අධිකරණයේ විභාගවන නඩුවල තීන්දු ලබාදීම ප්‍රමාදවීම නීති ප්‍රශ්නයකට එහා ගිය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ දී කීවේය.
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් රචනා කළ ‘‘යළි මැවෙන අපරාධයක්“ කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී ය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මේ උත්සවයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති යුවන්ජන් විජයතිලක, අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට ඉක්මන් විසඳුමක් දියයුතුයි (නි)
අධිකරණ තීන්දු ප්‍රමාදවීම ගැන පාර්ලිමේන්තුවේ වැඩිහරියක්ම සිටින මන්ත්‍රී නීතීඥ මහතුන් නම් සතුටු ඇති. මොකද තම සහෝදර නීතීඥ මහතුන්ට වාසි නිසා. (නි)
සාධාරණ හේතු නොමැතිව අවුරුදු 15-20 ඉඩම් නඩු කල්දාන එක දැන් සාමාන්‍ය දෙයක්. ගරු ජනාධිපතිතුමනි, මේ අවනඩු විසඳලා ජනතාවට යුක්තිය ඉෂ්ටවෙන අධිකරණ ක්‍රමයක් ගොඩනගන්න (නි)
සහතික ඇත්ත. මගේ තාත්තා ඉඩම් නඩුවකට පැටළෙනකොට මට අවුරුදු 18 ක්. දැන් තාත්ත නැතිවෙලා. මගේ පුතාට දැන් අවුරුදු 16 ක්. මට දැන් 44 ක්. පානදුර උසාවියේ නඩුව අවසන්වුණා 2009 දී , ලිඛිත දේශන දෙන්න කිව්වා. ඊටත් පස්සේ මෝෂන් එකකින් මැදිහත්කාර පාර්ශවයකට ඉඩදුන්නා. ඊටපස්සේ නඩුව ඇදුනා 2014 වෙනතුරු. 2014 මාර්තු මාසේ නඩුව අවසන්වුණා අවුරුදු 22 කට පස්සේ. ඊටපස්සේ අභියාචනයක් දැම්මා අර මැදිහත්කාර පාර්ශවයෙන්. දැන් අවුරුදු දෙකක් වෙන්න ආවා. තාම කළුතර ඇපීල් උසාවියෙන් නඩු දිනයක්වත් නැහැ. කොහොමත් නඩුව ඉවර කරනකොට මගේ පුතාට අවුරුදු 40 ක්වත් වේවි. (නි)
නමුත් සමහරුන්ව නම් කඩිමුඩියේ විමර්ශන වලට ගෙන්වනවා වෙන නඩු ප්‍රමාද වුණාට. (නි)
මෙය දැවෙන ප්‍රශ්නයක්. අනේ කරුණාකර අඩුතරමින් සිවිල් නඩුවත් ඉක්මනින් විසඳන්න ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද මෙහෙම නඩු කල්යනකොට විනිශ්චයකාරවරු මාරුවෙනවා. සාක්කි ගන්නෙ එක් විනිසුරුවරයෙක්. තීන්දුව දෙන්නේ තවත් කෙනෙක්. ඒ නිසා බරපතල වැරදි වෙනවා. (නි)
වෙන රටවල් වල වගේ දින කිහිපයක් එක දිගට නඩුව අසා තින්දුව දෙනවාවම් නඩු අහන විනිසුරුවරයාටත් පහසුයි. අමතක වෙන්නෙ නැහැ. නැවක පොත් පෙරලා පෙරලා අතීතය බල්න්න වෙන්නෙ නැහැ. අනික මේක මිනිසුන්ට මොනතරම් සහනයක්ද? (ම)
බඩුවක් විකුනුන කොට බිලක්දිම අනිවාර්ය. නමුත් නිතිඥවරු සේවා දායකයාට කවදාවත් බිලක් දෙන්නේ නැහැ. නිශිචිත ගානක් නැහැ. හිතු හිතු ගනන් ගන්නවා. අඩුගානේ ගන්න ගාන බිලකින් දෙනවනම්. (ම)
රටේ පුරවැසියෙකුට නඩුවක් තියෙනවා නම් එය හැකිතාක් ඉක්මණින් අවසන් කරදීමට නිති හැදීම ඔබතුමන්ලාගේ වගකීමක්. එසේ නොකිරීම ඇත්තටම මානව හිමිකම් කඩකිරීමක්. (ම)
හරියට අපි කලා වගේ. මේ හැමෝම වග කියන්න ඕනේ . (අ)
අඩුම තරමිනි වයස 70 පැනපු ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉඩම් නඩුවත් ඉක්මනින් විසදන්න ක්‍රියාමාර්ගයක් ගන්න. මෙැවැනි අය අසරණයි. සල්ලිත් නැහැ. කායික ශක්තියකුත් නැහැ උසාවි ගිහින් රස්තියාදු වෙන්න. තරුණ අය කරන්නේ මෙවැනි අයගේ දේපොල අල්ලා ගන්න නඩු දානවා. දාලා මැරෙනකම්ම ඇදගෙන යනවා. මේ මාෆියාවට තිත තබනන්. මහත් පුන්‍යකර්මයක් (හේ)
දහසක් බලාපොරොත්තු තියාගෙන උසාවි ගිහින් උදෙන්ම නීතිඥ ගාස්තුවත් ගෙව්වට පස්සේ, නඩුව කල්ගියා නැවත මාස 4 කට පස්සේ කියලා දැනගත්තම දැනෙන වේදනාව දැනේනනේ එය අත්විඳි කෙනෙකුටම තමයි. මිනීමැරුම් නඩු නොව සිවිල් නඩුවත් හැකිතාක් ඉක්මනින් විසඳන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. මෙය පිනක්. (නි)
අපේ රටේ දික්කාසද නීතිය ක්‍රිස්තු පූර්ව ගණන් වල තිබෙන්නේ. වෙනත් රටවල් ආදර්ශයට අරගෙන පහසුවෙන් විසඳන ක්‍රමයක් හදන්න. එහෙම නොවන නිසා තමයි මිනීමැරුම් වලින් අවසන් ඛේදවාචක ඇතිවෙන්නේ. (නි)
අඩුමගානේ නඩුවක් අවුරුද්දක් ඇතුළතවත් අවසන් කරනවා නම් හොඳයි (නි)
සාධාරණ හේතුවක් නැතුව නීතිඥවරුන්ට නඩු කල්දාන්න බැරිවෙන නීතියක් හදන්න. අයකරන ගානට බිලක් දෙන්න අනිවාර්ය කරන්න. (නි)
අඩු තරමින් වසර 02 ට වඩා ඇති දික්කාසද නඩු ඉක්මනින් විසඳන්න ක්‍රියා කරන්න. මේවා මිනිමැරුම් නඩු නෙමෙයිනේ. විසඳන්න පහසුයි.(හේ)
මම හිතන්නේ නඩු කල් ඇදීම සෑහෙන දුරකට නතර කරන්න පුළුවන් විනිශ්චයකාරතුමන්ලාට. මොකද කිසියම් නීතිඥයෙක් බොරුවට කල්ගන්නවා නම්, වෙන දිනයක් ගන්නවා නම් මෙය හොඳටම දැනෙන්නේ විනිසුරුවරයාටයි. මේ අයට එසේ මාස 4-5 කල් නොදීම, නඩුව ඇදෙනවා වැඩිනම් අවවාද කිරීම වැනිදේ කිරිම, ඉක්මනින් අවසන් කළයුතු බවට මතක් කිරීම වැනි දේ තුළින් නිතිඥයන් විසින් නඩු ඇදගෙන යාම වළක්වන්න පුළුවන් නේද? (නි)
මගේ තාත්තාට වයස 81 යි. ඒ කාලේ දුක් මහන්සියෙන් හම්බ කරලා ගත්තු ඉඩමකට බොරු ඉඩම් නඩුවක් දාලා කෙනෙක්. එයා තාම උසාවි යනවා. කල් යනවා විතරයි. අනික් පැත්තේ මනුස්සයා කටමැත දොඩවනවාලු මැරෙනකම්ම අදිනවා කියලා. මේ මන්සුසයා මේ බුක්ති විඳින්නේ අප රටේ නිතියේ ඇති එක් හිඩැසකි. (බ)
හොඳ රැකියාවක් කරන, පිටරට කෙනෙකුගේ නඩුවක් ලැබෙනවා කියන්නේ නිතිඥ මහතාට ස්විප් එකක් ඇදිමකි. හිතු හිතු ගණන ගනියි. බිලක් නොදෙයි. නඩුවද ඉක්මනින් අවසන් නොකරයි. (බ)
අදකාලෙ එදාට වඩා කසාද බඳින විදියත් වෙනස්. යාළුවෙන විදියත් වෙනස්. පවුල් ජීවිත ගතකරන විදියත් වෙනස්. නමුත් දික්කසාදයක් ගන්න තිබෙන ක්‍රියාපිළිවෙල එකමයි. සම්පුර්ණ වෙන්න ඕනෑ කරුණ තුනේ කිසිම වෙනසක් නැහැ. මේක වැරදියි. අනිත් හැමදේම වෙනස් වෙනවා වගේ මෙම පදනමත් පුළුල් වියයුතුයි. එසේ නොවීම මානව නිදසහට වැට බැඳීමක්. මේක අසීරු නිසා තමයි වෙනත් ක්‍රම වලට වෙන්වෙන්න බලන්නේ අද කාලේ. එනිසයි මිනිමැරුම් ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා තියෙන්නේ. මේ ගැනත් කල්පනා කළයුතුයි. මේවා අළුයට ගිනි වගේ ඇති බරපතල ප්‍රශ්න. (නි)
මොකක් හරි අවසන් කරගන්න බැරි සංකීර්ණ ප්‍රශ්නයක් ආවම අපේ සමාජයේ කියන්නේ “ අපෝ ඒක මහ නඩුවක්“ කියලා. ඇයි ඒ නඩුවක් දැම්මොත් ඉවරයක් නැහැ. ඉවර වෙන්නේ නඩුවට සම්බන්ධ මනුස්ස ජීවිතේ විතරයි. කරුණාකර සුළු නිතිමය වෙනස් කිරීම් මගින් මෙය වෙනස් කළ හැකි නිසා එසේ කර අසරණ ජිවිත වලට ආලෝකයක් ලබා දෙන්න. (බ)
දික්කසාද කරන්න යාම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ බව දන්න නිසා තමයි අද වෙනකොට පැදුරටත් නොකිය යන ගැහැනු/පිරිමි වැඩි වෙලා තියෙන්නේ. බඳිනවා වගේම හේතු ඇත්නම් වෙන් වෙන්නත් පහුසුවෙන් හැකි විය යුතුයි. එ්වා එසේනම් ප්‍රචන්ඩත්වය, මිනිමැරුම්, අඩු වෙනවා. (බ)
වැඩි පුර ඉල්ලලා තියන්නේ දික්කසාද වෙන්න ලෙහෙසි ක්‍රමයක්. එක කරන්න බැරිනම් මුස්ලිම් ආගමේ විදියට විවාහ හතරක් කර ගන්න පුළුවන් විදියට නීතියක් වත් ගෙන්න.ප්‍රශ්නයක් නම් උත්තරයක් තියෙන්නම අවශ්‍යයි. (රේ)
කියලා වැඩක් නැහැ ජනපතිතුමනි, ඉඩම් නඩුවක් නම් තීන්දුව එනකොට නඩුව දාපු කෙනා සමහරවිට මියගිහින් (නි)
නීතිවේදී මහත්වරු නඩුවක් ලැබුනහම වවාගෙන කනවා. මම අත්දැකීමෙන් කියන්නේ. එක නීතිවේදියෙකුට වෙන වැඩක් කියලා නඩුව කල්දානවා. ඊටපස්සේ අනිත් කෙනාත් ඒකම කරනවා. (නි)
නීතිඥ මහත්තුරු වාහනයකින් ගිහිල්ලා බහින සේවාදායකයෙක් එනකොට කියන්නේ සුවිප් එකක් එනවා කියලා. (නි)
මම මට තිබුන නඩුවේ වැරදිකාරයා නොවුණත් රස්තියාදුවෙලා වෙලා එපාම වෙලා අන්තිමට නොකළ වැරැද්දක් පිළිගෙන වන්දි ගෙව්වා. (නි)
නිතිය කාලින විය යුතුයි. එහෙම නැතුව ප්‍රශ්න තව තව උග්‍ර කරවන, කල් මරන, මිනිසුන්ගේ ජිවිත අගාධයට ඇද දමන දෙයක් නොවිය යුතුයි. දුක් විඳන්නේ අසරන මිනිසුන් වන නිසා. යල් පැන ගිය නිති වහවහා වෙනස් කළ යුතුමයි. උසාවි කියක් ඇරියත් වැඩක් නැහැ නිති වෙනස් නොකර. නිතිඥයන්ට නඩු අදින්න .තියෙන හිඩැස වහන්නේ නැතිව.(හේ)
ඔබතුමා ගැන අපිට තිබෙන්නේ විශේෂ කැමැත්තක්. ඒ එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ භයානක කැපකිරීම නිසයි. මේ උසාවියේ නීතිවේදීන් වවාගෙන කමින් කරන අපරාධයත් නවතා දෙන්න. (නි)
ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
ඉතින් මේකට විසඳුමක් දෙන්න ඔබතුමාට පුලුවන් නේද? (නි)