IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අදානි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න බැරි වීම කනගාටුවක්

(අංජුල මහික වීරරත්න)

මන්නාරමේ අදානි සමාගමේ  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අදාළ පාර්ශවකරුවන් ඉන්දීය ආයෝජකයින් ඇතුළු ශ්‍රී ලංකා රජය දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

මෙම තත්ත්වය  අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා බාධාවක් වනු ඇති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන තම කනස්සල්ල පළ කරන බව සඳහන් කළේය.

තම රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. විද්‍යුත් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

ඉන්දියන් සාගරය කේන්ද්‍ර කර ගනිමින් ආසියාව දෙසට ගෝලීය බල පෙරළියක් වෙමින් පවතින බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කළ යුතු බව කීය.

 

 



අදහස් (30)

අදානි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න බැරි වීම කනගාටුවක්

යෝගා Sunday, 23 March 2025 01:46 PM

බොරු කන්දරාවක පිහිටෙන් පාවෙලා ආපු පොල් කෝම්බ 160ක් වෙච්චි මේ ආණ්ඩුවෙන් දුර දිග බැලීමක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ මෝඩයින්ට තියෙන්නේ උපතින්ම පිහිටපු ඉරිසියාවයි, කුහකකමයි, සමාජ වෛරයයි විතරයි. ඒවායින් ආර්ථිකය හදන්න පුළුවන් කියලා සමහරු තාම හිතනවා...

:       130       36

RifanSunday, 23 March 2025 02:42 PM

යෝගා.- දැන්වත් ඔබ ඔය කුහක. ඊර්ශ්‍යා සහ වෛරීය ආකල්පවලින් බැහැරව විවෘත මනසින් මෙතෙක් රටේ සිදුවුණේ කුමක්ද? දැන් රටේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? කියා බලන්න. අඩුම තරමින් තමන්ට නැතත් තම පරම්පරාවට රටක් ගොඩනැගෙමින් තියෙන බව පෙනේවි. හැබැයි ඒක දකින්න නම් කාටවුණත් යහපත් නිරෝගි මනසක් අවශ්‍යයි.

:       24       112

ප්‍රියන්තSunday, 23 March 2025 04:55 PM

රිෆාන්, ඔබ හරියටම හරි. ඒත් එවැනි දෙයක් තේරැම්ගන්න තරම් වූ තාර්කික බුද්ධියක් ඒ පුද්ගලයාට නැහැ. ඔහු ගැන අනුකම්පා කරනවා හැර වෙන කලහැක්කක් නැහැ...

:       18       68

ලලනිSunday, 23 March 2025 08:00 PM

මේ යෝගා කියන පුද්ගලයාගේ කමෙන්ට්ස් කියවන්න අප්පිරියයි.

:       11       38

pjMonday, 24 March 2025 06:39 AM

බබා හම්බවෙන මුල් කාලයේ අප්පිරියාව හෙමිහිට ඇරිලා යාවි. ප්‍රශ්න පටන් ගන්නෙ තාත්ත දරැවගෙ මුහුණ අදුන ගත් දවසටයි....

:       4       5

sena Sunday, 23 March 2025 02:15 PM

තර්කිකත්වය? සරලයි ඔයා ඔයාගේ වාසියට වැඩි ගානට කැමැති විච්ච ඒවා, රටේ යහපතට සාකච්ඡා කරලා මිල අඩු කරගන්න උත්සාහ කරනවා.

:       20       70

විකුම් විදුර Sunday, 23 March 2025 02:27 PM

සල්ලි විකුණන අම්මාව විකුණන දේශපාලන හිඟන්නෝ තාමත් ඉන්නවා මේ පේන්නේ නැද්ද කරුමයක්..?

:       15       60

සත්‍යපාල Sunday, 23 March 2025 02:35 PM

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රනිල් ගත්තු කොමිස් මුදල දැන් ආපසු දෙන්න වෙනවා. නැත්නම් අදානිගෙන් අම්බානකට කන්න වෙනවා. රනිල් දැන් ලොකු අමාරුවක වැටිලා."ගලේ පහරපු බළලා" වගේ වහගන්න බැරුව ගඳ ගහනවා.

:       26       69

පම්පෝරි ජනක Sunday, 23 March 2025 03:09 PM

මහා බැංකු අධිපතිකමට සින්ගප්පූරුවෙන් ලෝක හොරෙක් හොයන් ආපු, පොලිස්පති කමට පාතාල අපරාධ කාරයෙක් පත් කරපු මිනිහ ගෙනන ආයෝජකයෝත් ඒ වගේම තමයි, මෝඩි පහුගිය දවස් වල ගෙන්නාගෙන ඔලුව අත ගගා ඕක කොහොම හරි කොරවලා දෙන්න කියන්න ඇති...

:       15       62

Mahinda Sunday, 23 March 2025 03:31 PM

රටේ ජනතාව ජා:ජ:බ:වේගයට ඡන්දය දුන්නේ කුජීත ඔයාලාගේ වැඩ පිළිවෙලවල් ඉදිරියට ගෙනයන්න නොවෙයි... ඒත් එය රටට වැදගත් නම් ඉදිරියට යයි. ඔය ආකාරයටම විකුණන්න ගිය මිල්කෝ දැන් ගොඩ. ඒක නිසා ඔයා දැන් වැලිකඩ ගියාම ඉන්න විදිය අභ්‍යාස කරන්න නැත්නම් දේශබන්දුට වගේ වේවි. අනික මගුල් ගෙදරකට ඇරපු අර්ජුන්ව ආපසු ගෙන එන ක්‍රියාමාර්ගයක් ගැන යෝජනාවක් කරන්න බැරිද?

:       16       58

බණ්ඩාMonday, 24 March 2025 03:12 AM

ජේ.වී.පී .කුහක හැත්තට ළඟදීම ඇඩ්‍රස් නැතුව යන්න වෙන බව අද කියනවා. ලෑස්ති වෙලා හිටපල්ලා.

:       12       4

Mohan Mangala Mapa Sunday, 23 March 2025 03:38 PM

පින්හාමි ඔබට පොහොර සංස්ථාව වික්ක එක ගැන කණගාටුවක් නැද්ද?

:       10       48

ගුණරත්න Sunday, 23 March 2025 04:02 PM

වැඩ කරන්න නොවෙයි, බණින්න කිව්වා නම් මේ ආණ්ඩුව යසට ඒ වැඩේ කරනවා.

:       46       15

සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:14 PM

එකක් කියන්නකෝ..., ගෝලයෝ කියනවා රනිල්ගේ ප්‍රතිපත්තියම ගෙනියනවා කියලා, ගෝලයෝ විතරක් නොවෙයි පරණ ගෝල බාලයෝත් පාර්ලිමේන්තුවේ වැළලෙන්න හදනවා. රනිල්ගේ පාරෙම යනවා කියලා, දැන් මෙයා වැඳ වැටෙනවා... මම ගියපු පාරේම යන්න කියලා, පිස්සු හැදෙන සඳ කිව්වාලු.

:       10       36

Bud Sunday, 23 March 2025 04:34 PM

තාමත් ආණ්ඩුව පොහොර, සබන්, පොල්තෙල්, මාළු විකුනන්න ඕනෑ කියලා හිතන මිනිස්සු එක්ක ගැඹුරු භූ-දේශපාලන කතා කියලා වැඩක් නෑ...

:       23       11

සිල්වා Sunday, 23 March 2025 05:01 PM

ඊයේ ඉඳලා අපි අපේම වැඩසටහනට වැඩකරනවා. සීයා ගෙනාපු අයි.එම්. එප්. එක සමන් විද්‍යාරත්න ප්‍රධාන කණ්ඩායම ලවා මට්ටු කරනවා. නැත්නම් පයින් ගහලා එළවනවා. ඉන්ධන මිල 160/= න් අඩුකරනවා.

:       14       18

Mahajanathawa Sunday, 23 March 2025 05:14 PM

ඇත්තටම, ඔවුන්ට ඔබේ උපදෙස් අවශ්‍ය නැහැ. ඔවුන්ට රට හොඳ තැනකට ගෙනියන්න දෙන්න.

:       10       30

Nalaka Sunday, 23 March 2025 06:07 PM

අදානිට වැඩිපුර ගෙවන ගාන, පින් හාමි ගෙදරින් ගෙනැල්ලාද ජනතාවට ගෙවන්න. එළියට දැම්මත් හොර හිත මොවුන්ගේ...

:       9       34

Dayan Sunday, 23 March 2025 07:41 PM

මේ ගස්මාමා අටවපු උගුල්වල දිගටම යන්න කියන්නේ. යුනිට් එක ඩොලර් 0.084 ගානේ ගන්නලු...

:       5       19

Amal Sunday, 23 March 2025 09:17 PM

මල ඇඩියාවක්නේ කජු සීයාගෙන් තියෙන්නේ....! ඔය ප්‍රොජෙක්ට් එක කළා නම් කියයි , රට ඉන්දියාවට දෙනවා කියල....

:       2       6

පුරවැසියන් Sunday, 23 March 2025 10:06 PM

මේ සීයෙ කාපු කජු මදිවට දාපු ගැට උප්පරවැට්ටි බොරු සෝබන ජාත්‍යන්තර කතා දැං විකුනගන්න බෑ .ඒවා පිලුනු ගදයි දැං .සාගලවත් එක්ක පැත්තකට වෙලා ඉන්නවද වද නොදී තවත්

:       2       4

රුක්මාල් Sunday, 23 March 2025 10:31 PM

අනේ..මේ අවලංගු කාසිය... වැඩක් බලාගනින්

:       2       5

Ratna Senanayake Monday, 24 March 2025 12:14 AM

මේ හොරා කල් ඉකුත් වෙලා. එයා කියන දේ කරන්න එයාට අවුරුදු 50ක් තිබුණා. ඒ කියන්නේ, ඔයාගෙ හිරේ කාලය ඉවර වෙලා නේද?

:       3       4

Nishan Monday, 24 March 2025 03:49 AM

ආන්ඩුවට එකදු විදේශ ආයෝජනයක් නෑ. එන්නෙත් නෑ, එන්නත් බයයි. රටේ එදිනෙදා වියදම් පියව ගන්නේ දේශීය ණය වලින්. මාස 6 ට බිලියන 5000 ත් පැනලා.

:       5       4

අන්දරේ Monday, 24 March 2025 06:42 AM

පැලවත්තෙ පඩියට ලියන කට්ටිය රනිල් දැක්ක ගමං කුලප්පු වෙනව.අවුලක් නෑ කීයක් හරි හම්බකර ගන්නත් එපෑ.

:       6       9

පොඩිඑකාMonday, 24 March 2025 11:15 AM

අන්දරේ..., ඔයාගේ වාසගම ‘යෝගා’ ද?

:       5       3

තබුත්තේගම අන්දරේMonday, 24 March 2025 03:21 PM

මගේ වාසගම දිසානායක පොඩි එකෝ.

:       3       3

Adani Monday, 24 March 2025 07:57 AM

සීයෙ ඔයාට කළුපොල් කැවිලද ? උඹ වගේ උන් මෝඩ නැහැ. උන්ගේ කනින් රිංගන්න ලේසි නැහැ.

:       7       6

Bunny Preena Monday, 24 March 2025 09:29 AM

අපේ කණගාටුව, ඔබ හොඳ හා වැදගත් පුද්ගලයෙකු ලෙස සිතා ඔබට රැවටීම ගැන. ඔබ අපරාධ රැසකට දායකත්වය දී ඇති බවට කරුණු හෙළිවමින් තිබේ. ඔබේ නිරදෝෂිතවීම කිසිම සැකයක් නොතබා ඔප්පු කරන්න. නැතිනම්, මට කියන්න තියෙන්නේ ඔබලා වගේ පාලකයින් අපේ රටට මහ ශාපයක් සහ ඔබවන් රටක් පාලනය කිරීමට නුසුදුසු බවයි.

:       5       6

Rata Perata Monday, 24 March 2025 01:35 PM

පැරදිලා පැරදිලා දැන්වත් ගෙදර හිටපන්කෝ.... පුදුම කරුමයක් මේ මනුස්සයා

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 612 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1102 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 611 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 891 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1439 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 652 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1304 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 401 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site