පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම 35කට සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය කඩ කරමින් ළමයින් 40ක් පන්තිවලට ඇතුළු කර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දීම ගැන ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද අදාල පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව අද පැවැති විභාගයට අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අධ්‍යාපන අමාත්‍යංශ්‍ය කීවේ නීතිපති උපදෙස් ලබාගෙන ළමයින් සංඛ්‍යාව වැඩි කළ බවයි.
ගුරු සංගමය කීවේ නීතිපති උපදෙස් අනුව අධිකරණ නියෝගයක් කැඩිය නොහැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ළමයි ගන්න බැහැ කියද්දී ළමයින්ට ඉගෙනගන්න වෙන්නේ ගෙදර ඉඳලාද? (නි)
දැන් වරද වෙලා අවසන් මෙය නැවත හරිගස්සන්න ගියොත් එහි විපාක විදීමට සිදුවන්න දරුවන්ට. (ම)
අනේ මේ අය කව්ද...?මට නම් කිසිම වැඩක් නැහැ (නි)
දැන් මේක අධිකරණයට කරපු අපහාසයක් හෝ උපහාසයක් නෙමෙයිද? වරදකරුවන් අල්ලන්නේ නැතුව ඇති මගේ හිතේ. (නි)
40 ක් ගන්න පුළුවන් නම් හොඳයිනේ. ඇයි මේ අඩු කරන්න හදන්නේ? (නි)
අධිකරණයට බාධ කළාට මාසයක් විතර රිමාන්ඩ් කරන ලංකාවේ, අධිකරණ නියෝග කැඩුවහම මොකද කරන්නේ? (නි)
මේ අධිකරණය තරම් අපහාස විදින ආයතනයක් තවත් නැතුව ඇති.අධිකරණය තියෙන්නේ මිනිස්සුන්ගේ යහපත සඳහා මිසක් දේශපාලකයන්ගේ අවශ්‍යතා සඳහා නෙමෙයි. එක දේශපාලනීකරණය වෙලා පැවරුණු කාරිය නොකරන නිසා තම මෙච්චර අපහාස විදින්නේ.(ම)