අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ නියෝගයෙන් අධිකරණ මාධ්‍යවේදීන් සදහා පහසුකම් සහිත විශේෂ කාමරයක් ලබා දෙනු ලැබීය.

 අධිකරණ මාධ්‍යවේදීන් වෙත වෙන් කෙරුණු විශේෂ නිල කාමරය සියලු පහසුකම්වලින් සමන්විත වේ.

ඒ අතර අධිකරණ මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු පහසු කර දීම සදහා වෙනම මේස , පුටු ද දුරකථනයක් සහ උණු ජලය පානය කිරීමට විශේෂ ෆිල්ටරයක් ද වේ.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පෙරේදා අධිකරණ මාධ්‍යවේදීන් වෙත දුන් පොරොන්දුවක් අනුව මෙම නිල කාමරය ලබා දෙනු ලැබිණි.