දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැප්ම ඇත් කඳුර ප්‍රදේශයේදී අද උදේ හතට පමණ සිදුවු රිය අනතුරකින් වාහනයකට හානි සිදු වු නමුත් එහි ගමන් කළ ඕලන්ද ජාතික කාන්තාවන් දෙදෙනෙතු බේරී ඇතැයි පොලිස් ආරංචි කියයි.
පාරේ මායම් කණු 33 ක් කැඩී ඇත.
ඡායාරූප ජනත් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන රටෙත් අධි වේගේ යකඩ තමයි දාන්නේ. වාහන වලට සුළු තුවල වෙන්න තමයි එහෙම කරන්නේ.(නදී)
ඔය කාර් කොම්පැනිය අයිති අයත් අනතුර වෙච්ච හරියේ නේද? (නදී)
ෂුවර් එකටම රියැදුරාව බලෙන් යවන්න ඇති ඔය ටුවර් එක. (නදී)
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳ නැහැ.(නදී)
වාහනයට එතරම් බරපතල තුවාල පෙනෙන්ට නැහැ. පාරේ කණු 33 ක්ම කැඩිලා. මේ කණුවල ප්‍රමිතිය ගැන මට බලවත් සැකයක් තිබෙනවා. කාර් එකක් හැප්පිලා මෙහෙම නම් බර වාහනයක් හැපුනොත් මොකද වෙන්නේ.(නදී)
මෙයාලට වම දකුණ මාරුවෙලා, (අ)
එත කොට වාහනේ රියැදුර කවුද (අ)
බරපතල අනතුරක් මගීන්ට වත් වාහනේටවත් කිසිම දෙයක් වෙලා නැහැ රට්ටු හිනස්සන කතා (අ)
දස්තතිර් , ඔය වැරදි මම කියවපු සඟරාවක් දැක්ක ඔස්ට්‍රලියාවේ තියෙන ආරක්ෂිතම මාර්ග තමයි එරටේ තියෙන අධිවේගී මාර්ග කියල , අපිට වාහන් ලැබුන තරමටම ආරක්ෂිතව රිය හසුරුවීම පිළිබඳ දැනුම මදි මේ හුඟක් අනතුරුවලට හේතුව මේකයි , අපේ රටේ සිදුවෙන බහුතරයක් අනතුරු වලක්වාගතහැකි එවයි , (අ)
පාරේ මැදට ආසන්න මං තීරු ඉතාමත් ලඟ වැඩි. බැරිවෙලාවත් වැරදීමක් සිදු උවහොත් අනික් පැත්තට යාමට බොහෝදුරට ඉඩතිබේ. මේ සදහා හදිසි නැවතුම් මං තීරුවක් හෝ ගස් සහිත තීරුවක් තිබිය උතුය. මෙම යකඩ වැට රියදුරාගේ ඇසට බාදාවකි. මම අදිවේගී මාර්ගයට ඉතමත් කැමති නමුත් මෙය අඩුවක් සේ මට පෙනුනි. (අ)
ඕලන්දේ අයට මෙහෙ කාර් එලවන්න පුලවන්ද? ලයිසන් ප්‍රශ්නේ කොහොමද? (නදී)
ජයා හරි. ඕස්ට්‍රේලියාවේ රියදුරෙක් වෙන එකත් ලේසි නෑ. අවුරුදු කීපයක් යනවා නවකයෙකුට සම්පුර්ණ රියදුරු බලපතක් ගන්න. මිනිස්සු හරි විනීතව පාරේ යන්නේ. මාර්ග නීති පිලි පදිනවා බොහෝ දෙනා. අදි වේගී මාර්ග වල යන්නත් මානසික ලැහැස්ති වීමක් හා පුහුණුවක් ඕනේ. (නදී)
අදිවේගී මාර්ග වල රිය පදවා පුහුණුවක් නොමැතිකම කම නිසා වෙන්න ඇති මේ වගේ අනතුරු සිදුවන්නේ. (අ)
ඕලන්දේ අධිවේගී මාර්ග නැතුවා වත්ද අපේ රටේ වගේ.(නදී)
මොන රටක වුවත් මෙවන් අධිවේගී මාර්ගයේ අනතුරු සුලබයි...ලංකාවේ ඔය මායම් කණු යකඩින් දානව වෙනුවට කොන්ක්‍රීට් කණු දාල තිබ්බොතින් ඔයදෙ ප්‍රශ්නයක් කරන්ගන්නට නොවුනා වෙන්නට තිබුනා..(අ)
ලංකාවේ ඔය මාර්ගයට අධිවේගේ කියනවට මම හරිම අකමැතියි ආරක්‍ෂිත මාර්ගය විය යුතුයි (අ)