IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අධිකරණ ඇමැතිත් අධිකරණයට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ලබන නොවැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20)  නොතීසි නිකුත් කළේය.

ඇතැම් මහේස්ත්‍රාත්වරුන් නීතිය ඉක්මවා සැකකරුවන්ට දඞුවම් පමුණුවන බවට  ඉදිරිපත්වු පෙත්සම් 11ක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය එම නියෝගය නිකුත් කළාය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට මේ පිළිබඳ සොයාබලා එදිනට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කැරිණි.

ඇතැම් මහේස්ත්‍රාත්වරුන් නීතිය ඉක්මවා සැකකරුවන්ට දඬුවම් ලබාදෙන බවත්, කොළඹ මොරවක හා තංගල්ල අධිකරණවලින් මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවත්, එසේ ඉදිරිපත් වූ පෙත්සම් මගින් සඳහන් කර ඇත.සුළු වරදකට වසර 4ක දඬුවමක් ලබාදිය යුතු නමුත් ඇතැම් අවස්ථාවල වසර 34 සිට 66 දක්වා දඬුවම් ලබාදෙන බවද එමගින් පෙන්වාදී තිබේ.

 



අදහස් (0)

අධිකරණ ඇමැතිත් අධිකරණයට

දිමේෂ් Tuesday, 20 October 2015 11:24 AM

ඔය කියන්නේ සිංහල රට කොහේද කියලා අහපු කෙනා නේද (ම)

:       0       0

නවරත්න Tuesday, 20 October 2015 12:10 PM

ඒ වගේම සමහර උපරිම දඬුවම් දියයුතු වැරදි වලට සුළු දඬුවමුත් ලබාදෙනවා කියලා අපිට හැ‍ඟෙනවා (නි)

:       0       0

ගගන Tuesday, 20 October 2015 12:10 PM

නීතිය කාටත් පොදුයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 08:09 AM

නීතිය අන්ධදැයි බලාගැනීමට කදිම අවස්ථාවක් (නි)

:       0       0

අභයවංශ Tuesday, 20 October 2015 12:28 PM

කාට වුණත් නීතිය පොදුයි (නි)

:       0       0

ඔෂාන් Tuesday, 20 October 2015 12:36 PM

සිවිල් වැසියන්ට සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

දිසානායක Wednesday, 21 October 2015 09:04 AM

නීතිය උස්පහත් බේදයකින් තොරව සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුයි (අ)

:       0       0

ඇන්ටන් Tuesday, 20 October 2015 01:02 PM

පොඩි අයට එක විදියකුත් ලොකු අයට එක විදියකුත් නීතිය වෙනසක් වෙන්න බැහැ නේ. (ර)

:       0       0

එරංග Tuesday, 20 October 2015 01:36 PM

අධිකරණ ඇමති වුණත් ඔහුත් ශ්‍රී ලංකාවේ නීතියට යටත් වියයුතුයි (නි)

:       0       0

ජස්ටින් Wednesday, 21 October 2015 04:38 AM

ඔන්න යහපාලනය. එදා මෙහෙම දේවල් වුනේ නැහැ (බ)

:       0       0

ගමඇති Thursday, 22 October 2015 05:28 PM

නීතියෙන් ඉටුවිය යුත්තේ යුක්තියයි. එසේ ඉටුනොවෙනවානම් ඒගැන කතා කිරීමට සෑම පුරවසියකුටම අයිතියක් තිබිය යුතුය(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site