තැන්පත්කරුවන් 120 දෙනකුගේ වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් 14 දෙනකුට කොළඹ වංචා විමර්ශන අංශයට ගොස් කටඋත්තර දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මෙම සමාගම කල් පිරුණු පසු තැන්පත් කරුවනට රුපියල් කෝටි 103.2 මුදලක් ද, පොලී වශයෙන් තවත් රුපියල් කෝටි 17.9ක් ද ගෙවිය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊට කළින් දන්වා තිබිණි.
අධ්‍යක්ෂවරුන් 14 දෙනාගෙපන් 12 දෙනෙක් උසාවියේ පෙනී සිටියහ.
ලක්ෂ්මන් රංජිත් අමරසේකර, ටොරින්ටන් ෂර්ලි පෙරේරා, ගාමීණී චන්ද්‍රලාල් රුද්‍රිගූ, ජයන්ත ක්‍රිෂාන්ත වික්‍රමරත්න, සමරකෝන් බණ්ඩාර කොන්ඩදෙනිය, තුසිත සමන්ත නන්දරත්න, ලක්ෂ්මන් රූපසිංහ, සනත් ප්‍රියන්ත දළුවත්ත, ප්‍රේමසිරි විතාන පතිරණ, දොන් ජෝසප් ඩග්ලස්, ගමගේ ප්‍රභාත් සමරසිංහ උසාවි පැමිණ සිටියහ.
රොස්කෝ ඇන්තනි මෙලනි හා ගමාච්චිගේ ස්වර්ණා මෙලනි පැමිණ නොසිටයහ.
දුලාන් ආසිරි හෙට්ටිආරච්චි වෙනුවෙන් නීතීඥවරයෙක් පෙනී සිටියේය.
වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි 11 වැනිදා ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝල්ඩන් කි එකේ ප්‍රශ්නයට මොකද උනේ (දී)
ඒ අසරණ මිනිස්සුන්ගේ හැගීම මට තේරෙනවා (දී)
ඒ වුනාට මේ ගොල්ල තවම අඩ්වටයිසින් කරනවනේ. ඒ ඇයි? ලංකාවේ නම් දරාපු සමාගම් වැඩිහරියක ඉන්නේ මේ වගේ කට්ටිය තමයි. රක්ෂණ වන්දි ගන්න කර්මාන්තශාලා ගිනිතියන උදවියනේ. (අ)