ගිගුරුම් සහිත තද වැසි ඇතිවුවහොත් අද රාත‍්‍රියේදී තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් විට අහස වළාකුලින් බරව පැවතීම නිසා වේගවත් යටි සුළං ධාරාවන් වර්ධනය වි පැයට කිලෝමීටර් 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර ටොනාඩෝ තත්ත්වයන් ද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ගොඩබිම මෙන්ම මුහුදු ප‍්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදීද අවධානයෙන් කටයුතු කළ යුතු බව එම ප‍්‍රකාශකවරයා ස`දහන් කළේය.
මීට අමතරව අකුණු අනතුරුද ඇති විය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
මේ අතර අද සවස ඇතිවූ ධාරානිපාත වැසි හේතුවෙන් කටුනායක බණ්ඩාරවත්ත ප්‍රදේශයට ටොනේඩෝ තත්ත්වයක් ඇතිවූ බව ප්‍රදේශවාසීහු කියති.
අයිස් වැස්සක්ද ඇතිව තිබූ අතර සුළං හේතුවෙන් නිවාස කිහිපයකට ද හානි සිදුව ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේ අප සැම රකිත්වා ....! (නි)
පැවති සුළි කුණාටුව නිසා සියඹලාපේ හන්දිය, බණ්ඩාරවත්ත හන්දිය, වඩුවේගම තිබු විශාල කටවුට් පවා විනාශ වී තිබෙනවා. (නි)
ඔය වගේ අනාවැකි කියන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට අවශ්‍යද? (නි)
සොපි, ලංකාවේ මිනිසුන් සිද්ධකරන අපරාධ හැටියට, දෙවියෝ අප අතහැර ගොස් ගොඩාක් කල්. (නි)
පමාවෙලා වැහපන් වැහි වලාවේ නො වැස්සොතින් අපි ඔක්කොම මුලාවේ. (ර)