ඇමරිකානු අපරාධී මෙන්ම හාස්‍යමය ගණයට අයත් සිනමාපටයක් වන %මාස්ටර්මයින්ඩ්ස්^ සිනමාපටය හෙට දිනයේ සිට එනම් සැප්තැම්බර් 30 දින සිට තිරගත වීම ආරම්භ වීමට නියමිතව ඇත. 1997 වර්ෂයේදී උතුරු කැරොලිනාවේදී සිදුවූ ලූමිස් ෆාර්ගෝ මංකොල්ල කෑම පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය "ජාරෙඩ් හෙස්" විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, තිර රචනය ක්‍රිස් බෝමන්, හබල් පැල්මර් සහ එමිලි ස්පීවේ විසිනි.
නිරන්තරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමෙහි නියැළී සිටින සාමාන්‍ය වැසියකු වන ඩේවිඩ් සිය පෙම්වතියගේ පෙළඹවීම මත එම මුදල් රැගෙන පළා යාමට පෙළඹෙයි. ඇය සමග තවත් සොරුන් කල්ලියක් සමග මෙම සොරකම සිදුකළද ඔවුන්ගේ රැවටීමට ලක්වන ඩේවිඩ් හට මෙම සොරකමේ සම්පූර්ණ වගකීම දැරීමට සිදුවෙයි. දරුණු ඛේදවාචකයට ලක්වන ඩේවිඩ්ගේ ඉරණම ඔස්සේ නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය වන "ඩේවිඩ් ස්කොට් ගැන්ට්" චරිතයට "සැච් ගැලිෆියැනකිස්" රංගනයෙන් දායක වේ. සෙසු චරිතයන් උදෙසා ඔවේන් විල්සන්, ක්‍රිස්ටීන් විග් සහ ජේසන් සුඩෙයිකිස් දායක වෙයි. මිනිත්තු 94ක කාල පරාසයක් ඔස්සේ දිවෙන මෙම සිනමා නිර්මාණය ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
අද දිනයේ සිට තිරගත වීමට නියමිත 'Masterminds'