නිදහස ඉල්ලා ආහාර වර්ජනයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (15) වැලිකඩ මැගසින් බන්ධනාගාරයට ගියේය.
පැයකට අධික කාලයක් රැඳවියන් සමග සාකච්ඡා කළ ඇමැතිවරයා පිටතට පැමිණ මාධ්‍ය හමුවේ පැවසූයේ මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් සාකච්ඡා කර මේ වසර අවසන් වන්නට පෙර සහනයක් ලබාදීමට පොරොන්දු වන බවයි.
ඒ අනුව උපවාසය නතර කරන්නැයි රැඳවියන්ගෙන් ඉල්ලා සිටි බවත් එයට බොහෝ රැඳවියන් කැමැත්ත පළ කළ බවත් ඇමැතිවරයා පැවසීය.
දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියෝ 150 දෙනකු පමණ මේ වන විට උපවාසයට සම්බන්ධව සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! මේ ප්‍රශ්න වලට ඉක්මන් විසඳුමක් තිබිය යුතුයි (නි)
මේකට මොකද කරන්නේ. (ර)
උපවාස කරලා තමයි අපේ රටේ ගොඩක් ඉල්ලීම් දිනාගන්නෙ (නි)
මෙන්‍න හව්‍ලේ පළමු පියවර, දැන් ක්‍රියාත්‍මකයි. (අ)
මොකක්ද මේකට දෙන විසඳුම? (නි)
සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
අම්මෝ ඇති යන්තම් "පිවිතුරු යහපාල" අපහු නැගිටලා. පාළුවේ බැරුව හිටියේ නැතුව. (බ)
මෙම පිරිස දරුණු ගණයේ ත්‍රස්තවාදී අපරාධකරුවන් නම් ඔවුන් නිදහස් නොකරනවානම් හොදයි. (ර)
මොකද්ද මේ ව්හිලුව ? (අ)
පිවිතුරු යහපාල, ඔය දුපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකයේ නව මානුෂිය ප්‍රවණතා හඳුනාගන්න (නි)
සියල්ල සැලසුම් කල ආකාරයට සිදු වෙනවා..එළිපිට බෙදුම්වාදයට කඩේ ගිය කොටිසංවිධානය වෙනුවෙන් පෙනී සිටි සිවාජි ලිංගම් කොටුව ස්ටේෂම ඉස්සරහ අම්මලාව අඩවනවා.දිනුව කියන ජාත්‍යන්තරයට පණිවිඩ දෙන්න,ලංගම බස් එකකට එකතු කරන්න පුළුවන් පෙරටු ගාමි පිළිල ටික එක්ක..ලංකාවේ කොහෙද දේසපාලන සිරකරුවෝ..මොවුන් නිදහස් කරන්න කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලත් .මේ රට මර බිය ගෙන දුන්න බෝම්බ පුපුරවල අහිංසක මිනිස්සුන්ගේ ජිවිත අහිමි කල දෙමව්පියන්ට දරුවන් දරුවන්ට දෙමව්පියන් බිරිදට සැමියා සැමියාට බිරිය අහිමි කල රටේ මහජන දේපල කොටිගානක් විනාශකළ දරුණු ත්‍රස්තවාදීන් මිසක..යහපාලනයෙන් බලය සදහා වුනු පොරොන්දු අනුව මොවුන් සියල්ල නිදහස් කරයි අද හෙට....ආයේ අපිට කාලකන්නි හෙටක් ප්‍රභාකරන් විසින් මිනි මරන්න පුරුදු කල මොළ සේදු ඒ නිදහස් වන මොවුන් .උදා නොකරයි කියල බෙදුම්වාදී ත්‍රස්තවාදී දේශපාලන ව්‍යාපාර වලට කාලගුණ සලකන පොරොන්දු ඉටු කරන මේ යහපාලන පාලකයින් දෙන සහතිකය මොකක්ද? (අ)
මෙහෙමත් මෝඩයෙක් (බ)
හිරේ ඉන්න ඕනේ උන් එලියට දාන්නද හදන්නේ ? (බ)
හිරේ ඉන්න ඕන එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවනම් මුන් එලියට දැම්මම මොකෝ ? (බ)
සුජීව මොවුන් සියල්ලන්ම කොටි නෙමේ.. මේ රැදවියන් බහුතරය චෝදනාවක් වත් නැතිව අවුරුදු ගනනක් රිමාන්ඩ් එකේ ඉන්න අය.. දෙමල වුණත් මේ අයටත් අයිතිවාසිකම් තියෙනවා. (අ)
අමරපාල කියන්න බලන්න මේ අය ත්‍රස්තවාදියන් නම් ඇයි චෝදනා නැතිව, නඩු නැතිව තියාගෙන ඉන්නේ කියලා.(අ)
නාමල් හරි එක්කෝ චෝදනාවක් ගොනුකරලා උසාවි දාන්න ඕනේ නෑත්නම් නිදහස් කරන්න ඕනේ මොකක්ද මේ විහිලුව මහජන මුදලින් කන්න දිදී චෝදනාවක් නෑතිව තියාගෙන ඉන්නේ (බ)
වැරදි තියේනම් අධිකරණයේ විභාග කරලා දඩුවම් දෙන්න. කවුද කැමති බොරුවට හිරේ ලගින්න.මේ කරුණ හැම ජාතිකයන්ටම පොදුයි. අපි හැමෝම මිනිස්සු. (බ)
මිනිසෙක් නොව කිසිම සත්වයෙක් හෝ සිරකර තැබීම කුමන යුක්ති ධර්මයකටවත් නොගැලපෙයි.දේශපාලන සත්වයෙක් වූ මානවයා තමන් ගරු කරන දේශපාලන මතයක් සමඟ ක්‍රියාකාරී වෙයි. ඔහුගේ ගමන් මඟ බහුතරයකට පිඩාවක්,අවහිරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් පවතින යුක්ති ගරුක නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීති ක්‍රියාත්මක විම ප්‍රමාදවීම රැදවියන්ට පමුණුවන දඩුවමක් වීම කිසිසේත්ම සුදුසු නොවේ. (ම)