IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අද මෙගා රැල්ල කලාවේ රසය නැති කරලා

ඔහු මේ දිනවල තිරගත වන ”ගාමනී” චිත‍්‍රපටය හරහා පේ‍්‍රක්‍ෂකයන්ට නොමැකෙන මතකයක් ඉතිරි කරමින් තම රංගන කෞෂල්‍ය විදහා පායි. සෑම සිකුරාදාවකම රාත‍්‍රී 8.30ට ජාතික රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වන Star Sri Lanka හිස්තැනක්?” ටෙලි නිර්මාණය ඔහුගේ කුළුදුල් අධ්‍යක්‍ෂණයයි. චරිතාංග රංගන ශිල්පියෙකු ලෙසින් පේ‍්‍රක්‍ෂකයන්ගේ සිත් දිනාගත් ඔහු ප‍්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාය. මේ ඔහු සමග කළ කතාබහකි. ”ගාමනි” චිත‍්‍රපටයේ ඔබේ රංගනයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද? ප‍්‍රතිචාර ඉතාම ඉහළයි. බලාපොරොත්තු වුණාටත් වඩා ගොඩක් හොඳයි. එහි ඔබේ චරිත වපසරිය ගැන කතා කළොත්? මම ඉදිරිපත් කරන්නේ ග‍්‍රාමාරක්‍ෂක භටයෙකුගේ චරිතයක්. ඒ චරිතය නිසි හමුදා පුහුණුව ලැබුණු පසු තමන්ගේ ශක්තිය පිළිබඳ විශ්වාසයෙන් නිසි දැක්මක් සහිතව ත‍්‍රස්තවාදයට එරෙහිව තම දායකත්වය ලබා දෙන අව්‍යාජ ග‍්‍රාමාරක්ක්‍ෂක භටයෙකුගේ චරිතයක්. ඔබ මීට පෙරත් ”සුළඟ එනු පිණිස” චිත‍්‍රපටයේ මෙවැනි චරිතයක් ඉදිරිපත් කළා. ඒ චරිතය හා මේ චරිතය අතර ඔබට තිබුණු අවබෝධය මොනවගේද? ඔව්, ඒ චිත‍්‍රපටයේ මම නිරූපණය කරන්නේ යුද්ධය ඇති නැති පරිසරයක එලොවටත් නැති මොලොවටත් නැති පුරුද්දට වගේ මකුළු දැල් බැඳුණු තුවක්කුවත් අරගෙන බංකරයට යන මලානික චරිතයක්. ඒත් ඒ ග‍්‍රාමාරක්‍ෂක භට චරිතය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඉතාමත් සංවේදී නිසි දැක්මක් හා අවබෝධයක් ඇති අව්‍යාජ චරිතයක්. ඇත්තටම එකම චරිතයක් තුළ ඇති වෙනස්ම තත්ත්ව දෙකක් පිළිබඳ තමයි මේ චිත‍්‍රපට දෙක තුළ කතා කරන්නේ. ඔබේ කුළුදුල් ටෙලි නිර්මාණ අත්දැකීමට රියැලිටි සංකල්පය යොදාගන්න අදහස් කළේ ඇයි? ඇත්තටම අද වෙනකොට රියැලිටි වැඩසටහන් සමාජයේ ජීර්ණය වෙලා. සමාජ පිළිලයක් වෙලා ඉවරයි. ලෝකේ හැම තැනම රියැලිටි වැඩසටහන් කළත් ලංකාවේ විතරයි ඒක විතරක්ම බදාගෙන ඉන්නේ. ඉතිං අපි හිතුවා ඇත්තටම මේ Star Sri Lankaහිස්තැනක්ද? එය පුරවන්න පුළුවන්ද කියලා කතා කරන්න  ඕනේ කියලා. ඒ විදිහට අපි කළ පොඩි විමර්ශනාත්මක උත්සහයක් තමයි Star Sri Lankaහිස්තැනක් ටෙලි නාට්‍යය. ඒ හරහා උත්සාහ කරන්නේ රියැලිටි වැඩසටහන් හාස්‍යයට ලක් කිරීමකටද? නැහැ, සාමාන්‍යයෙන් රියැලිටි වැඩසටහන් තුළ සිදුවෙන හාස්‍යයජනක සිදුවීම් ඉතාමත් සුන්දර හා සංවේදී විදිහට ටෙලි නාට්‍යයට යොදාගෙන තියෙනවා. ඒත් අපි මේ හරහා රියැලිටි වැඩසටහන් විවේචනයටවත් හාස්‍යයට ලක්කිරීමකටවත් කවුරුවත් කොනිත්තන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ප‍්‍රවීණ රංග ශිල්පියෙක් විදිහට අද ටෙලි නාට්‍යය කලාව ගැන මොකද හිතන්නේ? හිතන්න දෙයක් නැහැ. අද මෙගාරැල්ල ටෙලි නාට්‍යය කලාවේ රසය නැති කරලා දාලා. මේ නිසා පේ‍්‍රක්‍ෂකයින්ගේ රසවින්දනය මොටවෙලා ගිහින්. වැරැදි දේ හරි විදියට ප‍්‍රමිතිගත වෙලා. මිනිහෙක් මරණවට වඩා භයානකයි. රසවින්දනය මරණ එක. අද රංගනය පවා කිසිම හැදෑරීමකින් දැක්මකින් තොරව කරන්න ගිහින් හෑල්ලූවකට ලක්වෙලා සමහර ප‍්‍රවීණයෝ මෙගා නාට්‍යය විවේචනය කරමින් ඉඳළා පහුවෙනකොට මෙගා නාට්‍යවල පැල් බැඳගෙන වැඩ කරනවා. මේ සම්බන්ධයෙන් ඔබ මොනවගේ ප‍්‍රතිපත්තියකද ඉන්නේ? ඔව්. ඒක ඇත්ත. එදා තමන් විනෝදාංශයට රඟපානවා කියූ අයත් අද තමන්ගේ වාසියට වෘත්තිමය නළු නිළියන් බවට පත්වෙලා මෙගා නාට්‍යවල රඟපානවා. විනෝදයට මිනිස්සු රඟපාන්න පටන් ගත්තොත් ඒක විනාශ වෙලා යන එක පුදුමයක් නෙමේ. ඒත් මම රංගනයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම අවුරුදු ගණනාවක් ඒ පිළිබඳ අධ්‍යයනය කරපු කෙනෙක්. ඒ නිසා රංගනය කියන දේ මම කවදාවත් පාවා දෙන්නේ නැහැ. මේ තත්ත්වය සමඟ ක්‍ෂේත‍්‍රයට අලූතින් එන නවකයින්ට අත්වන ඉරණම ගැන මොකද හිතන්නේ.? නවකයෝ අතර දක්‍ෂයෝ ඉන්නවා. ඒත් ඒ දක්‍ෂතා කුරුවල් වෙනවා මෙගා නාට්‍යය නිසා. මොකද මෙගා නාට්‍යය තිබ්බා ගැහුවා එච්චරයි. රඟ පාන්නේ මොකක්ද කියලවත් හිතන්න ඔවුන්ට වෙලාවක් නැහැ. මේ නිසා අපේ නවකයන්ගේ දක්‍ෂතා පිළුණු වෙලා ගිහින්. ඒවා ගොඩ ගන්නවා කියන එක ලේසි නැහැ. මෙහෙම ටික කාලයක් ගියොත් මට හිතන විදියට ලංකාවට කලාකාරයෝ  ඕන වෙන එකක් නැහැ. කලාකාරයොත් පිටරටින් ආනයනය කළානම් හරි. චලානි හේරත්



අදහස් (0)

අද මෙගා රැල්ල කලාවේ රසය නැති කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site