අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ලබන නොවැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නොතීසි නිකුත් කළේය.
ඇතැම් මහේස්ත්‍රාත්වරුන් නීතිය ඉක්මවා සැකකරුවන්ට දඞුවම් පමුණුවන බවට ඉදිරිපත්වු පෙත්සම් 11ක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය එම නියෝගය නිකුත් කළාය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට මේ පිළිබඳ සොයාබලා එදිනට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කැරිණි.
ඇතැම් මහේස්ත්‍රාත්වරුන් නීතිය ඉක්මවා සැකකරුවන්ට දඬුවම් ලබාදෙන බවත්, කොළඹ මොරවක හා තංගල්ල අධිකරණවලින් මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවත්, එසේ ඉදිරිපත් වූ පෙත්සම් මගින් සඳහන් කර ඇත.සුළු වරදකට වසර 4ක දඬුවමක් ලබාදිය යුතු නමුත් ඇතැම් අවස්ථාවල වසර 34 සිට 66 දක්වා දඬුවම් ලබාදෙන බවද එමගින් පෙන්වාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ සිංහල රට කොහේද කියලා අහපු කෙනා නේද (ම)
ඒ වගේම සමහර උපරිම දඬුවම් දියයුතු වැරදි වලට සුළු දඬුවමුත් ලබාදෙනවා කියලා අපිට හැඟෙනවා (නි)
නීතිය කාටත් පොදුයි (නි)
නීතිය අන්ධදැයි බලාගැනීමට කදිම අවස්ථාවක් (නි)
කාට වුණත් නීතිය පොදුයි (නි)
සිවිල් වැසියන්ට සාධාරණය ඉටුවේවා! (නි)
නීතිය උස්පහත් බේදයකින් තොරව සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුයි (අ)
පොඩි අයට එක විදියකුත් ලොකු අයට එක විදියකුත් නීතිය වෙනසක් වෙන්න බැහැ නේ. (ර)
අධිකරණ ඇමති වුණත් ඔහුත් ශ්‍රී ලංකාවේ නීතියට යටත් වියයුතුයි (නි)
ඔන්න යහපාලනය. එදා මෙහෙම දේවල් වුනේ නැහැ (බ)
නීතියෙන් ඉටුවිය යුත්තේ යුක්තියයි. එසේ ඉටුනොවෙනවානම් ඒගැන කතා කිරීමට සෑම පුරවසියකුටම අයිතියක් තිබිය යුතුය(රේ)