දක්ෂින අධි වේගී මාර්ගයේ පසුගිය සිකුරාදා සිට අද අළුයම වන තුරු පැයට කිලෝ මීටර් සියයේ වේගය ඉක්මවූ රියදුරන් 150 දෙනෙකුට දඩ කොල නිකුත් කළේය.
ඔවුන් පිටවන පිවිසුමෙන් මෙම දඩ කොලය නිකුත් කරනුයේ වාහන බලපත්‍රය ලබා ගැනීමෙන් පසුවය. දඩ කොලය ගැනීමට අකමැති අය උසාවියට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩේ නම් ආණ්ඩුවේ අගය කලයුතු වැඩක් (දී)
එහෙනම් මැති ඇමති වරුන්ටටත් දඩ කොළ දෙයි නේද? *(දී)
ඒ නිතියනම 100% මම අනුමත කරනවා (දී)
සල්ලි දීලා අවසර ගන්නේ සීයේ වේගෙන් ගමන යන්නයි. සල්ලි දුන්න කියල අපට ඕන ඕන දේ කරන්න අවසර නැහැ. නීති ගරුකවෙන්න ලියනගේ. (දී)
ඉස්සරහට වාහනේ ගේ ඇතුලේ තියන් එන්න තමයි සිද්දවෙන්නේ.ඔන්න මම කිව්වා කියල ලියල තිය ගන්න. (දී)
ඕකට අධිවේග මාර්ගය කියන්නෙ ඇයි ? 120 ට වත් යන්න බැරි අධිවේග මාර්ග මොකටද ? (දී)
මාර්ගයේ විනය ගරුකබවක් නැහැ. ලංකාවට ගිය වෙලාවක මගේ පුතා එයාගේ බාප්පා ගේ බයික් එකේ යනකොට වාහන හෝන් ගහගෙන පහු කරන ගානේ පුතා කිව්වලු අන්න බාප්පාගේ යාලුවෙක් ගියා වගෙයි. කියල .මොකද මේ රටේ වාහන හෝන් ගහන්නේ නැහැ. කලාතුරකින් යාලුවෙක් දැක්කොත් සැලියුට් කරන්න විතරයි.. (දී)
ඕකට අධිවේග මාර්ගය කියන්නෙ ඇයි ? 120 ට වත් යන්න බැරි අධිවේග මාර්ග මොකටද ? හදල තියෙන්නේ මහනුවර පැත්තෙත් සියට යනවනේ
අධි වේගයේ යන්න සල්ලිත් ගෙවල, දඩත් ගෙව්වල වහනේ ඉව්වර කරගෙන, ජීවිතෙත් නැති කර ගන්න (දී)
අපි දඩ කොළ ගන්නේ අදි වේගේ සල්ලි දීලා ගිහින් නෙවෑ.(නදී)
ලංකාවේ රියදුරන්ගේ විනය නම් අන්තිමයි. ගන්න දඩ සල්ලි වලින් විනය හැදුවොත් හොදයි. සිංගප්පුරුවට ඇවිත් බැලුවොත් බලදාරීන්ට ගොඩක් දේවල් ඉගෙනගන්ඩ පුලුවන්. කොහෙද ආවට යන්නේ සාප්පු සවාරිනේ.(නදී) l
තිලක් ඔයා ඉරිසියා වෙන්න එපා. ඔයා ඩුබායි වල කාමරයක් අස්සේ හිරවෙලා හිටියට අපි ලංකාවේ හොඳට ජීවත් වෙනවා. කොහොමත් රට යන්නේ ලංකාවේ උත්සාහයෙන් නැගිටින්න බැරි මිනිස්සු.(නදී)
එක තැනක තමයි ස්පීඩ් බලන්නේ, තව තැනක දඩකොල දෙන්නේ. පොලිසියට හිතෙන හිතෙන අයට දඩ කොළ දෙයි නේද ? අපි වේගෙන් ගියේ නැත්තන් දඩ කොල ගෙවන්න වෙන කාලයක්. හොදට මතක තියාගන්න ඕකයි වෙන්නේ. හොදයි කියලා ප්‍රතිචාර කරන අයට එදාට උඩ බලන් ඉන්න වෙයි. හැමොටමද ඔය නිතිය? නැත්තන් දේශපාලුවන්ට ඕන වේගයකින් ඕන තැනක ඕන මිනිහෙක් මරාගෙන යන්න පුළුවන්. අනිත් මිනිස්සු ඒගොල්ලෝ ලගින් යනවට කැමති නැහැ වගේ.(නදී)
වේගය මරු කැඳවේ කියලා කිව්වේ අදිවේග හදන්න ඉස්සර. සල්ලි ගෙවලා නොයන පාරවල් වලත් අනතුරු වලට හේතුව අධික වේගය. කාටවත් බනින්න එපා. ගෙවන්නේ පිටවන තැනදී නිසා නොමැරී හිටියොත්නේ ගෙවන්න වෙන්නේ. යන්නම ඕනිනම් යනවලා. අ පිට මොකෝ. ප්‍රස්නේ තියෙන්නේ ඔය මැරුන බොඩිය බාරදෙනතුරු වියදම රටේ ජාතික ධනය නිසා . හාමුදුරුවන්ට පමණි වැටහුනේ.(නදී)
නියම වැඩක්. ලංකාවේ අයට ඕනේ මේ වගේ නීති තමා. ගොඩක් රටවල් වල දඩ ගහන්නේ වාහනේ අංකයට. දඩ කොලේ ගෙදරටම එනවා තැපෑලෙන්. එතකොට අර රාළහාමිලට පාර්ට් දාන කට්ටියට එහෙම කරන්න වෙන්නෙත් නෑ. 100 ට උනත් ට්‍රැපික් නැතුව යන්න පුළුවන් එකත් ලොකු දෙයක්නේ. (කොමිස්නම් ගැහුවා තමා, තිත්ත ඇත්ත ඒක).(නදී)
අපි අනුමත කරනවා (නි)
උපාලි, ඔබගේ අදහස මමත් අනුමත කරනවා.(නි)
අධිවේගී මාර්ගයක් වුණු පළියට , දිගටම 100ට යන්න අවශ්‍ය නැහැ. වංගු අසලදී වේගය අඩු කරන්න පුළුවන්. තවද , නීතියෙන් ආපදා බහුල ස්ථාන හඳුනාගෙන , ඒ අසලදී පමණක් වේගය පාලනය කළ හැකියි . එවිට අනතුරු අවම කරගත හැක. දියුණුයැයි සැළකෙන රටවල මෙම ක්‍රමය බහුලව භාවිතා වෙනවා. අනික ධාවන තීරු දෙකක මාර්ග වල අගේට 100-110 ට යනවා. හැබැයි වාහනයට යන්න පුළුවන් වේගෙට යන නිසා අනතුරු අඩුයි.(නදී)
අනේ මේ සමහර අයගේ අදහස් දැක්කම හිතෙනවා ලංකාවේ තව කොච්චර නම් මෝඩ මී හරක් ඉන්නවද කියලා. අපේ අයට තාම මේවා හුරු පුරුදු නෑ. කොහේ ගියත් යන්න හදන්නේ මී හරක් වගේ. අනේ මන්දා කවදා මේ මිනිස්සු හැදෙයිද කියලා. අවට ලෝකය දිහා බලලවත් හැදියල්ලා මිනිසුනේ.(නදී)
අපේ පොලීසියට ජයවේවා! වෙන රටවල නම් දඩ කොළ දෙන්නේ වරද සිදුළුූ ස්ථානයේදීය. නැත්නම් අඩුතරමේ එම වරද කළ බවට පින්තුර සහ වේග දර්ශක සහිතව සාක්කි ඉදිරිපත් කරමින් දඩ කොළ තැපෑලෙන් ගෙදරට එවයි. එහෙත් බලපත්‍ර අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැත. කෙනෙකු වරදක් කළ විට ගෙදර සියලුදෙනා අත්අඩංගුවට ගන්න රටේ බලපත්‍රය අත්අඩංගුවට ගන්න එක එතරම් අරුමයක් නොවේ. අධි වේගී මාර්ගය මෙම ශතවර්ෂයේ වුවත් පොලිසිය සහ මාර්ග නීතිය 18 වැනි ශත වර්ෂයේය. (නි)
මේ දඩය, වේගය සීමා රහිත කිරීමට අනුබල දීමක්. දැන් තමන්ට කැමති වේගයකින් ගිහිල්ල දාහ ගෙවල පිටවෙන්න පුළුවන්. දේශපාලකයින් වැනි අයට රුපියල් දාහක දඩයක් කියන්නේ සුලු දෙයක්.(නදී)
ජයන්, පිටරට රැකියා කරන මිනිස්සු කම්මැලියෝ නොවෙයි. ලංකාවේ ගොඩක් දුරට උත්සාහය තිබුනත් සාධාරණ රැකියාවක් කරලා නොයෙකුත් බාදක නිසා ආර්ථික ස්ථාවරයකට එන්න අපහසුකම් තිබෙනවා. විදේශ ශ්‍රමිකයෝ පිටරටවලින් ගෙන එන විදේශ විනිමය සහ දැනුම නැත්නම් අද ලංකාව මෙතරම් දියුණු වෙන්නේ නැහැ. ප්‍රශ්නෙකට තිබෙන්නේ ලංකාවේ ශ්‍රම සම්පත නිසි විදිහට පුහුනුකරලා ඒකෙන් වැඩක් ගන්න අපේ නිලධාරීන්ගේ නොහැකියාව සහ වුවමනාවක් නැතිකමයි (නි)
කෙනෙක් මුදල් ගෙවල අදි වේගී මාර්ගයට එන්නේ ඉක්මනින් යා යුතු නිසා. පොලිසිය හෝ වෙනත් බලධාරියෙක් මාර්ගය හොඳට අධ්‍යයනය කරල ඒ ඒ මාර්ග කොටස් වලට 120 වැනි වේගයක් නියම කරන්න බැරිද? වංගු සහිත හෝ එවැනි අවදානමක් සහිත මාර්ග ඛණ්ඩයන්ට අඩුවේගයක් (80 වැනි) නියම කල හැකියි. 100 කියල සම්මතයක් මුළු මාරගයටම නියම කිරීම සුදුසු නැහැ.(නදී)
පැයට කිලෝමීටර් 100 ට යන්නද රට කෝටි ගානකට නය කරලා අනා ගත දරු පරම්පරාවම නය කරලා අදි වේගී මාර්ග හැදුවේ. ඒක නෙමෙයි ප්‍රස්නේ ඔය පාරේ 100 ට වඩා යන්න බැහැ. වැස්සට තැන තැන වතුර වලවල් තියෙනවා මම දැකල තියෙනවා. අදිවේගී මාර්ග ප්‍රමිතියකට නැහැ කියල තමන්ගේ කාර් එක අනතුරකට පත් වුන කෙනෙක් ලක්ස 1.5 ගෙවන්න වුනා කියල , නඩුවක් දැම්මේ. ඒ මනුස්සයත් මුහුදු වතුර බිව්වද දන්නේ නැහැ කිසිම සද්දයක් නැත්තේ.(නදී)
මේ වගේ වැඩ කරන්නේ ලංකාවේ විතරයි (නි)
ජයාන්, ඔයා කියන කතාව ඇත්ත. මම ලංකාවට ආවම කිසිම කෙනෙකුගේ මුහුණේ සතුටක් පේන්නවත් නැහැ. දරිද්‍රතාවයෙන් උපරිමයටම පෙළෙනවා. උදේට බස් අස්සේ, කෝච්චියේ පොල් පටවලා වගේ රැකියාවට යන්නේ. ඒකත් වෙලාවට නැහැ. තියෙන කොච්චිත් කැඩිලා. නැතිනම් අවලංගු කරලා. හවස 7 තෙන් පස්සේ ගෙදර යන්න බස් එකක් නැහැ. දරුවන්ට වේල් තුන කන්න දෙන්න සල්ලි නැහැ. මිනිසුන්ගේ මුහුණවල් මලානිකම වෙලා ගිහින්. බියෙන් සැකයෙන් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එලියට බැස්සොත් දඩ කොළ. ගෙදර හිටියත් බදු කොළ. අනේ මන්දා රටට ගිය කලක්.(නදී)
ඇණ තියෙනවා හොදේ.(නදී)
මරුටියක් 140 ගිහින් හෑපුන පලියට මේවගේ වැඩ කරන්න පුළුවන් ද මේකේ වේගෙ ගැන කතා කරන එක තමයි දැන් ලොකුම දේ. අපි හැමදාම ලෝකේ අනිත් රටවලට වඩා පිටිපස්සෙන් ඉන්නේ. සීයක් කියන්නේ ඇතැම් වාහන වලට වේගයක් නෙවෙයි. අඩුම ගණනේ 120 ක් 130 ක් බවට මේ උපරිම වේගය පත්කරන්න. (ස)
අදි වේගී මාර්ග පිළිබඳව විතරක් නෙවෙයි නීතියක් ක්‍රියාත්මක කරන පිළිවෙල ගැනත් බලදාරින් දැනුවත් විය යුතුයි. උදාහරණයක් විදිහට කැනඩාවේ මාර්ග නීති කඩකළ දඩ මුදල් ගෙවන්න දින 21 කාලයක් ලැබෙනවා. මෙම කාලය තුල විරුද්දත්වයක් තිබේ නම් දැන්විය යුතුයි. දින 21 ගිය පසු දඩය යම් ප්‍රවිෂ්ඨයකින් වැඩිවෙනවා. එය ගෙවීමට මාසයක කාලයක් ලැබෙනවා. විරුද්දත්වයක් ප්‍රකාශ කලානම් නීතිය අනුව කටයුතු කල හැකියි. වාහන බලපතුය රජයට ගත හැක්කේ ඉතාම නීති විරෝදී ආකාරයේ සිදුවීමකදී අවසානයේ උසාවි නියෝගයකින් පමණි. මම හිතන්නේ ලංකාවේ මුලින්ම සිදුවන්නේ එයයි. මානව හිමිකම් කියලා දෙයක් අපේ මිනිස්සු අහලවත් තියෙනවද මන්දා.(නදී)
මේක යකාගේ නීතියක් නේ. සල්ලි දීල ගිහින් තව දඩත් ගෙවපල්ලකො.(දී)
ඕන කෙනෙක් 110-120 ට වගේ තමයි හයිවේ එකේ යන්නේ, ඉන්දීයන වාහන වල ආරක්ෂාවට දාපු නීති නිසා හයිවේ එකේ යන අය සෑහෙන අඩු වෙයි, මම යන්නෙත් නෑ අයි (දී)
ඉතා හොඳ ප්‍රවනතාවක් මෙන්ම කොන්ද පන තියෙන වැඩක් . කරන්න පුලුවන්නම් හැමදාම. ලියනගේ ගේ අදහස දැක්කම පුංචි කෙන්තියකුත් ආවා අයි අපේ මිනිස්සුන්ට නීති ගරුක වෙන්න බැරි කියන එක ගැන. අපි හිතමු එක ඒ දක්ෂිණ අධි වේගී මාර්ගයේ වේග සීමාව අය කියා. මොකද අධි වේගී මාර්ගය කියන්නේ අපිට ඕන වේගය නෙවෙයි. අදාළ ධාවන තීරුවේ සඳහන් අවම හා උපරිම වේග අතර ගමන් කිරීමයි අවශ්‍ය. මම නම් දකින්නේ අපේ මිනිස්සු තාම අදිවේගී මාර්ග වලට හුරු මදියි කියලා. මනුස්ස ඝාතන 50-60ක් කරලම ඉගෙන ගනිමු කියන මානසිකත්වයෙන් ඉන්නවනම් එහෙම කරලම බලමු. විකල්පයක් නෙහෙනේ. (දී)
මේ වැඩේ අප සියලුදෙනාග් ආරක්ෂාවට නේ . මේ දේ අපි අගයමු.
බොහොම හොඳ දෙයක්,අකමැති අය අතුරු පාර වලින් යන්න. (දී)
ජැන් නිකන් මෝඩ කතා කියන්න එපා. රට එන හැමෝම මොකද රටට සල්ලි එවන්නේ අපි. කොන්ද පන නැති කමකට නෙවේ.ඕගොල්ලෝ වගේ. (ස)
Rs 150,000.00
ගිහාන් සහ ලියනගේ ට ලංකාවේ කිසිම පාරක යන්න බැරි වේවි අනික් පාරවල් වල 50 සහ 70 සිමා පන්නුවත් වෙන්නේ ඕකම තම.
රියදුරන් මේ අලුත් නීතිය ගැන තව දැනුවත් කල යුතුය්. එක පාරට මේක දාපු නිසා සමහර අය මෙය නොදන්නවා වෙන්න පුළුවන්, (දී)