අද හාමුදුරුවරුන් බොහෝ දෙනෙක් බණ කියනවා කියලා කියන්නේ බණ නොවේ.දේශපාලනය ගැන.එහෙම නැත්තම් දේශපාලනඥයින්ගේ ගුණදොස් යැයි අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා අනුරාධපුර හයලේ ගම අග්‍රාරාමයේ පිංකමකදී පැවසීය.
‘දැන් අපි බුදු දහමින් ඈත් වෙලා යැයි හිතෙනවා.එහි ඵල විපාකත් හැමදාම අසන්නට ලැබෙනවා.මිනී මැරුම්, දුෂණ කොල්ලකෑම් වැනි දේ අද ඕනෑ තරම් සිදු වෙනවා.මේ තත්වය අපට තවමත් තේරෙන්නේ නෑ.ඒත් අපි ලොකු අවදානමකයි ඉන්නේ. දරුවන් දහමට යොමු කිරීමයි එකම විසඳුම.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නේ පොදුවේ, පූජක පක්ෂය දේශපාලකයන් පස්සේ යනවා. එයාලට එයාලගේ රාජකාරිය අමතක වෙලා. ඊලග පරම්පරාවට දෙයියන්ගේම පිහිටයි.(නදී)
හාමුදුරුවන්ගේ බණට වඩා සිංහල ත්‍රිපිටකය හොඳින් පරිශීලනය කරන විට තමා තමාට සුදුසු ධර්ම සහ අවශ්‍ය ආකාරයට කෙලින්ම බුද්ධ දේශනාව කරා එළඹීමට හොඳින් අවස්ථාව ලැබෙන බව මගේ අදහසයි. මා විසින් පිටක වහන්සේලා ගෙදරටම වැඩමවා ගෙනවිත් පරිශීලනය කරමි. (ස)
ගුවන් විදුලිය, රූපවාහිනිය මෙන්ම පත්තර වලත් ඉතා හරවත් ධර්ම දේශනා නිරතුරුව ඇහෙනවා, දකිනවා. දේශපාලකයොයි, එයාලගේ හෙන්චයියොයි අතළොස්සක් කරන වැඩ නිසා තමයි රට පිරිහෙන්නේ. (නි)