(නිමල කොඩිතුවක්කු)
අධ්‍යාපනය වෙනුවෙන් නව පනතක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(04) පැවසීය.
අධ්‍යාපනයේ පවතින සියලූම ගැටලූ වලට මෙම නව පනතින් විසඳුම් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන පීඨයේ පැවති ළගම පාසල හොඳම පාසල වැඩසටහනේ දෙවන අදියර යටතේ පාසල් ගොඩනැගිලි 250ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයට එක්වෙමිනි.
නවින දැනුම සහ රැකියා වෙළඳපොළට ගැලපෙන නව දරුපරපුරක් බිහිකිරිම ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
head-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වේගෙකින්නේ වැඩ කරන්නේ. බලාගෙන ට්‍රැෆික් රාලහාමි වේග සීමා ඉක්මවා ගියා කියලා උසාවි දාවී..
ඒ පනතත් මහ ජනතාව දැන ගත්තා නම් හොඳයි. මොකද මෙයාලට නම් කිසිම වුවමනාවක් නෑ... රටක් හැටියට ගොඩඑන්න. ලෝකෙ වටේ හිඟාකන්නයි, ඒ රටවල්වලට ඕන විදිහට නටන්නයි තමයි දඟලන්නේ...
ඔය මොන පනත ගෙනාවත් කමක් නැහැ. දැනට ළමයින් දවසකට ගෙනියන පොත් ප්‍රමාණය අඩු කරන්න වැඩ පිළිවලක් ඇතිව. නැතිනම් ඉතින් අනාගතයට ඉතිරි වෙන්නේ කොන්ද නැමුණු කිසිම ඉවසීමක් නොමැති එකිනෙකා ඇන කොටාගන්නා මිලේච්ඡ සමාජයක් පමණයි.
රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමති ලෙස 1981 සිට මුස්ලිම් අන්තවාදය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමේ ප්‍රතිඵලය අවුරුදු 30කට පසුව මරාගෙන මැරෙන ප්‍රහාර.... කිසිම අත්දැකීමක්, පලපුරුදක් නැති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට පත්කිරීම නිසා අද මහා අවුලක් අධ්‍යාපන ක්ෂේත්රයේ ඇතිවී ඇත. අදට වඩා හෙටට මෙම අත්දැකීම් පලපුරුද්දක් නැති නවක ඇමතිගේ තීරණ අනාගත පරපුරට බලපානු ඇත.