දිවයිනේ නිරිත දිග කොටසට ලැබෙන වැසි ප්‍රමාණය වැඩි කරමින් පවත්නා කාලගුණ තත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කෙරේ.දිවයිනේ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්හි සෙසු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැකිය.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.