තැන්පත්කරුවන්ගේ මුදල් නොගෙවීයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ එල්) හි හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනකු රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් වන පරිදි මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
තැන්පතු මුදලට පොලී නොගෙවී යැයි තැන්පත් කරුවන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව මේ නඩුව පැවැරිණි.
තැන්පතු මුදල් ගෙවන බව සැකකරුවෝ අධිකරණයට දැන්වූහ.
ඩග්ලස් ජයතිලක, ප්‍රභාත් සමරසිංහ, ප්‍රේමසිරි විතාන යන හිටපු අධ්‍යක්ෂවරු ඇප මත මුදා හළ මහේස්ත්‍රාත් ලබන 23 වැනිදා නඩුව නැවත කැඳවන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන විදියට මේ මහේස්ත්‍රාත්වරයාත් මුදලට යට වෙලා වගෙයි. (ස)
ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොවුණු මුල්‍ය ආයතන වලින් පරෙස්සම් වන ලෙස ජනතාව දැනුවත් කලාට ලියාපදිංචි වුනු මෙවැනි මුල්‍ය ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන කොට ජනතාව ශ්‍රී ලංකා මහා බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙනවා. (දී)