( සිතුම් චතුරංග)
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ ආදාහන කටයුතු එම විහාර භූමියේ සිදු නොකරන ලෙස දායක සභාවට මුලතිව් අතිරේක මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා විසින් අද (22) තහනම් නියෝගයක් නිකුත් කළේය.
එමෙන්ම නා හිමිගේ ආදාහන කටයුතු මුලතිව් අධිකරණයේ නියෝගයක් ලැබෙන තුරු නොකළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එමෙන්ම හෙට (23) විහාරයේ දායක සභාවට හා එහි වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට අධිකරණයේ පෙනී සිටිය යුතු බවද නියෝගයෙන් දන්වා තිබේ.
විහාරාධිපති නා හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.
විහාරස්ථානයේ හා විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ සාමය කඩවන හා එයට අගෞරව වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුකිරීමට අවසරයක් නොමැති වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරඇත.
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විහාරාධිපති නාහිමි ඉකුත්දා(20) රාත්‍රියේ අපවත්වූ අතර නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ ඉල්ලීම මත දේහය විහාරස්ථානය වෙත අද (22) අලුයම රැගෙනඑනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර රටක්නේ. මේක සිංහල බෞද්ධ රටක්... සිංහල ජාතිය රැකිලා තියෙන්නේ බුද්ධාගම හින්දා. රට පාලනය කරන අයට කොන්දක් නැහැ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.
දැන් සනීපයිද?
අන්තවාදීන්ගේ වැඩ කොහොමද? මේක සිංහල බෞද්ධ රටක් වග මේ ඉන්දියන් සංක්‍රමණිකයින්ට තේරුම් කරලා දිය හැකි සෘජු රජෙකුගේ අවශ්‍යතාවය නේද මේ කියන්නේ...?
මේක මාර වැඩක්නේ... සිංහලයාගේ රටේ අපිට ඕනේ විදියට ඉන්න නැහැනේ... මේ වෙලාවට තමයි හිතෙන්නේ හොරකන් කළත් කමක් නෑ කියලා ගෝඨාට ඡන්දෙ දෙන්න.
කෝ මේ බුද්ධ ශාසන අැමති, සංස්කෘතික අැමති...? බුද්ධ ශාසනයට කී වෙනි තැනද? දකුණේ අපිත් ඔය විදියට වැඩ කරමුද?
කරුණාකර මෙවැනි සංවේදී පුවත් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. නිවැරදි තත්වය අපට පහදා දෙන්න.
මෙවැනි අසාධාරණ වැඩ කරන විනිසුරුවරුන්ට රජය පත්වීම් දෙන්නේ ඇයි? මේ අය රට බෙදාගෙනත් ඉවරයි වගේ...
කෝ මේ අපේ රතන හාමුදුරුවෝ? තවම ශාෆි ගැන හිතෙනවා ද දන්නේ නැහැ. මේවා පේන්නේ නැහැ උන්නාන්සේට. කෝ අර ජාතික වීරයා කරුණා අම්මාන්? අපේ දේශප්‍රේමියා මේවට මුකුත් මීක් නැහැ .
මේවා මේ විදියට සිද්දවෙන්න දීලා වගකිවයුත්තන් බල පොරයන් සදහා කාලය මිඩංගු කළහොත් අනාගතයේ අපේ බෞද්ධාගමට සිදුවෙන දේ සිතාගත හැකියි. එදාට බලයත් නෑ. ආගමත් නෑ. ජාතියත් නෑ.
දේශය පාලනය කරන උදවියනි... මේ සිදුවීම් ගැන මව්කිරි බිව් මනුස්සයකුටනම් බලාසිටිය නොහැකි බව සිතන්න.
සිංහල රටේ සිංහල අපිට මැරිලා වැලලෙන්නත් දෙමල්ලුන්ගේ අවසරේ ගන්න ඕනෑ වුණා එහෙනම්... මේ කාලකන්නි දේශපාලුවෝ රටකට කරපු විනාශයක්...
මෙය සිදුවිය යුත්තක් නොවෙයි. සහජීවනය කියන්නේ සුළු ජාතිකයන්හි හැම අසාධාරණ ඉල්ලීමක්ම ඉවසගෙන නිවට ජාතියක් වගේ ඉන්න එක නෙවෙයි. රට, ජාතිය ජාතිකත්වය ගැන හිතන නායකත්වයක් අපිට නැහැ. සිද්ධියෙන් සිද්ධියට ඔප්පු වෙන එකම දේත් එ්ක...
ටි.එන්.ඒ. එකට ඕන විදිහට නටන්න ඉඩදුන්නේ ජනාධිපති සිරිසේනයි අගමැති රනිල් ප්රමුඛ ආණ්ඩුව ඒ අයට බලයට එන්නත් ඒ බලය රැකගන්න ඉඩදුන් නිසා ජව්පෙත් වගකියන්න ඕනේ මේ විදිහට ගියොත් හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ දේහයක් කරන්න උසාවි නියෝගයක් ලැබෙනකම් ඉන්න වේවි පොලිසිය ගිහින් තහනම් නියෝග ඉල්ලනවා එවා දෙන්න උසාවි නිවාඩු දවසෙත් නඩුකාරයෝ ලැස්තිවෙලා ඉන්නවා. පුදුම නිතිය නැවිල්ලක් නිති කඩනවා නිති හදන රටක් මේ ආණ්ඩුව ඉක්මනින්ම පන්නා දැමිය යුතුයි හාමුදුරුවන් වහන්සේලාට කරන අපහාසයන්ට.
මෙතන වෙලා තියෙන්නේ පන්සල් භූමියේම කොටසක කෝවිලක් තිබීමත් හාමුදුරුවන්ගේ ආදාහනය ඒ භූමියේ සිදු කරන නිසා කෝවිලේ කටයුතු වලට බාධාවක් වෙන බවට වෙන ගැටළුව. මේකම අනෙක් අතට හිතනවා නම් කෝවිලේ පූසාරි මිය ගිහින් ආදාහනය ඒ භූමියේ කරන්න ගිහිල්ලා පන්සලෙන් විරෝධතාවක් ආවොත් ඒක අධිකරණය පිළි ගත්තොත් ඒක හරිද?
වහාම ක්‍රියාත්මක වන පරිදි මතුගම පාලිත තෙවරප්පෙරුම මන්ත්රීවරායව ජනාධිපති කරවන්න.
අර නුවර ඉන්න මහා නායක හාමුදුරුවරු තාම නිදිද?
මුලතිව් වල පන්සල කවදත් මේගොල්ලන්ට වහ කදුරු වෙලා තිබුනේ . මේ රටේ සිංහල මිනිස්සු කෝ ? පන යනකල් කෑගහන සංවිධාන කෝ ?? මෙහෙම දේවල් වෙන්නද නිදහස දුන්නේ ?