වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ මෙරට සංචාරයේ නිරීක්ෂණ පිළිබඳ මූලික වාර්තාව සහ නිර්දේශ සෙනසුරාදා (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
පසුගිය 29 වනදා රජයේ ආරාධනය මත අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්ඩස් මහතා දිවයිනට පැමිණියේය. මෙරට රැදී සිටි කාලය තුළ එම නියෝජතයින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ මෙරට තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ නිරත වුණි.
එලෙස සිදු කළ නීරීක්ෂණයන් ඇසුරෙන් සැකසූ මූලික වාර්තාවක් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලයේදී මාධ්‍යට ඉදිරිපත් කිරීමට නියමිත යැයි ද ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාව පිටවෙලානේ තියෙන්නේ. ඇමතීන් විශාල ප්‍රමාණයක් ඉන්නා නිසා අධිකරණ ඇමතිගේ බලපෑම්, නඩු කල්දැමිලි, විනිශ්චයකරුන් තමන්ට ලැදී අයව තමන්ගේ මිතුරන්ගේ නඩුවලට පත්කර ගැනීමෙන් තමන්ට වාසිදායක තීන්දු ගැනීම, ඇප දීමට නොහැකි පොදු දේපල, ආගමන විගමන, හොර ගමන් බලපත් පාවිච්චි කර හසුවූ තමන්ගේ මිතුරන්ට විශේෂයෙන් සැළකීම, අනවශ්‍ය ලෙස නඩු කල්යැවීම යන බොහෝ කරුණු එකතු වියයුතුයි. අපවත් ඔවුන්ට මේ ගැන ලිවිය යුතුයි (නි)