විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.සුහයිර් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලයෙන් ඉවත් කරනු ලැබ සිටී.
මෙගා ටෙලි නළුවක් නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 700ක් ඔහු විසින් අනුමත කරන ලදැයි කියන සිද්ධියක් දැන ගන්නට ඇත.
ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු බව කියන සුනිල් එස්.සිරිසේන මහතා පත්කර ඇත.
සුහයිර් එම තනතුරට ගිය වසරේ පත්කෙරුණේ ගිය රජයෙනි.
අධ්‍යක්ෂ ජනරාල් ඒ සම්බන්ධයෙන් මෙසේ කියයි.
‘විදුලි සංදේශ නියාමන කොමිසම නිසි පටිපාටියකින් තොරව සිනමා පටයක් සඳහා මුදල් දීම ගැන පළවන පුවත් සාවද්‍යය. විදුලි සංදේශ පනතේ 73 වැනි වගන්තියට අනුව විදුලි සංදේශ යන වචනය අර්ථ දැක්වීමේදී එයට ටෙලි නාට්‍ය හා සිනමාවද ඇතුළත් වේ. අදාළ චිත්‍රපටයට අනුමැතිය දී ඇත්තේ එම වැඩසටහනේ අදාළ ක්‍රියාපටිපාටීන්ට අනුගත වෙමිනි. මෙහි ප්‍රතිලාභයන්ගන් 100% අයිතියද කොමිසම සතුය. සමාගම සතු සමාජ වගකීම් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන කොමිසමට ලබාදී ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී ඇත. ඒ අනුව ටෙලි නාට්‍ය සඳහා රුපියල් මිලියන 7.9 ක්ද චිත්‍රපටයකට රුපියල් මිලියන 63 ක්ද අනුමත කර ඇත‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයතා ක්‍රියාවලට රජයේ ජේෂ්ඨ නිලධාරීන් පෙලබෙන්නේ වගකියයුතු දේසපලඥයින්ගේ බලපෑමෙන් බව දැනට අදිකරණය ඉදිරියේ ඇති සිල් රෙදි නඩුව ආදියෙන් මැනවින් පෙනේ . (අ)
මෙගා ටෙලි නළුවා කවුද දන්නෙ නැහැ (නි)
ඒකත් එහෙමද? (නි)
එම්.ආර්. කේ.සීෂෙල්ස්, අපේ ආදරණීය අම්මා දැනටමත් ඉන්නේ ලෙඩ ඇඳේ. අපේ අයට වගේ වගක් නැහැ. මෙයාලට ඇහැ ඇරෙන්නේ අම්මා මියගියාට පස්සේ.අපේ මතු පරපුරට ඉතුරු වන්නේ තවත් පලස්තීනයක්. (නි)
සුදුස්සාට සුදුසු තැන දෙන්න (නි)
ඌවෙ ඇත් රජුනි, විනාශ කරපු ඔය සල්ලි එයාගෙන්ම ගන්න එ්කත් කරන්ට. (බ)
ඉන්න වැරදි කරුවන් සියල්ලන්ම නීතියේ රැහැනට හසු වේවා,! (ර)
ඔන්න සිරිසේනලගෙත් හොඳ කාලෙ ඇවිල්ල (රේ)
මගේ අම්මෝ මිලියන 700 කියන්නේ කජු ඇටද කොස් ඇටද ? (බ)
දන්නවද ඔය අනිත් සිරිසේන ගැන ? (රේ)
ටෙලි නළුවට සල්ලි දෙන්න උපදෙස් දුන්නු උපදේසකට තවමත් රස්සාව තියෙනෙවද ? අපි නං දන්නවා කව්ද කියල (රේ)
මෙයාගේ කතාව දෝලාවෙන්.ගමන පයින් .මමත් මෙයත් එක්ක කතා කලා.දුන්නේ ධර්ම ටෝක්ස් .හොඳ වැඩේ (ම)
මහජනයා, හාල් ඇටෙන් ,සිනි ඇටෙන් , අබ අැටෙන් ,තිරිගු අැටෙන් ,කොත්තමල්ලි අැටෙන් ,ගෙවන බදු මුදල් නේද මේ .මගේ රටේ අහිංසක මිනිස්සු පවු (අ)...
දැන් ඔක්කොම හරියාවි (ම)
අනේ අම්මපා වෙනසේ තරම! නේද? (නි)
හොඳ ආරංචියක් (නි)
පෙරේරා මහත්තයෝ, ඌවෙ දළ ඇත්තුත් ඉන්නවද ඇත්තට? ආසයි අපිත් බලන්න. ඉන්න තැන කියන්නකෝ අපිටත් බලාගන්න (නි)
කට්ටියක් කජු ඇට කොස් ඇට ගානට මුදල් කාබාසිනියා කරනවා.තව කට්ටියක් අම්මා අප්පාගේ බුදලය කියලා හිතාගෙන රක්ෂිත එළිපෙහෙළි කරමින් ගොවිතැන මුවාවෙන් පරම්පරාව පදිංචි කරනවා.තව පැත්තකින් කුඩු රටට පොම්ප කරමින්,වඳ පෙති,මත් පුවක් පාසල් අවට පවා ප්‍රචලිත කරමින් ජාතියට වින කටිමින් මහා විනාශයක් කරමින් සිටිනවා.මොන පාලනය ආවත්,තොප්පිය හැරුන පැත්තට වැඩ ටික කරගෙන යනවා අපේ හැම පාලනයකටම නාස් ලණු දාගෙන... (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ, ඔබයි හරි කතාව කිවුවේ (නි)
සුහයිර් මහත්තයා වරදක් කර ඇත්නම් එහෙම කළාට කමක් නැහැ (නි)
මෙහෙම ටෙලි නාට්‍ය ගහන්නයි චිත්‍රපටි හදන්නයි කෝටි ගණන් වියදම් කරන්නේ 25%, 2%, 10% අපේ දුරකථන බිලට එකතු කරන අර බදු සල්ලිවලින් නේද? (ත)
හොඳ හොඳ නාට්‍ය පහුගිය දවස්වල කට්ටිය රඟපෑවානේ? (නි)