
( මහින්ද නිශ්ශංක )
පිටපළාත්වල ලංකා සතොස අළෙවිසැල් මගින් අද(6) සිට පාරිභෝගිකයන්ට නාඩු සහල් හා පොල් අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.
ඒ අනුව පාරිභෝගිකයෙකුට එකවර රුපියල් 220 බැගින් සහල් කිලෝ පහක් සහ රුපියල් 130 බැගින් පොල් ගෙඩි තුනක් ද ලබා ගත හැකි බව ඔහු සඳහන් කළේය.
සහල් හා පොල් සතොස හරහා පාරිභෝගිකයින්ට අළෙවි කිරීම ඊයේ (5) කොළඹින් ආරම්භ කළ බවත් සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුදය කියන්නෙ ඒකටද?
පොල් සහ සහල් හිඟය ව්‍යාපාරකයින් විසින් කෘත්‍රිමව මැවූ එකක්. ඒක තමයි අපේ රටේ මෙච්චර කාලයක් කරගෙන ආපු ක්‍රමය. මාලිමාව පවා මේවා කරන්න සහාය වුණා ඉස්සර. කවුරු කළත් නරක දේ නරකයි. මේ තුළින් සතොස නැවත හොඳින් දියුණු කරගන්න අවස්ථාවක් හැදෙනවා. සතොස තමයි සියලු සුපිරි වෙළඳසැල්වලට අභියෝගයක් දෙන්න පුලුවන් එකම රාජ්‍ය ආයතනය.
ඔන්න විපක්ෂයට පෝලිම්වල පින්තූර දාන්න අවස්ථාවක්. හැබැයි රජය සත් සිතින් ජනතාවට සහනයක් ලෙස මේක කරන බවයි පේන්නේ. මෙම සියලුම ප්‍රශ්ණවලට මුල පැවති රජයන් එවෙලෙට මිට ගසා වැඩ කිරීමයි. ලබන වසරවල මෙම තත්වය උදා නොවීමට රජය කටයුතු කළ යුතුය.
ආණ්ඩුවේ තීරණ ගැනිමේ මන්දගාමී ස්වභාවය මෙතැනදි පෙන්නුම් කෙරුවා. සහල් ප්‍රශ්නය ගැන දැනගත් මොහොතේම සහල් ආනයනයට පියවර ගත්තා නම් අද ප්‍රශ්නය විසඳිලා, පොල් ප්‍රශ්න වුණත් එහෙමයි රටේ අවශ්‍යතාවයට පොල් නැත්නම් පහුගිය ආණ්ඩුවලට බැන බැන ඉන්නේ නැතුව අවශ්‍ය පොල්ගෙඩි ප්‍රමාණය ආනයනය කරන්න ඕනෑ.
ජේ.ආර් තුරන් කළ පෝලිම් නැවත ගෙනා 69 ලක්ෂයට ජයවේවා...!
හොඳ වෙලාවට ජෙප්පෝ බත් කන්නේ නැහැ.