශපාලනේ මේ රටින් තුරන් වෙන්න ඕනා.(නදී)
නියමයිනේ.(නදී)
මේ මාවතේ අද දින ඇවිදගෙන ගිය දහස් ගණන් සිසුන් ගෙන් 1% කෙනෙකුටවත් අනාගතයේදී අවස්ථාවක් ලැබෙයිද කියන්න බැහැ වාහනයකින් හෝ මේ පාරේ යන්න. ජනතාව රවට්ටන්න අද දින පාරේ ඇවිදගෙන ගිය ඇමති තුමාගේ පිට රට ගොස් "සුදුසුකම්" ලබා ගත් දුවල පුතාල සුඛෝපභෝගී වාහන වලින් දිනපතා ම වාගේ මේ පාරවල් වල ඉගිළිලා යාවි. අන්න ඒකයි වෙනස.(නදී)
මාර්ගවල තදබදය අඩු කිරීම සදහා මේ වැනි අධි වේගී මාර්ග , ගුවන් පාලම් ඉදිකිරිම අවශ්‍යවේ. නමුත් කිලෝමීටර 10 පමණ මාර්ග කොටසක් විවෘර්ත කිරීමට පාසල් සිසුන් දහස් ගණනක්, ගුරුවරු , ආරක්ෂා නිලධාරීන් සිය ගනනක් සහ වෙනත් රැකියා කරන්නන් දහස් ගනනක් දිනයක ශ්‍රමය අපතේ යවමින් සැරසිලි ආහාරපාන වැනි දේවලට ලක්ෂ ගණනක මුදල් අපෙතේ යවමින් මෙවැනි පෙළපාලි යාම අනුමත කල නොහැක . මේ විනාශ කරන්නේ නයට ගත් මුදල්ය. මේවට පොලිය සමග නය ආපසු ගෙවන්න වෙන්නේ මෙහි ගිනි අව්වේ ගාටන අපගේ බාල පරම්පරාවටය . ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු ජර්මනිය , එංගලන්තය , ජපානය වැනි රටවල පවා මාර්ග විවෘර්ත කිරීමට මෙවැනි නිෂ්පල වියදම් දරමින් රටේ ශ්‍රම බලකායන් රස්තියාදු කරනු නොලැබේ.(නදී)
ද සිල්වා හරි, ලංකාව කවද්ද පලදායි දෙයක් කලේ? (නදී)
වෙනත් රට වලත් මෙවැනි පාරවල් විවෘත කරනවා . නමුත් මේ වගේ ගොන් පාට් දාන්නේ නැහැ. මේක හරියට බණ්ඩා නගරෙට ඇවිල්ලා වගේ.(නදී)
මේ දේවල් සංදර්ශන පැවැත් විය යුතු දේවල් නොවේ.රටක පාලක රජයේ වගකීමක්. (නදී)
පාරවල් හදන එක හොදයි. ඒත් ඇයි මෙච්චර මෝඩ චූන්. (නදී)
හිරාන්, ඔබ හරියටම හරි (දිල්)
මම ජීවත් වන රටෙත් මෙවැනි අලුතෙන් හදපු අදිවේග මාර්ග විවෘත කරනවා. නමුත් කවුරුත් සම්භාවනීය අමුත්තෝ ඇවිල්ලා පීත්ත පටි කපලා එහෙම නොවෙයි. සතියක් පමණ කාලයක් රජය මගින් නොමිලයේ බස් රථ යොදවා මහජනයාට නව අධිවේග මාර්ගය දැක බලා ගැනීමට පහසුකම් සලසනවා. හැබැයි කිසිම කෙනෙකුට පයින් ගමන් කර, එය නැරබීමට නම් අවසර දෙන්නේ නැහැ.(නධී)
මෙන්න තවත් ඡන්ද ගුන්ඩුවක්.(නදී)
අධිවේගී මාර්ග නරඹන එකම රට ශ්‍රී ලංකාව බවත් , මෙය ඉතාම අනුවණ ක්‍රියාවක් බවත් මගේ මතයයි.(නදී)
පපිට රටවලට මේවා සුලබ දේ උනාට අපේ ළමයින්ට මේවා නැරඹීම අධ්‍යාපනික වටිනා කමක් ඇති දෙයක්. අර කියපු රටවල් ඔය තරම් දියුණු වීමට ප්‍රධාන සාධකය කියවන එකයි අසන එකයි සිහි බුද්ධියෙන් කල නිසා මිසක් හැම දේකම වැරදි හොයපු නිසා නෙමේ. (නදී)