IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධ්‍යාපනය නංවන්න මලයා සරසවියෙන් අත හිත

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ  අධ්‍යයන කටයුතු වඩාත් ඉහළ නංවමින් දැනුම හුවමාරු කැර ගැනීම සඳහා දැන් අවස්ථාව සැලැසී ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්  ඩබ්ලිව් එම්  අබේරත්න බණ්ඩාර  මහතා පවසයි.

මලයා විශ්ව විද්‍යාලය සමඟ මේ වසර මුලදි අති කැර ගත් අවබෝධතා ගිවිසුම මීට මඟ පෙන්වන බවද මහාචාර්යවරයා කියයි.

 දැනුම හුවමාරුව , ජාතික අධ්‍යාපන අයතනයේ අධ්‍යයයන කාර්ය මණ්ඩලයේ ඥාණ ගවේෂණ අවස්තා ඇති කිරීම  ජාතික අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයට දර්ශනශූරී  උපාධිය  ගාස්තු ගෙවීමකින් තොරව  හැදැරීමට ඉඩ ලැබීම  වැනි සුවිශේෂි වරප්‍රසාද මේ ගිවිසුම නිසා හිමි වී ඇතැයිද මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පවසයි.

මලයා විශ්ව විද්‍යාලයයේ උපකුලපති ආචාර්ය ග්වුත් ජැස්මන්,ජාතික අධ්‍යාපන ආයතනයේ  අධ්‍යක්ෂ ජනරාල්  ඩබ්ලිව් එම්  අබේරත්න බණ්ඩාර මහත්වරු ගිවිසුම අත්සන් කළහ.

ග්‍රාමීය කටයුතු පිළිබද ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාද මේ අවස්තාවට සහභාගී විය.

මේ ගිවිසුම අනුව මලයා විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරු හය දෙනෙක්ද උපාධි අපේක්ෂකයෝ කණ්ඩායමක්ද  ජාතික අධ්‍යාපන ආයතනයයේ චාරිකාවක් සදහා පැමිණියහ.

එම කණ්ඩායමේ සාමාජිකයෝ අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා හමු වු අතර  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය,නුවර හා පුලතිසිපුර විද්‍යාපිඨයන්හි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුහ.

ජාතික අධ්‍යාපන අයතනයයේ හා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධරයන් විෂය මාලා  සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳව දේශන මාලාවක්ද මලයා සරසවි මහාචාර්යවරුන් විසින් පැවැත්විණි.



අදහස් (0)

අධ්‍යාපනය නංවන්න මලයා සරසවියෙන් අත හිත

ෂෙරිෆ් Wednesday, 07 August 2013 03:53 PM

වර්තමාන අපේ රටේ අධ්‍යාපනය නංවන්න ඇප කැපවී ක්‍රියා කිරීම ඉතාම හොඳ දෙයක්, එතුලින් කීර්තිමත් ජන සමාජයක් බිහිකර ගත හැකියි. (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 08 August 2013 12:29 AM

කාගේ අතහිත ලැබුණත් වැඩක් නැහැ, රටට ගැලපෙන පොදු අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි (නි)

:       0       0

මුණසිංහ Wednesday, 07 August 2013 07:30 PM

ජාතික අධ්‍යාපන ආයතනය සල්ලි කාබාසිනියා කරන ආයතනයක්. පන්ති පොත් ලියපු ඒවායේ තවමත් වැරදි තියෙනවා. කරන්න වැඩ ඕන තරම් තියෙද්දී අඡයාපනය විනාශ වෙද්දී එක තවමත් නිදි. (අ)

:       0       0

නන්ද Wednesday, 07 August 2013 03:08 PM

නියමයි. ඉදලා හිටලා හොද පුවතක් අහන්න ලැබුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site