රටට නව සංවර්ධන මොඩලයක හා නව ආහාර සංස්කෘතියක අවශ්‍යතාව මතුව ඇතැයි අතුරලියේ රතන හිමියෝ අද (03) උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතන ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.
රටට අවශ්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කරගැනීමට හැකි නම් අපට ස්වාධීන රටක් බවට පත්වීමේ හැකියාව ඇතැයි ද රතන හිමියෝ එහිදි කීහ.
‘අපේ රට හුඟාක් ලස්සන රටක්. මේ රට අධික නාගරික රටක් බවට පත්කිරීම සංවර්ධනය කියා හඳුනාගත්තා. අද තායිලන්තය තියෙන තැනට අපේ රට ගේන්න තිබ්බා. හැබැයි විජේවීර හා ප‍්‍රභාකරන් නිසා අපට එය කරගන්න බැරිවුණා. එක අතකට එය යහපත් දෙයක්. වීජේවීර හා ප‍්‍රභාකරන් හොඳයි කියනවා නෙමෙයි. අපි සංවර්ධනයේ මිරිඟුවට හසු වුණේ නැහැ. අද තායිලන්තය තුළ විශාල දේශපාලන අර්බුද ඇතිවෙලා. පරිසර දූෂණය, ගංඟා ඇළදොළ දූෂණය වීම අතින් තායිලන්තයේ බැංකොක් නුවර ඉදිරියෙන් සිටිනවා. ඒ රටේ ගමත් නගරයත් අතර විසංවාදයක් ඇතිවෙලා. අපේ කොළඹ නගරය පුංචි ගමක්. පසුගිය කාලයේ කොළඹත් ඉවක් බවක් නැතිව සංවර්ධනය වෙන්න ගත්තා. හැබැයි එය නිවැරැදි සංවර්ධනය නෙමෙයි. අහසේ ඉඳින් බැලූවාම මේ රට හරිත රටක්. හැම තැනම කොළ පාට. අද ලෝකයට කාබන් අඩුවෙන් පිට කරන රටවල් අතර අපි ඉදිරියෙන් ඉන්නවා. ලෝකය අද අලූත් සංවර්ධන මොඩලකයට ගමන් කරමින් ඉන්නවා. අපිට එය පහසුවෙන් කරන්න පුළුවන්. මෙහිදි ප‍්‍රධාන කරුණු තුනක් තිබෙනවා. අපේ ආහාර සංස්කෘතිය නිවැරැදි කරගන්න ඕනෑ.‘ යැයිද ඒ හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ හාමුදුරුවනේ, මහින්ද ජනාධිපති කාල පරාසයේ ඔය මොඩලයයි ආහාර සංස්කෘතියයි ගැන ඉවක් තිබුනේ නැද්ද? අපේ රටට බත සපයන අහිංසක ගොවි ප්‍රජාව බරපතල අර්බුදයකට මැදිවෙලා ඉන්නේ. ඒ අහිංසකයන්ව ගොඩ දාගන්න ක්‍රමයක් බැලුවොත් නරකද? (නි)
ඔබ වහන්සේ මේ වදාලපු දේ සම්පූර්ණ ඇත්ත, එ්ත් මුලින්ම මහා නගර සංවර්ධනෙන් අන්ධ වෙලා ඉන්න ඔබ වහන්සේගේ පක්ෂයේ ඇමතිතුමා දැනුවත් කරනම් නේද වැඩදායක වෙන්නේ? (බ)
මේ හාමුදුරුවන්ට තේරෙන තරම සමහරුන්ට තේරෙන්නෙ නැහැ වගේ (නි)
ආණ්ඩුවට එරෙහිව නැගෙන බොහෝ උද්ඝෝෂණ වලට දියහැකි සැබෑ විසඳුම ඔබ වහන්සේගේ පණිවුඩය බව අපිට නම් තේරෙනවා. ඒත් පණිවුඩය ජනතාව අතරට නොයන එක ගැනයි දුක (නි)
බැංකොක් වගේ නම් වෙන්න දෙන්න එපා අපේ හාමුදුරුවනේ. මොකද අපේ අය එහේ යන්නේ මොකටද කියලා අපි දන්නවනේ. යන්න පුළුවන් විදියටවත් අපේ මේ කඩලා දාපු පාරවල් ටික හදලා දෙන්න කියන්නකෝ (නි)
රතන ස්වාමීන් වහන්සේ පටන්ගත වැඩක් ඉතා දක්ෂ ලෙස අවසන් කර තමයි නවතින්නේ. උන්වහන්සේට අපේ සුබ පැතුම්! (නි)
මෙගා නගර එපාද?(හේ)
පොහොර සහනාධාරය කප්පාදු කිරීම සාධාරනීකරනය කරන්න හදන්න එපා හාමුදුරුවනේ. කෘෂි රසායන හොද නැහැ තමයි. නමුත් ගොවියන්ට විකල්ප ක්‍රම හදුන්වා දිය යුතුයි පලමුව. එසේම වී සදහා ඉහල මිලක් ලබා දිය යුතුයි සැබවින්ම ගොවියන් වෙනුවෙන් නම් පෙනී සිටින්නේ.(හේ)