
(අංජුල මහික වීරරත්න)
ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා නොමිලේ බෙදා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මෙම පොහොර තොගයෙන් වී වගාව සඳහා සියයට 50 ක්ද ඉතිරි සියයට 50 පොල් වගාව සඳහාද භාවිත කිරීමට ඉකුත් 9 වෙනිදා කැබිනට් මණ්ඩලයද තීරණය කළ තිබිණි.
සාමාන්‍යයෙන් එක් කන්නයක වී වගාව සඳහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000 ක් බැවින් පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන් සඳහා බෙදා හැරීමටද, ඉතිරිය පොල් වගාව සඳහා භාවිතා කිරීමටද ප්‍රමාණවත් බව අමාත්‍යංශය කියයි.
රුසියානු රජයේ Uralchem සමාගම විසින් මෙම මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර නිෂ්පාදනය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ආණ්ඩුව කාලේ ලැබුණා නම් ඔවුනොවුන් වැඩි ගාණකට විකුණලා ඒකෙනුත් ගසා කයි. සුනාමි ආධාර වලට වෙචිචි දේ ලෝකෙම දන්නවා...
නොමිලේ ලැබෙනවා (ප්‍රධානයන් වශයෙන්) නොමිලයේ බෙදා දෙනවා, නොමිලයේ ලැබූ පමණින් රජයක් විසින් කිසිවක් කිසිවකුට නොමිලයේ ලබාදිය යුතු නැත. නොමිලයේ ලැබීමෙන් පසු ගොඩබෑමේ සිට ගොවීන්වෙත ලබාදීම දක්වා සියල්ලට රජයට පිරිවැයක් (ප්‍රවාහනය සඳහා, ඉන්ධන සහ වෙනත්) ඇත. ලෝකයේ කිසිඳු දියුණු රටක පවා නොමිලයේ කිසිවක් ලබාදෙන්නේ නැත. ලංකාවේ සියලු පක්ෂවල දේශපාලකයින් පුරවැසියන්ට කිසිවක් නොමිලයේ ලබාදීමේ මෝඩ ප්‍රතිපත්තියෙන් මිදීමට කටයුතු කළයුතුවේ. (ගොඩ දැමීමට, දශක ගණනාවක සිට සෑම රජයක් යටතේම මෙම රට ගොඩ දැමීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් ඇත, ගොඩ දැමීම කෙසේ වෙතත් රටට ඉදිරි ගමනක් නම් නොමැති බවක් පෙනෙන්නට ඇත) පොහොර නොමිලයේ ලබාදීම වෙනුවට ඒ සඳහා රජයට වැයවන පිරිවැය හෝ ලබාගැනීමට කටයුතු කළයුතුවේ. ප්‍රධානයක් වුවත් එහි වටිනාකමක් තිබෙනා බව ගොවීන්ට දැනිය යුතුවේ...
මේ ප්‍රධානය මුළු ශ්‍රී ලාංකික ජනතාවටම ලැබුණු ප්‍රධානයක් මෙය අවශ්‍ය අයවලුන්ට ලබා දුන්නට මෙහි ප්‍රතිලාභ ලංකාවේ සෑම ජනතාවටම ලැබිය යුතුයි නැතහොත් අසාධාරණ ලෙස හාල් පොල් එළවළු වල මිල වැඩි කරලා එක කොට්ඨාසයකට විතරක් මෙහි ප්‍රතිලාභ ලැබීම ඉතාමත් ඛේදජනක සිද්ධියක් එනිසා මේක හරි නියාමනයක් තියෙන්න ඕනේ. වතුරත් නිකන් දෙනවා. පොහොර සහනාධාර දෙනවා. ආයි නිකන් ලැබෙන පොහොර දෙනවා ඊට පස්සේ වගාවලට ඒවට මොනවා හරි උනොත් ඒවටත් වන්දි ගෙවනවා අන්තිමට ජනතාවට හුළං තමයි
පොල් වගාවකට දෙන්නේ කොහොමද කියලා කියන්න සාමාන්‍යයෙන් ගෙවතුවල වගාවන්ටත් දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි..
කිසිම දෙයක් නිකම්ම දෙන්න ඕන නෑ. සාධාරණ මිලකට අලෙවි කරන්න. ඕනෑ අයට මිලට ගතහැකි විදියට. නිකම්ම දුන්නම ගොවීන් අතට වඩා හිතවතුන්ට බෙදාගන්න එක වලක්වන්න බෑ. ඉන්පසුව කලුකඩය නිර්මාණය වෙනව.... පිනට බෙදීමේ අවසාන ප්‍රතිඵලය පොල් ගහක් නැති අයට පොහොර සහනාධාරය ලැබීම....ආණ්ඩුව බැනුම් ඇසීම...
හොද වෙලාවට ඕක මාලිමාව ආණ්ඩුවට ලැබුණේ. සිලින්ඩර් මුත්තගේ පාලන කාලයේ ලැබුණා නම් සාගල, රුවන් ඇතුලු නඩය ඕක ගිලිනවා.