එච්එන්ඩීඒ සිසුන්ගේ ගැටළුව විසඳීම සදහා පත්කරන ලද කමිටුව හා අන්තර් උසස් ජතික ඝණකාධිකරන ඩිප්ලොම පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ නියෝජිතයන් අතර විශ්ව විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (04) පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව නිමාවූ බව ශිෂ්‍ය එකමුතුව පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනය අපේ රටට අවශ්‍යයි. නමුත් එය දිය යුත්තේ දක්ෂ නමුත් ඇත්තෙන්ම අදායම් අඩු පවුල් වල අයට පමණි. පවුලේ අදායම අනුව අධ්‍යාපනයට අය කිරීමේ ක්‍රමයක් සැකසීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහ වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව ලැබෙයි. ඒ වගේම හැකි තරම් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරීමට ලබාදී යූජීසී එකෙන් ඒවා නියාමනය කීරීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව පාලනය කල යුතුයි. එතකොට ඔය පාරදිගේ යාම නවත්තල ඉගෙන ගනීවි. (ස)
මැරෙනතුරුම තමන්ගේ නඩත්තුව අනෙක් මිනිසුන්ට පටවන්න කැමති අයත් ලංකාවේ ඉන්නවා. තව ටික කලක් යනකොට රටේ වැඩිහිටි ජනගහණය වැඩිවෙලා බදු ආදායම අඩුවේවි. මේ රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
හැමදාම අපි දුප්පත් කියා කියා ඉඳලා වැඩක් නැහැ. අපේ කාර්යාලයේ පියන් රෑට ඉංග්‍රීසි සහ ගිණුම්කරණ පාඨමාලා පන්ති යනවා. බලන්න උනන්දුව. එයා සොච්චම් පඩියෙන් පාසල් යන නංගිලා දෙන්නෙකුත් නඩත්තු කරනවාලු. මේ ළමයින්ට බෙඩ් ටි එකේ සිට අම්මලා අතට දීලා ආන්ඩුවෙන් මහපොළ දීලා ඉගෙන ගන්න විතරයි නේද තියෙන්නේ ? මොකද මේ අපිට වගේ දරු පවුල් නඩත්තු කරන්න තියනවාද ? (ස)
දැන් මෙතන ඉන්නේ වැඩි වැඩියෙන් ශිෂ්‍ය ආධාර ලැබිය යුතු තරම් අසාධ්‍ය ආර්ථික තත්වයේ ළමයි කියලා පේනවාද ? සමහරු ඇඳන් ඉන්න ඩෙනිමක් ගන්න අපිට පඩි දෙකතුනක් එකතු කරන්න ඕන (බ)
අර කිව්වත් වගේ මේ හැබෑටම උසස් අධ්‍යාපනය ලබන සිසුන්ද..? අනේ මන්දා ළමයිනේ, නුඹලාට ඉගෙනගන්න සල්ලි වියදම් කරන්නෙ අපි. නුඹලාට තියෙන්නෙ ඉගෙනගන්න. තුෂාර කියපු එකට මමත් එකඟයි. හැමදේම අතට ගෙනවිත් දෙනතුරු ඉන්නවා. (නි)
රනේෂ් විතරයි මෙතන හරි අදහසක් පළ කළේ. මොකද රටෙන් අපිට පෙර අපෙන් රටට විය යුතුයි නේද? මේක හැබැයි රටේ දේශෙපාලක තුමාලටත් වලංගු වෙන්න ඉන මොකද ඒ අය පාර්ලිමේන්තු ගිය දවසේ ඉඳන්ම කරන්නේ එකතු කරන එක සහ හොරකම් කරන එකනේ.මා පෞද්ගලිකවම දන්නා පරිදි ඒ ගණයට වැටෙන්නේ නැති නීති ගරුක අයත් නැත්තේම නොවේ ඒ හොරණ විදුර වික්‍රමනායක මන්ත්‍රී තුමා වැනි නිහතමානි අය. (ම)
මේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයොද? මට වැරදුනාවද්ද? (නි)
වැදගත් සාකච්ඡාවකට මිට වඩා සංවරව හැඳ පැළඳ අවා නම් කොතරම් අගේද! එයින් ඔබේ අධ්‍යාපන මට්ටමත් ප්‍රදර්ශනය වෙනවා....(රේ)
හැසිරීමටද ඇඳුම් පැළඳුම් වලටද ප්‍රමිතියක් අවශ්‍ය බව මම සිතමි. එවිට ප්‍රමිතියකින් ඇතුව සාකච්ඡාවද කෙරෙනු ඇත (නි)
මේ ඉන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. ඇඳුම ගැන හොයන්න කලින් මේ අයගේ ඉල්ලීම් ගැන බලමු. (නි)
අනේ මන්දා මේවා! (නි)
මමත් ලංකාවේ සරසවි අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මොවුන් ඉල්ලන ඉල්ලීම් වල සාධාරණත්වයක් තිබෙනවා. ලංකාවේ මිනිස්සු පුදුම විදිහටනේ සරසවි සිසුන් ගැන හිතන්නේ. (නි)
දැන් කතා ඇති! ඔයාලගේ වැඩ නැහැනේ... (නි)
මේකටත් බාලගිරි දෝෂයද? (නි)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
මොකද්ද සාධාරණත්වය? අර රනේෂ් කියනවා වගේ තමන්ගේ හිතේ හත්තියෙන් රෝහලක ශ්‍රමදානයක්, දැනුමෙන් අනාථ ළමයින්ට පැයක් දෙකක් උගන්වන්න මොකද බැරි? (නි)
ශානි , එතකොට අපි කොහොමද මේගොල්ලන් ගැන හිතන්න ඕන ? අපි පුද්ගලික අංශයේ වැඩ කරන ගමන් අපේ ළමයින්ට ගෙනියන කිරි පිටි පැකට් එකත් පැත්තකට දාලා මොවුන්ගේ අධ්‍යාපනයට යොදවන්න බදු ගෙවනවා. එකත් මදි වෙලා මස් රාත්තලම ඉල්ලනවා. (ස)
ඇයි සුමේධ , ඔයාට කොහොමද පෙනෙන්නේ? (නි)
අන්තෝ ජටා බහිජටා. (ස)
මේ ගොල්ලන්ගේ ඉල්ලීම් විතරයි. යුතුකම් නැහැ. වෙනත් රටවල උසස් අධ්‍යාපන සිසුන් ඉඩ ලැබෙන පරිදි සමාජ සේවා කටයුතු, ස්වේච්ඡා සේවයේ යෙදෙනවා. අපේ ළමයි පුරුදුවෙලා ඉන්නේ ඉල්ලන්න විතරයි. (නි)
අපොයි! මේ රටේ අනාගත උගතුන්ද? සියළුදේම දුන්නත් මේ කට්ටිය සන්තෝෂ කරන්න බැහැ. මහජන බදු මුදලින් ඉගෙනගෙන ඊළඟට යන්නේ බදුවලින් බේරෙන්න පුළුවන් ආණ්ඩුවේ රැකියාවකට. නැත්නම් පිටරට. (නි)
මේ ප්‍රශ්න වැඩිදුර ගෙනියන්න එපා දරුවනේ (නි)
මේ ළමයි බලාපොරොත්තු වෙන්නේ නිදහස් අධ්‍යාපනය විතරක් නම් මදෑ. රැකියාව දක්වා සියල්ල දෙන එක රටේ යුතුකම කියලා හිතන්නේ. හැබැයි රජයේ රැකියාවට ගියදාට සේවයක් පතාගෙන එන මහජනයාට කතා කරන්නේ බොහොම නරක විදියට. (නි)
දැන් මොනවාද මේ තවත් ඉල්ලන්නේ? (නි)
මම නම් කියන්නේ මේ ළමයින්ට තමන්ගේ ශිෂ්‍යාධාර පහසුකම් වෙනුවෙන් පෙරළා රටට යමක්දීම අනිවාර්ය කරන්න ඕනෑ. සෑම සිසුවෙකුම සතියකට වරක් යම් සමාජ සද්කාරයක් ස්වේච්ඡා සේවයක් කරන්න සළස්වා ඒ වැඩේ හරියට කෙරේදැයි නිරීක්ෂණය කරන්න ඕනෑ. නැත්නම් නිකම් ලැබෙන දේවල් වල අගයක් නැහැ (නි)
මේ ළමයින්ගේ මව්පියන්ටවත් මෙයාලා පාලනය කරගන්න බැරුව ඇති කියලා මට හිතෙනවා. (නි)
නම විතරක් "උසස්" අධ්‍යාපනය වෙලා වැඩක් නැහැ. වැඩත් උසස් වියයුතුයි. රටේ අධ්‍යාපනය ගැන තීරණ ගන්නේ රජය මිසක් ඔයාලා නෙමෙයිනේ. එම තීරණ ගන්න රජයට බොහෝ කරුණු කාරණා තිබෙනවා. (නි)