‘වර්තමාන පාලනය මුළු මහත් සමාජයම බරපතල නොසන්සුන්තාවයට පත්කරලා. විවිධ අංශ වල ගැටළු මතුවෙලා තිබෙනවා. අද විසිල් එක ගහලා මහා පාරට මිනිස්සු ගේන්න පුළුවන්. ඒ තරමට වර්තමාන ආණ්ඩුව රට අවුල් කර තිබෙනවා‘ යැයි පළමු පෙරමුණේ කැඳවුම්කරු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා අද (7) රාජගිරියේ පක්ෂ කාර්යාලයේ දී පැවැසීය.
‘ගොවියන්ට දෙන සහනාධාර වහාම වෙනස් කළ යුතුයි. ගොවියන් අතට යා යුතු මුදල් ගොවියන් අතට යන්නේ නැතිව මේක පොහොර ගෙන්වන ආයතනවලට යනවා. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික දර්ශනයේ දුගී බව අද දකින්න ලැබෙනවා‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චං! (නි)
මෙයා කියන්නේ මොකක්ද.(බ)
කිසිම ජන පදනමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කරපු අය දිනපතා මාධ්‍ය සංදර්ශන තියෙනවා. මොනවද මේ පලක් නැති කතා. (බ)
ශ්‍රිලංකාවේ දේශපාලකයන් වඩාත් සුදුසු වන්නේ රටක් පාලනය කිරීමකට වඩා ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව සඳහා බව බොහෝ විට පෙනෙන්නට ඇත. විසිල් ගහන්නට ජනතාවක්ද සිටීම රටේ අවාසනාවකි. සමහර වෙලාවකට රඟපාන අයත් විසිල් කරන අයත් මාරු වීමටද ඉඩ ඇත. (හේ)
අලුත් පෙරමුණක් කරලියට ඇවිත්.(හේ)
මේ කියන කතාව හරි (හේ)
ඒ අයගේ දේශපාලන මොකක් වුනත් කියන දේවල් ගැනනම් හිතන්න වෙනවා (හේ)
මේ අය දිනපතා රස්සාවල් කරන්නෙ නැති අයද? ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද? (බ)
කියන කෙනා කවුද කියල නෙවෙයි කියන දේ හරිද කියල බැලුවොත් තමයි වටින්නේ.ඇත්තටම අද වෙලා තියෙන්නේ මේ දේ නේද? (බ)
නම පළමු පෙරමුණ ඡන්දේ ඉල්ලපුවාම අන්තිම පෙරමුණ. කාලා ඉන්න බැරුව පිස්සු කෙළිනවා (බ)
අලුත් ක්‍රමය යටතේ මුදල් යන්නෙ ගොවියන්ට තමයි.මේ රට පටලගෙන කතා කරන්නේ. (බ)
කවුරු වුනත් කියන කතාවෙනම් ඇත්තක් තියෙනවා.(හේ)