IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධ්‍යාපන නවීකරණයට ලෝක බැංකුවෙන් අත හිත

 

(අංජුල මහික වීරරත්න)

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව වෙතින් අතිරේක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක බැංකුව විසින් සපයන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අරමුදල් යටතේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතී

. මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ හඳුනා ගන්නා ලද ව්‍යාපෘති සංරචක සියල්ලම පාහේ ක්‍රියාත්මක කර අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කරගනු ලැබ ඇත. 

එම ව්‍යාපෘතිය යටතේ හඳුනා ගනු ලැබ ඇති තවත් සංරචක කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් ව්‍යාපෘති යටතේ ඉතිරිව පවතින අරමුදල් වලින් ඇමෙරිකා ඩොලර් මිලියන 50 ක අතිරේක මුල්‍ය පහසුකමක් සලසා ගැනීමට හැකියාව පවතින බව පෙනී ගොස් ඇත.

 2026 වර්ෂයේදී ආරම්භ කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, සියලුම පළාත්වල තෝරාගත් පාසල් 900 ක සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, ප්‍රතිසංස්කරණය කරන ලද විෂය මාලා ඇගයීම් කරණය සහ ගුරු වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස එකී අතිරේක මූල්‍ය පහසුකම යෙදවීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, යෝජිත අතිරේක මුල්‍ය කරණය ලබා ගැනීම පිණිස ලෝක බැංකුව සමග සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

අධ්‍යාපන නවීකරණයට ලෝක බැංකුවෙන් අත හිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site