(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළට ත්‍රී  ඕ ත්‍රී වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උන්ඩයක් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

එම ජීව උණ්ඩය මිලි මිටර් 77 දිගැති එකක් බව පොලිසිය කියයි.

අධිකරණයේ නඩු කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයන් ප්‍රධාන ගේට්ටුවේ මුර පොළ අසල දී දැඩි පරීක්ෂාවට ලක් කරන අතර ඒහිදි සැකකරු සතුව තිබූ ගමන් මල්ල තුළ තිබි මෙම ජීව උණ්ඩය සොයාගෙන ඇත.

කකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී පැහැදිලි ප්‍රකාශයක් ලබා නොදෙන බවත් පොලිසිය කියයි.

සැකකරු නඩුවක් සඳහා පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණෙමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ජීව උණ්ඩය අධිකරණය තුළට රැගෙන යාමට උත්සාහ දැරුවේ කුමක් සඳහා ද යන්න  පැති කීපයක් ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි.

සැකකරු කැලණිය දිප්පිටිගොඩ පදිංචිකරුවෙකි.